හෝටල් ලස්සන වුණාම පමණක් ඇතිද?

0
229

imagesමීගමුව අලුත්පාරේ යනවිට හමුවෙන ලස්සනට
,හා පිළිවෙලට තැනූ සුපිරිපන්නයේ හෝටලයකට ගොඩවැඳුනේ උණුවෙන් යමක් පානය කරමින් මිතුරෙකු හා සතුටු සාමිචියේ යෙදෙන්නටය..අපගේ ඇනුවම් අනුව පිළිවෙලට ඒවා පිළිගැන්වූන අතර කිරි තේ.එකක් සහ කපුචිනෝ එකක් වෙනුවෙන් ගෙවන්නට වූ මිළෙහිද සාධාරණත්වයක් තිබුණි..ටික වේලාවක් කතාබහ කරමින් සහ එහි සිරි නරඹමින් සිටි අපට විශාල ශබ්දයකින් යම් බාධාවක් ඇති වුණි. ඒ ශබ්දය පැම්ණියේ පළතුරු බීම හදන මැෂින් එකෙන් බව අපට තේරුණි. මෙම ශබ්දය එම කැෆේ එකේ සිටි අනෙක් අයටද සිදුවු බව අපට වැටුහුණි. මේ තරම් ලස්සනට අපව ⁣පිළිගනිමින් සංග්‍රහ කළ තැනකදී මෙවැනි අඩුවක් තිබීම සුදුසු නැත.මෙහි ඇති ගැටලුව වන්නේ පළතුරු බීම හදන ස්ථානය යම්කිසි ද්‍රව්‍යයකින් ආවරණය කර නොකිරීමය. එහිදී වෘත්තිමය අඩුපාඩුවක් සිදුවී ඇති බව පැහැදිලිය. එවැනි ආකාරයේ අඩුපාඩු මෙතරම් නවීන පන්නයේ හෝටලයකදී සිදුවීම එක්තරා විහිලුසහගතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here