හොටෙල් හොනර්ස් කල්බ් හෝටලයේ ඇත්ත කථාව මේකයි .

0
141

hotel owersමීගමුව සංචාරක පුරවරයේ නීති විරෝධී හෝටලයක් යන මැයෙන් ඔබගේ පුවත්පත අප ආයතනය සම්බන්දයෙන් පළ කර තිබූ අසත්‍ය කරුණු මත, මෙම ආයතනය සම්බන්දව වැරදි සහගත ප්‍රතිරූපයක් නිර්මාණය වී ඇත. එහෙයින් පහත සදහන් කරුණුද ප්‍රවෘත්ති පත්‍රයේ පළකණ මෙන් කරුණවෙන් ඉල්ලා සිටිමි.

  1. මෙම හෝටලය පවත්වාගෙන යන්නේ ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ සහ ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලයේද අනුමැති ඇතිව බව දන්වා සිටින අතර, තවද ශ්‍රීලංකා ආයෝජන මණ්ඩලය සමඟ මෙම ආයතනය 2007,2008 හා 2013 යන වසර වල අවශ්‍යතාවය පරිදි අත්සන් කරන ලද ගිවිසුම් මත මෙම විදේශ ආයෝජන ව්‍යාපෘතිය පවත්වාගෙන යයි
  2. තවද හෝටලයක් පවත්වාගෙන යාමට අනුමැතිය ලබාගත යුතු සියළුම ආයතන වලින් අවශ්‍ය අනුමැතිය ලබා ඇත.
  3. පරිසර ආරක්ෂණ බලපත්‍රයද ලබාගෙන ඇති අතර මීගමුව මහ නගර සභාවට ෙගවිය යුතු වරිපනම් මුදල් 2007 සිට ගෙවා ඇති අතර, සමහර කාර්තු වලදී ප්‍රමාද වුවද පසුව එම ගෙවීම් සිදු කර ඇත.
  4. මෙම සමාගමේ ආයෝජකයන් හා අධ්‍යක්ෂකවරුන් මෙම ව්‍යාපාරය පවත්වාගෙන යාමටත් ඒ සදහා අවශ්‍ය අධීක්ෂණ සහ කළමණාකරණ කටයුතු සදහා ලංකාවට පැමිණීමටත් රැදී සිටීමටත් ඔවුන්හට අවසර ඇත.

ව්‍යාපාරයක් පවත්වාගෙන යාමේදී ව්‍යාපාර පිරිවැටුම් කාලීන වශයෙන් උච්චාවචනයන්ට ලක්වන අතර එම ධර්මතාවය මෙම ආයතනයටත් එසේම බලපායි. එමෙන්ම සේවක මණ්ඩල පවත්වාගෙන යාමේදී ඕනෑම ආයතනයකට යම් යම් ගැටළු මතුවන අතර එය පවත්වාගෙන යාමේදී ඉඩදිය නොහැකපසුගිය වසර 8තුල අප ආයතනයේ සේවය කල කාර්‍යමණ්ඩලයේ බහුතරයකගේ සහයෝගය එය පවත්වාගෙන යාම සදහා ලැබෙන අතර ස්වල්ප දෙනෙකු අවිධිමත් , විනයවිරෝධි සහ වංචනික ලෙස කටයුතු කිරීම හේතුවෙන් ඉවත් කිරීම සිදුවිය. එවැන ස්වල්ප දෙනෙක් මෙම ආයතනය සම්බන්දයෙන් සාවද්‍ය කරුණ ප්‍රචාරය කරමින් අපගේ ආයතනය කඩාකප්පල් කිරීම උත්සහ කරන අතර, 2009ට පෙර ශ්‍රීලංකාවේ පැවැති ජනවාර්ගික යුද්ධය නිසා විදේශආයෝජකයන් ශ්‍රීලංකාවට පැමිණෙන්න උනන්දුවක් නොදැක්වූ යුගයක මෙම ආයෝජකයන් පැමිණීම තුලින් ශ්‍රීලංකා සංවර්ධනය සදහා ධනාත්මක සහයෝගයක් ලබා දුන් බව වැඩි දුරටක් සදහන් කරමි

තවද මෙම නිවැරදි කිරීම ඔබගේ පුවත්පතේ පළකරන ලෙස කරුණවෙන් ඉල්ලා සිටිමි.

මෙයට,

පරිපාලන නිළධාරී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here