හෙල්මටතුත් නැතුව,පොලිසියටත් පාට් දාපු නගරසභා සේවකයා?

0
115

( 9.00am )පාලත් පාලන නීතිය කියල කියන්නේ තම හාම්පුතාගේ නීතිය කියල හිතාගෙන අවුරුදු ගානක් වැඩකරපු මිගමු නගර සභාවේ සෞඛ්‍ය කම්කරුවෙක්ව දේශපාලන වැඩ රාජකාරිය හැටියට කරල තිබුන හින්ද වැඩනවත්තල තිබුනේ.

⁣පස්සේ මෙයා පින්සේන්ඩු වෙලා ලියුම් කියුම් අරගෙන ආයේ වැඩපැන්නා.

මිනිහ කලින් හිටියේ මිගමුවේ ගෝඩ් ෆාදර්ගේ පාක් එකේ.දැන් මිනිහව මිගමු බස්ටැන්ඩ් එකට වැඩට දාලලු .එකට දැම්මේ ඇයි කියලත් ඇත්තටම ප්‍රශ්ණයක්.

මේ ගොබිලා ඊ⁣යේ උදේ 10.45 ට විතර හෙල්මට් එකකුත් නැතුව ටවුමේ යන කොට හතරමං හංදියේදි පොලිසිය නැවැත්තුවා.මේ මනුස්සය⁣ හිතන්න ඇති පොලිසිය වැඩකරන්නෙත් මෙයාගේ හාම්පුතා කියන විදියට කියල.ට්‍රැෆිස්  පොලිස් නිලධාරීයාගෙනුත් ගේම ඉල්ලුව.හරියට මිනිහට මිගමු ටවුමේ හෙල්මට් නැතුව වුනත්.යන්න එයාගේ දේශපාලන හාම්පුුතා⁣ වෙනම ලයිසමක් දීල වගේ කියල.

මෙන්න බොලේ ට්‍රැෆික් එකේ නිලධාරියට ටෝක් කරපු මේ කෝටිපති සෞඛ්‍ය කම්කරුවා ආයෙමත් හෙල්මට් එක නැතුව බයික් එකට නැගල චණ්ඩිපාට් දාල යන්න හැදුව.

එතන තිබුන වාහන තදබදේ නිසා ට්‍රැෆික් එකේ හාදයටත් වැඩේට නිසි ලෙස සලකන්න බැරිවෙන්න ඇති.

දැන් මේ කෝටිපති සෞඛ්‍ය කම්කරුවා වැඩකරනවද හෙල්ටම් නැතුව රවුම් යනවද අයිස් ගහනවද කියල විපරම් කරන සෞඛ්‍ය ලොක්කා කව්ද?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here