

ඊයේ දිනයේ වැල්ලවත්ත ප්‍රදේශයේදි කඩන් වැටුණු බිල්ඩිම හේතුවෙන් දැනටමත් එක් ජිවිතයක් අහිමිව තවත් 23 දෙනෙකු තුවාල ලබා තිබේ.
මෙම කඩාවැටිමට හේතුව ලෙසින් දැන් අනාවරණය වි ඇත්තේ තට්ටු 3 කට අනුමැතිය ගෙන තට්ටු 5 ක ගොඩනැගිල්ලක් ඉදිකරමින් තිබිමය.
පසුගිය මාර්තු මාසයේදි මීගමුවේදි මේ ආකාරයෙන්ම ගොඩනැගිල්ලක් කඩන් වැටුණු.ඒ බ්ලුමුන් අසල වු ගොඩනැගිල්ලකි.
හේතුව වි තිබුනේ පැරණි ගොඩනැගිල්ලක් මත තට්ටු 3 ක් ඉදිකරන්නට යාමය.
මේ ප්‍රදේශය භාරව කටයුතු කරනු ලබන තාක්ෂණික නිළධාරියා වන්නේ රන්මුතු නැමැති අන්ත දුෂිත අයෙකි.
නිමල් ලංසාගේ බලපරාක්‍රමය මිගමුව තුල පැවැති සමයේදි අතිවිශාල දුෂණ රැසකට සම්බන්ධව සිටි අයෙකු ලෙසද ඔහු ප්‍රසිද්ධව සිටියේය.
මීගමුවේදි කඩන් වැටුණු බිල්ඩිම යළිත් දැන් ඉදිවෙමින් පවතිනු පෙනේ .
මේ සිදුවිමට අදාල නීතිය ක්‍රියාත්මකව තිබුණේද යන්න ගැටළුවකි.
මීපුර වෙබ් අඩවිය විසින් කරන්නට යෙදුණු විමසුමකදි මීගමුවේ උසස් පොලිස් නිළධාරියෙකු කියා සිටියේ අදාල ගොඩනැගිල්ල සම්බන්ධයෙන් මහජන පිඩාව යටතේ නීතියෙන් කටයුතු කරන බවය.
