හේවුඩ් කලායතනයේ ගෙජ්ජි බැඳීමේ මංගල්‍යය

0
511

19025239_1874584439461990_4915065331779501152_oගම්පහ  හේවුඩ්  සෞන්දර්්‍ය  පාසැලේ  නවක  සිසුදරුවන්ගේ  භරත  නැටුම්  ශිල්පයට  අදාලව  එක්  කඩයිමක්වූ  ගෙජ්ජි  පැළඳවීමේ  උත්සවය ඊයේ  (  31දා)  මීගමුව  මුත්තු මාරි  අම්මාන්  කෝවිලේදී  පවත්වන  ලදී.මෙම උත්සවය  සඳහා පළමු වසරේ  සිට උසස්පෙළ  දක්වා  වසරවල  දරුවන්  40ක්  පමණ  පිරිසක්  සමඟ  දෙමව්පියන්ද  සහභාගී විය. ප්‍රථම  වතාවට දේවාර්ශීවාද  මැද  දෙවියන්  ඉදිරියේ   සිදුකෙරෙන  මෙම  ආගමික  කටයුත්ත  සරස්වතී  දේවියගේ  පින්තූරයක්  අභියස  මුත්තුමාරි  අම්මාන්  කෝවිලේ  පූජක තුමෙකු  අතින්  සිදුකරන  ලදී. ගෙජ්ජි  බැඳීම  අදාල  ගුරුතුමිය  විසින්  සිදුකරන  ලදී. මෙම   උත්සවය  සඳහා  මෙම  කෝවිලේ  ප්‍රධාන  භාරකරු  වනරාජේන්ද්‍ර චෙට්ටියාර්  මහතා ද  සහභාගී  විය.

මෙහි  ප්‍රධාන  අරමුණ    වූයේ  හින්දු  සහ  බෞද්ධ  ආගම්  අතර  සහජීවනය  එකමුතුකම  ගොඩනැගීම  බව  එහි  සංවිධායක වරයෙක්  පැවසීය. එසේම  මෙම  වැඩසටහන්  මගින්  දරුවන්ගේ  විනය,  හික්මීම,  විවිධ  ආගම්  සමඟ  සහසම්බන්ධතාවය  ගොඩ නැගීම  ආදී   විවිධ  පැති  කෙරෙහි  අවධානය  දීමත්,  සොබාදහමට  ආදරය  කිරීම  සඳහා  දරුවන්  හුරුකරවීමත්   අරමුණු  කර ගන්නා  බවද  ප්‍රකාශවිය.