හෙළ රසකැවිලි රැක ගන්නා ‘හෙළ රස ‘ කැවුම්

0
505
hela rasa

????????????????????????????????????

උත්සව අවස්ථාවල ගෘහනියන් වඩාත්ම යුහුසුළු වන්නේ නිවසට එන අමුත්තන්ට රසවත් කැවිළි පෙවිළි සමඟ වටිනා සංග්‍රහයක් කිරීමටය. මේ සඳහා මීගමු ප්‍රදේශයේ වැඩියෙන් භාවිතා වන රසවත් කෑමවර්ග වන කේක් , පොල් කේක් වැනිදෑ වේ, නමුත් විවාහ මංගල උත්සව වලදී සම්ප්‍රදායික සිරිත් විරිත් මෙන්ම සම්ප්‍රදායික රසකැවිළි වර්ග  ‍සංග්‍රහ වලට සහ තේ මේසයට එක්කර ගනියි. වර්තමානයේ කැවුම් , කොකිස් , අතිරස වැනි කෑම වර්ග සකසා ගැනීමට හැකියාව ඇති කාන්තාවන් දුර්ලභය. සිටිනම් ගමකට එක් අයෙකු හෝ දෙන්නෙකි. ඹවුන් සොයාගැනීමට අපහසුවු විට එම අවශ්‍ය සපුරා ගත්තේ වෙළඳපොළෙනි.  නමුත් අද වනවිට මේවා වෙළදාම් කරන්නන්ද දුර්ලභය.
ගම නාගරීකරණය වී ඇත.  ලාභය සඳහා තම ව්‍යාපාර දියුණු කරනවා විනා සම්ප්‍රදායික වටිනාකම් රැකීමක් නැත. මෙවැනි පරිසරයක මීගමුව ජීන් හන්දිංයේ ඇති හෙළ රස කැවුම් නම්වු රසකැවිළි කඩය වැදගත්වේ. කුඩා ව්‍යාපාරයක් වුවද තම අවශ්‍යතා සඳහා රසකැවිළි රැගෙන යාමට මෙම ස්ථානයට විවිධ ප්‍රදේශ වලින් පැමිණේ.
මෙම ව්‍යපාරය පවත්වාගෙන යන චන්ද්‍රිකා මහත්මිය සමඟ කතාබහක යෙදුනෙමි.

” අපි මේ කැවුම් කඩය පටන්ගෙන අවු.20ක් පමණ වෙනවා. සීසන් කාලෙට 5ක් මෙහි වැඩ කරනවා. මමතමයි ඒ අයව පුහුණු කළේ. අපි අමුද්‍රව්‍ය ගන්නෙ නියමකරගත් තැන්වලින් පමණයි. අපේ නිෂ්පාදන වලට  හොද පිටි,හොද පැණි තමයි යොදා ගන්නේ.
ඒ නිසා අපේ නිෂ්පාදන පුස් කන්නෙ නෑ.
මොනවද හදන කෑම වර්ග ?
කැවුම්, අතිරහ, ආස්මී ,කොකිස් ,මුංකැවුම් ,අග්ගලා ,නාරංකැවුම් ,පැණි අළුවා ,කිරි අළුව, අපි හදනවා.කිලෝ 30ක හාල් ගන්නවා. සීසන් කාලෙට. සාමාන්‍ය  දවස් වලට කිලෝ 5ක 6 ක හාල් ගන්නවා. රස කැවිළි හදන්න.

සේවකයන් කි දෙනෙක් වැඩකරනවාද?
අපි ළග සාමාන්‍ය දවස් වල සේවකයන් 3 දෙනෙක් විතර සේවය කරනවා. උත්සව කාලයට 5 දෙනෙක් විතර වැඩ කරනවා. අපි සීසන් කාලෙට ඒ අයට රු.2000 ක් ගෙවනවා.අනිත් කාලෙට රු.800ර ක් දෙනවා. කෑමත් දෙනවා. ප්‍රවාහන පහසුකමුත් දෙනවා.

තමන්ගේ ජීවිකාව ලෙස පවත්වාගෙන යන මෙම සම්ප්‍රදායික කැවිලි කඩය සුළු ව්‍යාපාරයක් වුවද එමගින් සංස්කෘතික වටිනාකමක්ද සමාජයට එකතුකරන බව කිව යුතුය. මන්ද අපට නිතර දෙවේලේ ගතහැකි භාණ්ඩ සඳහා අවශ්‍ය වෙළඳසැල් සෑමතැනකම දක්නට තිබුණ ද මෙවැනි තැන් අඩුය.
ඒ නිසා ඹ්නෑම අවස්ථාවක කැවුමක කොකිසක රස බැලීමට මීගමුවේ මෙවැනි ස්ථානයක් තිබීම සතුටට කරුණකි.

DSC_0562
චන්ද්‍රිකා මහත්මිය

????????????????????????????????????


????????????????????????????????????
විමසීම් – 0776248960/o776471164


සටහන සහ ඡායා – සැම්සන් ඥානසිරි