හොරු ඇල්ලීම කඩිනම් කරන්න වැදගත් යෝජනාවක්1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනතෙහි 12 වැනි වගන්තියට තවත් අලුත් වගන්ති තුනක් ඇතුළත් කිරීම මඟින් පනත සංශෝධනය කරමින් “අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත” පාර්ලිමේන්තුවට ගෙන ඒමේ මුලික අපේක්ෂාව වුයේ ගොඩගැසී ඇති නඩු කඩිනමින් විභාගකොට තීන්දු ලබාදීම වෙනුවෙන් ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ පිහිටුවීමය.
අදාළ සංශෝධන යටතේ පිහිටුවනු ලබන ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය ශ්‍රී ලංකා ජනරජයේ මහාධිකරණයේ විනිශ්චයකාරවරයන් අතුරින් අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් නම් කරනු ලබන, එකවර අසුන්ගන්නා විනිශ්චයකාරවරයන් තිදෙනකුගෙන් සමන්විත වූ ඉන් එක් විනිශ්චයකාරවරයකු එම අධිකරණයේ සභාපතිවරයා ලෙස අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් නම් කරනු ලැබ තිබිණ.
දිනේෂ් සහ යූ.ආර්.ද සිල්වා විරුද්ධව උසාවි ගියා
කෙසේ වුවත් එම පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් කිහිපයක් ඉදිරිපත් කර තිබුණු අතර ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති යූ.ආර්.ද සිල්වා ඒ අතර සිටි ප්‍රධාන පෙත්සම්කාර පාර්ශවයන්ය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂද අවස්ථා ගණනාවකදී මෙම පනත දැඩිලෙස විවේචනය කර තිබිණ.