හොදම දේ දරුවන්ට දෙන්නට මාරිස්ටෙලා විදුහල කැඳවු ඔහු ගැන… ….

0
202
2007 දි ඉතාලි මිලානෝ නගරයේදි
ජයේ ගැන අස්වැන්න බ්ලොග් අඩවිය කදිම සටහන් තබා තිබුනා. ඒ ජයතිලක බණ්ඩාර කලාකරුවාගේ 60 වන උපන් දිනයද නිමිති කොටගෙනයි.
මීපුර වෙබ් අඩවියේ පාඨයන් හා ඒ කදිම සටහන අප බෙදාගන්නේ මෙලෙසයි.
…..විවිධ අය ගී රස වින්දන වැඩසටහන් පවත්වනවා අපි දැකලා තියෙනවා. හැබැයි ජයතිලක බන්ඩාර කියන කළාකරුවා තමයි අපි දැකපු හොදම කලාකරුවා මේ ගීර රස වින්දන වැඩසටහන පවත්වන්න. මොකද ඔහුට විශේෂ හැකියාවක් තියෙනවා, ඕනෑම වයස් කාන්ඩයක , ඕනෑම බුද්ධි මට්ටමක සිටින පිරිසකට මේ වැඩසටහන නම්‍යශීලීව වෙනස් කරමින් පවත්වන්න. දරුවන්ට අවශ්‍ය ආකාරය, දෙමව්පියන්ට අවශ්‍ය ආකාරය, ගුරුවරුන්ට අවශ්‍ය ආකාරය, හොදින් අවබෝධ කර ගෙන මේ ගී රස වින්දන වැඩසටහන පවත්වන්න ඔහුට විශේෂ හැකියාවක් තියෙනවා. කලින් කලට ඒ ගී රස වින්දන වැඩසටහනට නව අංග එකතු කරමින් සහභාගී වන අයගේ වැඩි ආකර්ෂනය සහිතව ඉදිරිපත් කිරීමටත් ඔහුට හොද හැකියාවක් තියෙනවා. අප ඉදිරි වර්ෂ වලදීත් මේ ගී රස වින්දන වැඩසටහන විවිධ හැඩතලයන් ඔස්සේ පසල් දරුවන්ටත්, ගුරු මන්ඩලයටත්, ඒවාගේම දෙමව්පියන්ටත් පැවැත්වීමට කටයුතු කරනවා. අපි මීගමුවේ පාසල් වලටත් වෙනත් පාසල් වලටත් අපව ආදර්ශයට ගෙන මෙවැනි හරවත් වැඩසටහන් සිසු දරු දැරියන් වෙනුවෙන් පවත්වන්න කියලා ආරාධනා කරනවා.
ගරු සුනන්ද අල්විස් සහෝදරතුමා
විදුහල්පති
මාරිස්ටෙල්ලා විද්‍යාලය-මීගමුව
(www.meepura.com)
……පසුගිය මාසයේ  මීගමුව මාරිස්ටෙලා විදුහලේ විදුහල්පතිතුමා විසින්   සිසු දරුවන් , දෙමව්පියන් සහ ගුරුවරුන් වෙනුවෙන් සංවිධානය කර තිබූ රසවින්දන වැඩසටහනකි. එය  මේ සටහන ලියන්න ආසන්නම හේතුව බව  මෙහි ලා සඳහන් කරමි.   මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයේ දින දොළහක් පුරා පැවති ඒ රස වින්දන වැඩසටහන් මාලාව  බොහෝ දෙනෙකුගේ දෙනෙත් අරවන්නක් විය.

මාරිස්ටෙලා විද්‍යාලයේ විදුහල්පති  සහෝදර පියතුමන්ට අවශ්‍ය වූයේ නම් පාසලේ  සම්පත් භාවිතා කර මේ රටේ  ජනප්‍රිය කලාකරුවන්ගේ සහභාගීත්වයෙන් එකී රසවින්දන වැඩසටහන සංවිධානය කිරිමට ඉඩකඩ  තිබූ නමුත් දින දොළහක්  පුරා පැවති ඒ රසවින්දන වැඩසටහන සඳහා  අරැයුම් කර තිබුණේ ජනප්‍රියත්වය හඹා නොගිය , වචනයේ පරිසමාප්ත අරුතින්ම කලාවේ සැබෑ රුව ගුණ හඳුනන ජනතාවාදි කලාකරුවකු යැයි කිව හැකි  ගායන ශිල්පී ජයතිලක බණ්ඩාරයන්ට ය. …………ස

අස්වැන්නට මෙතනින් පිවිසෙන්න.

http://aswanna.blogspot.com/2013/03/blog-post_20.html