හේමාස් ගණුදෙනුවේ මැද ඉන්නේ කව්ද ?

0
66

මීගමුවම මහනගර සභාවේ කම්කරුවන් 550 දෙනෙකු හට නගර සභාවෙන් දෙනු ලද සුභ සාධන වැඩසටහනක් ලෙසින් අත්‍යවශ්‍ය රුධිර පරික්ෂා කිරිම හේමාස් පුද්ගලික රෝහලේ මෙහෙයවිමෙන් පසුගියදා සිදු කරන ලදි.
මෙහිදි මතු වු ගැටළුව වුයේ මෙවන් ගණුදෙනුවක් ටෙන්ඩර් පටිපාටියෙන් තොරව සිදුවුයේ කෙසේද යන්නයි.
සාමන්‍යයෙන් උදැල්ලක් ගැනිමේදිත් ඒ වෙනුවෙන් මිළ ගණන් කැදවිමක් සිදුකළ යුතුව තිබුනද මිලියනයකට ආසන්න මහජන මුදලක් වැය කිරිමට ටෙන්ඩර් පටිපාටියෙන් බැහැර වුයේ ඇයි?
නගර සභාවට හේමාස් පුද්ගලික රෝහල ප්‍රවේශ වන්නේ කවුරුන් හරහාද??
දැනට මේ සම්බන්ධයෙන් වගකිවයුතු නිළධාරින්ගේ දෙදෙනෙක් ගැන සදහන්ය.
මේ සම්බන්ධයෙන් මීපුර වෙබ් අඩවියට අදහස් ඉදිරිපත් කරමින් කියා සිටියේ කොමසාරිස් තුමිය මේ සම්බන්ධයෙන් තමන්ගෙන් වෛද්‍ය විද්‍යාත්මක උපදෙස් පැතිමක් පමණක් සිදුකළ  බවත් තමන් ඒ උපදේස් පමණක් ලබාදුන් බවය..
මේ එක් අයෙක් කොමසාරිස්තුමිය වන අතර අනික් කෙනා වන්නේ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරියා.
මෙවන් ගැටළු සහගත තත්වයක් පවතින නිසාම පසුගිය මුදල් කාරක සභාව නිර්දේශ කර තිබුනේ මේ ගණුදෙනුව නගරාධිපතිවරයාගේ පුර්ණ අධික්ෂණයකින් පසුව මුදල් ගෙවිම් සිදුකළ යුතු බවය.