හෙරොයින් සමග තිදෙනෙකු වෙන්නප්පුවේදී අත්අඩංගුවට..

0
50

වෙන්නප්පුව කොළින්ජාඩිය ප්‍රදේශයේදි හා සිරිගම්පළ ප්‍රදේශයේ සිදුකල වැටලීම් දෙකකදි සැකපිට හෙරොයින් ලඟ තබාගෙන සිටි පුද්ගලයන් තිදෙනෙක්ව අත්අඩංගුවට ගත්බව වෙන්නප්පුව පොලිස් අපරාධ විමර්ශන අංශය පවසයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 36 , 24 හා 28 වයස්වල පසුවන පුද්ගලයන් තිදෙනෙකි.

ඉහත ප්‍රදේශවල මත්කුඩු හුවමාරු වන බවට පොලිස් බුද්ධි අංශ නිළධාරින්ට ලැබුණු තොරතුරක් පසුගිය 23 දින සිදුකල වැටලීම් දෙකකදි එම පුද්ගලයන් තිදෙනා සතුව තිබි කුඩා පැකට් කරන ලද හෙරොයින් මිලිග්‍රැම් 170 ක පමණ ප්‍රමාණයක් සොයාගත් බව පොලිසිය කීය. මෙම පුද්ගලයන් කාලයක සිට හෙරොයින් භාවිතයට ඇබ්බැහි වි සිටි පුද්ගලයන් බවට තොරතුරු හෙළි වු බවත් එක් අයෙක් හොරොයින් ලඟ තබා ගැනිම සම්බන්ධයෙන් අධිකරණයෙන් වැරදි කරුවෙකු වි සිර දඬුවම් ලැබ නිදහස් වි පැමිණි අයෙකු බව පොලිසිය පැවසීය. කොළින්ජාඩියේදි හෙරොයින් සමග අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනා හොර රහසේ මත්කුඩු භාවිතා කිරිමට ගිංඔය අසල ලඳු කැලැවට ගමන් කරමින් සිටි බවට ප්‍රශ්න කිරිමේදි තොරතුරු හෙළි වු බව පොලිසිය කීය. හෙරොයින් මෙම පුද්ගලයන් අතට පත් වු ආකාරය සොයා පරික්ෂණ අරම්භ කර ඇති බව පොලිසිය පැවසිය.

වෙන්නප්පුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක වසන්ත කුමාර මහතාගේ සෘජු මෙහෙයවිමෙන් උප පොලිස් පරික්ෂක ඊරියගොල්ල කොස්තාපල් වරුන් වන 21935 බන්දුල 68660 ඉන්දික 78749 ක්‍රිෂාන් 82197 බණ්ඩාර යන නිළධාරින් විසින් මෙම වැටලීම් කර තිබේ.

drugs

චන්දන ප්‍රනාන්දු