හොරට පෙට්‍රල් විකුණූ පුද්ගලයෙක් වෙන්නප්පුවේදී අත්අඩංගුවට..

0
40

වෙන්නප්පුව ඩිපෝ හන්දියේ සමූපකාර තෙල් පිරවුම්හලේ පෙට්‍රල් අලෙවියට නොමැති  අවස්ථාවක එම ස්ථානයට මීටර් 100 ක් පමණ දුරින් පිහිටි ස්ථානයක නීති විරෝධි ආකාරයෙන් වැඩි මිලට පෙට්‍රල් අලෙවි කරමින් සිටි පුද්ගලයෙක් අද(7) සැකපිට අත්අඩංගුවටගෙන තිබෙනවා. මෙම අත්අඩංගුව සිදුකර ඇත්තේ  වෙන්නප්පුව පොලිස් දුෂණ මර්දන අංශයයි.

අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයා යතුරුපැදි අලුත්වැඩියා කරන ස්ථානයක හිමිකරුවෙක් වන අතර ජනතාවගෙන් ලැබුණු තොරතුරක් මත එම ස්ථානයට ගිය පොලිස් නිලධාරින් පෙට්‍රල් තොගයක් හා සැකකරු අත් අඩංගුවට ගෙන ඇති අතර එම අවස්ථාවන වන විටත් විශාල පිරිසක් තෙල් මිලදි ගැනිමට පැමිණ සිටි බවයි පොලීසිය පවසන්නේ.

මෙසේ නීතිවිරෝධී ආකාරයෙන් විකුණු පෙට්‍රල් බෝතලයක් විකුණා ඇත්තේ රු.150ක පමණ මිලකටයි.

23376262_1832508860125172_1146161202627688383_n

ඡායාරූප –  චන්දන ප්‍රනාන්දු