හොරට කිරන පල්ලියේ මාළු කඩය නිසා වෙළෙන්දෝ බරපතල අර්බුදයක !

0
347

fish-mkt1වැල්ලවිදිය පල්ලියට අයත් යැයි කියන කොටුව පිට්ටනිය අසල මාළු වෙළදසැල තුල ක්‍රියාත්මක අහිතකර තත්වයන් හේතුකොටගෙන ඒ වෙත එන පාරිභෝගියකයන්ගේ අඩුවක් පවතින එහි වෙළෙන්දෝ පවසති.
පළාත් පාලන නීතියට අනුව මෙවන් මාළු වෙළද සැලක් පවත්වාගෙන යා හැක්කේ පළාත් පාලන ආයතනයකය වුවද නිමල් ලංසා විසින් සිය දේශපාලන වාසි තකා මෙහි පාලනය පල්ලියට පවරා තිබුණි.
ඒ වෙනුවෙන් පෙරලා පල්ලිය කෘත ගුණ සලකා තිබුණේ වසර ගණනාවක් තිස්සේ නිමල් ලංසාගේ පියා හට මෙහි ටෙන්ඩරය පවරා දිමනෙි.
කෙසේ වෙතත් මේ මාළු වෙළද සැල ඉදිකිරිම සදහා වෙන්ව තිබුනේ රාජ්‍ය මුදල්ය.
මේ සියළු අර්බුද මැද්දේ දැන් මේ මාළු වෙළද සැල තුල ක්‍රියාත්මක විවිධ අනිතික ක්‍රියා නිසා මාළු අලෙවි රැකියාවද අර්බුදයකට යමින් තිබේ.
හොරට කිරිම මෙහි ඇත්තේ ප්‍රධානතම ප්‍රශ්ණයයි.
”මෙතන මාළු කිරන්නේ හොරට ඒ විතරක් නෙමෙයි නොදන්න අයට මාළු අන්දවලා හොද උන් ඉස්සරහින් පෙන්නල තැලිච්ච උන්ගෙන් බෑග්  පුරෝනවා. ඒ විතරක් නෙමෙයි මේකෙ තියෙන අපිරිසිදු කම මාළු ජාරාවත් එක්ක වතුර හැම තැනම හිටිනවා කිසිම ලෙවල් එකකට නෙමෙයි මේක හදල තියෙන්නේ මෙහෙම ගිෙයාත් තවඅවුරුද්දක් මේක තියෙයිද දන්නේ නෑ. දැන් මෙහෙ එනවා වෙනුවට මිනිස්සු මාළු ගන්න මංකුලිය ලෙල්ලමට යනවා.අපි ගාවට එන්න නෑ.”
මිපුරට මේ අදහස් පළකළේ අපගේ වාර්ථාකරුවෙකු ඊයේ දවල් කාලයේ එහි ගොස් සිටි අවස්ථාවක මාළු වෙළදාමේ යෙදෙන කාන්තාවන් පිරිසක් විසිනි.