හොරු කව්ද ? මීගමුවේ බස්නැවතුම ගැන විමසුමක් ?

0
111

NGB bus terminal 3.jpgමීගමුවේ බස් නැවතුම් පළ ඇත්ත වශයෙන්ම ඉදිකරන්නට යෙදුනේ ඒ වන විටත් ඉතා හොද මට්ටමකින් පැවැති බස්නැවතුම් පළ කඩා බිද දමාය.
ඒ ඇයිද යන්න හෙලි වුයේ නිමල් ලංසාගේ බස්නැවතුම පිළිබද සැලැස්ම අනාවරණය විමත් සමගින්ය.
ලංසා පවුලේ අමතර අදායමත් නගර සභාවේ වියදම් වලට මුදල් සොයා ගැනිමත් අරමුණු කොට ගෙන ඇත්ත වශයෙන්ම ඉදිකෙරුනේ කඩසාප්පු සංකිර්ණයකි.
විශාල මුදලක් මේ සැමගෙන්ම කි මනි ලෙසින් ලංසා පාලනය විසින් ලබාගෙන තිබුණි.එබැවින් ඇත්තටම සිදුවයේ කඩසාප්පු සංකිර්ණයක් හදා එහි ඉතිරි වු තැන්වල බස්නැවැත්විමට කටයුතු සලසා දිමය. තවත් අයුරකින් කියන්නේ නම් පැරණි බස්නැවතුමපළ කඩා ඒ බිමේ සාප්පු සංකිර්ණයක් ඉදිකොට එයට මිගමුව බස්නැවතුම් පළ යැයි නම් තැබිමය.එය සනාථ වන්නේ තනා ඇති කඩ ගණන සහ බස් නැවැත්විම වෙනුවෙන් වෙන්කර ඇති ඉඩ ගැන සසදා බලන කල්හිය.
කඩ සාප්පු 78 අස්සේ බස්නැවතුම් ස්ථාන තිබුනේ 24 ක් පමණි.
මෙය එහෙම පිටින්ම අසාර්ථක ව්‍යාපෘතියකි.
වැඩි හරියක් කඩ ඇත්තේ වසා දමාය.
ඉහල මාලයන් කිසිදු ප්‍රයෝජනයකට ගත නොහැකි අයුරින් ප්‍රමිතියෙන් තොරය. එහි අතුරා ඇති ටයිල් ගැලවි ගොසිනි.
මිගමු සංවර්ධනයේ නියමුවා යැයි පුරසාරම් දෙඩුවද සැවින්ම ලංසා විසින් මිගමුව කේන්ද්‍ර කොට සිදුකරන්නට යෙදුන සියළු සංවර්ධන ව්‍යාපෘති අන්තිම අසාර්ථක ඒවායේ . ඇතැම් ව්‍යාපෘති මුදල් පමණක් කාබාසිනියා කොට මේ වන විට ඇස්පනා පිට සාක්ෂි ලෙසින් මිගමුව ජනයාගේ නෙත ගැටෙමින් තිබේ. තැබැරැම් වත්තේ ඉදිකරන්නට පටන් ගෙන අතහැර දැමු සාප්පු සංකිර්ණය එක් නිදසුනකි.
එහි මහජන මුදල් රුපියල් කෝටි ගණක අපතේ ගොස් ඇත.

තැබෑරුම්වත්ත


අනික සුදු අලියා වන්නේ අදටත් විවෘත කරගැනිමට නොහැකිව ඇති ගමට යන පාරක් වසා දමා ඉදිකරන්නට යෙදුන කාමච්චෝඩේ වෙළද පොළයි.
විදේශ ආධාර මත ඉදිකරන්නට යෙදුන ව්‍යපෘතිවලද ප්‍රයෝජනය අවසන් වශෙයෙන්  කිසිදිනක මහජනයා අතරට ගියේ කැත.
මුහන්දිරම් පිටිය අසල කලපු ධිවරයන් වෙනුවෙන් යැයි කියා ඇටවු තොටුපලත් ඒ සමිපයේම කාර්යාලක් ඉදිකර වංගුවක් ගසා ඉදිකර ඇති සුපිරි ඉඩකඩ දැන් ප්‍රයෝජනයට ගන්නේ කෝටිපති ව්‍යාපාරිකයෙකු වු ගුරුගේ විසිනි.
මේ ගණුවෙණුවේන බර ගැන දන්නේද ලංසාම පමණි.
අනික් ව්‍යපෘතිය වන්නේ මිගමුව කොටුව පිට්ටනිය අසල ඇති මාළු වෙළදපළයි . එය විදේස් ආධාර මත ඉදිකෙරුණකි.’එය නගර සභාව වෙත පවරණු වෙනුවට ලංසා කලේ එය වැල්ලිවිදිය දේවස්ථානයට භාර දිමය.ඒ හරහා එය වසර ගණනාවක් පුරාවට ලසංගේ පියාට පල්ලිය විසින් ලබා දි තිබෙුනේ සිය මඩිය තරකර ගැනිම සදහාය.
පාරවල් රථගාලක් කරමින් නීති විරෝධි ක්‍රියා ආරම්භ කර තිබුනේද ලංසාගේ පියා විසින්මය.
මේ අනුව නිමල් ලංසා ඔස්ට්‍රේලියාවෙන් ඉඩම් නිවාස මිළදි ගෙන ඇති ආකාරය ගැන අමුතුවෙන් දැන් විස්තර කළ යුතු නොවේ.
මේ අය යළිත් වරක් සිය හාම්පුතාලා බලයට ගෙන එන්නට දගලන්නේ සිය පවුල් ආදායම් ව්‍යාපෘති තවත් ඉහලට ඔසවා ගැනිමට මිස මිගමුවේ ජනයාට සෙතක් කිරිමට නම් නොවන බව දැන් තවත් පැහැදිලි කළ යුතු නොවේ. මන්ද එය එතරම්ම පැහැදිලිව ගොස් ඇති බැවිනි.