හොර පාරෙන් යළිත් විදුහල්පති පුටුවට ආ පියතුමා ???

0
183

විභාග වංචාවක් සිදුකර තිබිම හේතුවෙන් මිගමුව ශා. මරියා විදුහලේ විදුහල්පති කමින් ඉවත් කර ඇති ජයන්ත පියතුමා අනිතික ලෙසින් දිගින් දිගටම පාසැලේ කටයුතු වලට මැදිහත් වෙමින් ඇතැයි පසුගියදා ලංකා ගුරු සංගමය බරපතල චෝදනාවක් කර තිබුණි .

විදුහල්පති පියතුමන් විසින් සිදුකර ඇති විනය විරෝධි ක්‍රියාවන් නිසා පාසැල් පරිශ්‍රය‌ට ඇතුළු විම පවා තහනම් කර තිබියදි අවස්ථා කිපයකදිම පියතුමන් පාසැල් පරිශ්‍රය‌ට ඇතූළු වි ඇතැයිද ලංකා ගුරු සංගමය චෝදනා කර ඇත.

එමෙන්ම මිගමුව අධ්‍යපාන කලාප අධ්‍යක්ෂකවරයා විදුහල්පති පියතුමන්ට පක්ෂග්‍රාහිව කටයුතු කරමින් සිටින බවටද ගුරු සංගමය විසින් චෝදනා කරමින් අධ්‍යාපන බලධාරින් වෙත ලිඛිතව දන්වා තිබේ.



තතු ඒසේව තිබියදි විදුහල්පති පියතුමාට ඒරෙහිව අදාල විභාග වංචා පරික්ෂණ තවමත් සිදුකරමින් තිබියදිම යළිත් විදුහල්පතිධුරය පත්කර තිබිම සම්බන්ධයෙන් ඇති ලංකා ගුරු සංගමය බරපතල චෝදනාවක් එල්ල කර සිටි.
විදුහල්පතති ජයන්ත පියතුමා වත්මන් රාජ්‍ය පාලකයන් හා ඉතාමත් සමිප සම්බන්ධතාවයක් ඇති අයෙකකු ලෙසටද ප්‍රකටය.
සිය සමිප දේශපාලන සම්බන්ධතා භාවිතා කරමින් නීතියද නමා යළිත් වරක් විදුහපල්පති පුටුවට හොරෙන් පැමිණ තිබේ.
බරපතල වංචාවක් සිදුකර තිබියදි කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක චමින්ද ප්‍රනාන්දු නැමැත්තාද ජයන්ත පියතුමාට පක්ෂග්‍රාහි ලෙසින් දිගින් දිගටම කටයුතු කරමින් සිටින බවටද ලංකා ගුරු සංගමය චෝදනා කර සිටි.