හොරගමන් ගිය බැෙකා් ගැන අහද්දි ඉජිනේරු අංශය ගොළු වෙයි.?

0
324

මීගමුව මහනගර සභාවේ බැකෝ යන්ත්‍ර පුද්ගලික කොන්ත්‍රාත්කරුවෙකුගේ කටයුතු සදහා යොදගැනිම ගැන අප දැනටමත් හෙළි කර ඇත්තෙමු.
මෙයට එජාප මන්ත්‍රි නස්මියාර් මහතාගේ ඇති සම්බන්ධයක් ගැනද අපි වාර්ථා කළෙමු.
මේ පිළිබදව අප මීගමුව මහනගර සභාවේ ප්‍රවාහනය භාර නිළධාරියාගෙන් විමසා සිටි අවස්ථාවේ ඔහු පවසා සිටියේ නස්මියාර් මන්ත්‍රිවරයා  පෝරුතොට ප්‍රදේශයේ පාරවල් සකස් කිරිම සදහා බැකෝ යන්ත්‍ර ඉල්ලු බවය.කෙසේ වෙතත් තවදුරටත් අපගේ ආරංචි මාර්ග සනාථ කර සිටින්නේ නගර සභාවේ බැකෝ පුද්ගලික වැඩවල යොදා ඇති බවය.
මේ සම්න්ධයෙන් අප නාගරික කොමසාරිස් තුමියගෙන් විමසා සිටි අවස්ථාවේ ඇය පවසා සිටියේ ඒ ගැන ඉජිනේරු අංශයෙන් විමසන ලෙසය.
ඒ ුඅනුව අප ඉජිනේරු අංශයෙන් විමසා සිටි අවස්ථාවේ එහි සිටි අය දුරකථනයට එක්වරක් පමණක් පිළිතුරු දෙමින් ඔවුන් මගහැරියේය. පසුව විමලේ යැයි කියු අයෙක් කට හඩ වෙන්ස් කරමින් අපට පවසා සිටින්නේ ඉජිනේරු අංශයේ වගකිව යුතු නිළධාරින් නැති බවය.
මේ සිදුවිම් වලින් පෙනි යන්නේ මේ නගර සභා පාලනයේ ආරජිකත්වයයි.