හොර වරිපනම් හදන්න උපදෙස් දුන් නියෝජ්‍ය නගරාධිපති දායන් ලංසා මාට්ටු?

0
82

20160524_102527මීගමුව නගර සභාවේ විදුලි අංශයේ සේවකයෙකු වන තිසේරා නැමැත්තා කුරණ පිහිටි රණතුංග බිල්ඩිම අසල පාරේ අනවසර ඉදිකිරිමක පත්තර කඩයක් පවත්වාගෙන යන්නෙකි.
ඔහු පසුගිය කාලය පුරාවටම විවිධ නගරාධිපතිවරුන්ගේ සහය ඉල්ලා සිටියේ කෙසේ හෝ මේ අනවසර කඩයට විදුලිය ලබාගැනිම සදහාය.
එහෙත් ඒ සියලු උත්සාහයන් අසාර්ථක වු තැන ඔහු නැවතුනේ මීගමුව නියෝජ්‍ය නගරාධිපති දයාන් ලංසා ලගය.
එහිදි දායන් ලංසාගේ උපදෙස් පරිදි කොච්චිකඩේ කාර්යාලයේ සේවය කරන අදායම් නිළධාරියා වු ලෙනාඩ් නැමැත්තා විසින් තිසේරා හට කෙසේ හෝ වරිපනම් අංකයක් ලබාදි තිබුණි.
ඒ වරිපනම් වාර්ථාව ලෙකෝ විදුලි පුද්ගලික සමාගමට ගිය විට ඔවුන් මේ ගැන සැක සිති යළිත් මහනගර සභාව වෙත ඒවා තිබුනේ නැවැත පරික්ෂාවක් සදහාය.
ඒ අනුව කොමසාරිස්වරයා සහ ගණකාධිකාරිවරයා විසින් අදාල සිදුවිම ගැන පොලිසියේ පැමිණිල්ලක් සිදුකර තිබුණි.
ඒ පැමිණිලි විභායේදි තිසේරා විසින් කියා ඇත්තේ තමන් වෙත මේ වරිපනම් වාර්තාව ලබාදුන්නේ ලෙනාඩ් නැමැත්තා බවය.
ලෙනාඩ් නැමැත්තාගෙන් පොලිසිය විමසු විට ඔහු කියා ඇත්තේ නියෝජ්‍ය නගරාධිපති දායන් ලංසාගේ උපදෙස් පරිදි මෙසේ ක්‍රියා කළ බවය.
මේ අනුව පොලිසිය විසින් සිදුකරන ලද පරික්ෂණයන් මගින් දැනට පැහැදිලි වි ඇත්තේ දායන් ලංසාගේ උපදේස් පිට ලෙනාඩ් නම් වු නිළධාරියා විසින් හොර වරිපනම් අංකයක් ලබාදි ඇති බවය.
මෙය බරපතල තත්වයකි.
මේ පිළිබදව අප මීගමුව නාගරික කොමසාරිස්වරයාෙගන් විමසා සිටි අවස්ථාවේදි ඔහු මේ පොලිස් පැමිනිල්ල සිදුකරන ලද බව පිළිගත්තේය.
එහිදි අප විමසා සිටියේ ඔහු යටතේ සේවය කරනු ලබන ලෙනාඩ් නැමැත්තා නිතිවිරෝධි කටයුත්තක් සිදුකර තිබිම ගැන පළාත් පාලන රෙගුලාසි යටතේ විනය ක්‍රියාමාර්ග ගැනිමට කටයුතු කරන්නේද යනුවෙනි.
එයට පෙරළා පිළිතුරු දුන් නාගරික කොමසාරිස් වරයා කියා සිටියේ ලෙනාඩ් නැමැත්තා විසින් එවැන්නක් සිදුකර ඇතැයි තමන නොදන්නා බවත් පොලිස් පැමිණිලි විභාගයේ වාර්ථාව ලැබෙන තෙක් බලා සිටින බවත්ය.
කෙසේ වෙතත් මීගමුවේ රාජ්‍ය නිලධාරින් වෙත අපට කියන්නේ ඇත්තේ පොලිසියෙේ ඉහල ලොක්කෙකු වු   අනුර සේනානායකට සිදුවිමට නියමිත ඉරණම ගැන දිනපතා මෙනෙහි කරමින් මීගමුවේ දේශපාන අධිකාරිය සමගින් කටයුතු කරන ලෙසය.