හොද හොද සෙල්ලම් එලිවෙන ජාමෙට බව ශ්රිලනිපය සුරකිමේ සංවිධානයට නායකත්වය දෙමින් සිටින හිටපු ශ්රිලනිප ඇමැති වෙල්ගම මහතා කියයි.
ඔහු මේ බව කියා සිටියේ ශ්රිලනිප යළි ගොඩනැගිම සදහා දිවයින පුරා විසිර සිටින දේශපාලන ක්රියාකාරින් හා පැවැති හමුවකදිය.
මේ අතර නොවැමබර් 09 වෙනිදා දැවැන්ත සමුළුවක් පවත්වන බවද කියා සිටියේය. ඒ චන්ද්රිකා මැතිණිය ජනාධිපතිධුරයට පත්ව වසර 25 ක් පිරිම නිමිති කොට ගෙනය.
පොහොට්ටුවට එරෙහිව ශ්රිලනිපය ප්රතිසංවිධාන කිරිම සදහා දැනටමත් රටපුරාම පාක්ෂිකයන් අතර සංවාදයක් ආරම්භ වි තිබේ.