හෝරා යන්ත්‍රය නැවත සකසමු

0
92

Clock
ජනාධිපති සිරිසේන මහතාගේ වඩා වැදගත් මැතිවරණ පොරොන්දුවක් වන දේශීය වගවීමේ යාන්ත්‍රණයක් ගැන රාජිත සෙනෙවිරත්න මහතා ජනාධිපති මැතිවරණය අවසන් වීමෙන් පසු සඳහන් කිරීම අතිශ්‍යයෙන්ම සැලකිය යුතුය. සිරිසේන මහතාගේ  තවත් පොරොන්දුවක් වන්නේ ජාත්‍යයන්තර ප්‍රජාව සමග සුහද සම්බන්ධතා ස්ථාපිත කිරීමය. මහා පරිමාණයේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සඳහා වගවීම යන ජාත්‍යන්තරකරණය රාජපක්ෂ පාලනය  තමන් සඳහා නිර්මාණය කරන ලද ප්‍රධාන උභතෝකෝටිකයන් ගෙන් එකක් බව එකිනෙකට ගැඹුරින් ඒකාබද්ධ වී ඇති මෙම පොරොන්දු දෙක මගින් සාධනය වේ.
වගවීම සඳහා විශ්වාසදායක දේශීය යාන්ත්‍රණයක් ගැන සිරිසේන මහතාගේ පොරොන්දුව හේතු කිහිපයක් නිසා අත්‍යාවශ්‍යය වේ. එසේ කිරීමෙන් ශ්‍රී ලංකාව දැවැන්ත ජාත්‍යන්තරකරණය වූ රටක් බවට පත් නොවනවා පමණක් නොව, ශ්‍රී ලංකාවට බලපෑමක් හෝ සිදුවීම් පාලනය කිරීමේ හැකියාව අහිමි වී ඇති තත්ත්වයෙනුත් මිදී යාමෙන්  ගැටළුව පිළිබඳ නැවත දේශීයව පාලනය ලබාගැනීමට  ස්වර්ණමය අවස්ථාවක් උදාකර ගනියි. සිද්ධීන් පාලනය හා බලපෑම් කිරීමේ  හැකියාව යළිි ලබාගැනීමෙන්  ජනාධිපති සිරිසේන මහතාට කරීමට ඇත්තේ රළ පැදයාම විනා පොරබැදීම නොවේ.
ආරම්භයක් ලෙස ඵලදායි ආකාරයෙන් ජාත්‍යන්තර ප්‍රජාව මැදිහත්කරගැනීමත් පිලිගැනීමත් හා අපගේ ජාත්‍යන්තර නෛතික කැපවීම් මත ක්‍රියා කිරීමත් දැක්විය හැක. හිටපු ජනාධිපති රාජපක්ෂට ද අවසානයේ දී පිළිගැනීමට සිදුවූයේ නොවැලැක්විය හැකි ජාත්‍යන්තරකරණයට වඩා දේශීය වගවීමේ ක්‍රියාවලියට  අවනත වීම  යහපත්  බවය. ඔහුගේ විසඳුම වූයේ දේශීය වගවීමේ යාන්ත්‍රණයක් ලෙස අතුරුදන් වූ පුද්ගලයන් පිළිබඳ දෝෂ සහගත ජනාධිපති කොමිසම ක්‍රියාවට නැංවීම සහ පුළුල් කිරීම විය.
එහෙත්, සිරිසේන ජනාධිපතිතුමාට ශක්තිමත් දේශීය වගවීමේ ක්‍රියාවලියක් ක්‍රියාත්මක කිරීම සඳහා තිඛෙන සමානවූ ශක්තිමත් හේතුව නම්  ප්‍රතිසංස්කරණවාදී ශ්‍රී ලංකාවේ දේශපාලන සංස්කෘතිය සහ නීතියේ ආධිපත්‍ය නැවත ස්ථාපිත කිරීම තම දැක්මේ හරය වීමය. මහා පරිමාණ හිංසනයන් හි හදවත බ`දු ක්‍රමානුකූල දණ්ඩමුක්තිය දූෂිත මිලිටරිකරණ රාජ්‍යට පෙරනිමිති සැකසුමකි. දණ්ඩමුක්ති  සංස්කෘතිය බිඳීමට සහ නීතියේ පාලනය යළි ඇතිකිරීමට නම් වගකිවයුතු ක්‍රෑර අපරාධකරුවන්ව ග්‍රහනය කරගැනීම අවශ්‍යය වේ.
දේශීය සහ ජාත්‍යන්තර නීති ඉක්මවා කටයුතු කිරීමට දේශපාලනඥයන්ගේ ඉල්ලීම්වලට විරුද්ධවීමට නිලධාරීන් ට හැකිවීම හා හැකියාව ලැබීම මෙම  ක්‍රෑරකම් නැවත නොවන බවට ඇති එකම සහතිකකළ හැකි විශ්වසනීය ක්‍රමයයිි.
මාස කිහිපයක් තුල කෙන්යා නඩුවේ දී මෙන් හෝ වසර ගණනක් තුළ සර්බියාව මෙන් හෝ දශක කීපයක් තුළ කාම්බෝජයේ පැමිණිල්ලේ දී මෙන් අපරාධ නැවත සිදුනොකිරීම සඳහා වඩාත් ඵලදායී ක්‍රමයක් අවශ්‍ය වන්නේය. එනම් මානව හිමිකම් නීතිය උල්ලංඝනය පිලිබඳ චෝදනා ප්‍රතික්ෂේප කිරීම සඳහා රාජ්‍යය නැමති තිරයෙන් පිටුපස සිටිමින් තම නිල හැකියාව යොදාගත්තද අවසානයේ දී එම නිලධාරින්ට සිදුවන්නේ පුද්ගලයන් වශයෙන් එම ක්‍රියාවන්ගේ ප්‍රතිඵලවලට  ඔවුන් තනිවම මුහුණ දියයුතු බව තහවුරු කිරීමයි.
සදාචාරාත්මක සීමාවන් හා ශිෂ්ඨාචාරයේ සම්මතයන් අත්හිටුවීම සාමාන්‍ය දෙයක් බවටපත් වූ පූර්ණ දණ්ඩමුක්ත හමුදාවක් ස්ථාපිතවීම තුළ  1989 කැරැල්ල සමයේදී ජනතා විමුක්ති පෙරමුණ මත කඩා පැන සිදුකළ අමානුෂීක රාජ්‍ය මර්ධනය සාමාන්‍ය තත්ත්වයක් බවට පත්වීම අප මතක තබාගැනීම ප්‍රයෝජනවත් වේ. සුදු වෑන් වලින් පැහැරගැනීම්, ගෝනිබිල්ලන් මගින් ජ.වි.පෙ සාමාජිකයන් නිලයන් වලින් හඳුනාගැනීම හෝ අහඹු ලෙස පැහැරගෙන ගොස් වධකාගාර වලට දමා තරුණයින් වධ බන්ධනයට ලක්කිරීම හා නිදසුනක් ලෙස කොළඹ නගරශාලාව  අසල වත්මන් ඔඩෙල් ප්‍රධාන ගොඩනැගිල්ලේ එම කාලයේදී එවැනි වධකාගාර පිහිටුවීම හරහා වධයට භාජනය කිරීම ආයතනගත කරන ලදි.
ඝාතක කල්ලි මගින් ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන්ව සහ සැක තරුණයින්ව අත්තනෝමතිකව සිරබාරයට ගෙන  ත්‍රස්තය පැතිරවීම හා ක්‍රියාත්මක කිරීම සඳහා  වධදී මරාදැමූ අයගේ සිරුරු කපා කොටා මහජන ප්‍රදර්ශනයට තැබීම මාතලේ සමූහ මිනී වලවල් වැනි විකල්ප නියෝජනයක් සිදුකිරීම වැනි දේ තුළින්  විධිමත් ලෙස හමුදා සංස්ථාපිතය තුල පුළුල් පරිමානයෙන් හා ක්‍රමානුකූලව දණ්ඩමුක්තියට නීත්‍යනුකූල මටිටමින් දායකවීමෙන් ඊනියා ත්‍රස්ත විරෝධී පියවර ගන්නා ලදි.
කොළඹ බල හවුල විසින් ත්‍රස්තයට ත්‍රස්තයෙන්ම පිළිතුරු දියයුතුය යන අදහසින් මෙහෙයවනු ලැබ එයට සංස්කෘතික පිළිගැනීමක් හා සුජාතකරණයක් ලබාදීම නිසා විකල්ප ප්‍රතිපත්තියක් ලෙස ප්‍රති ත්‍රස්තවාදයේ උන්නතියට හේතු විය. පශ්චාත් 89 සිදුවීම්  තෙවන ඊළාම් යුද්ධය තුළට වහා ගමන්කරන ලදි. වගවීමේ  ක්‍රියාවලියක් නොමැතිකමේ ප්‍රතිඵලය වූයේ සමාජය හා හමුදා සංස්ථාපිතය යන අංශ දෙකම තුල ආචාරධර්ම නැවත සකස් කිරීම අසමත් විමය. එය එලෙසම උතුරේ ගැටුම තුළ එකී රටාවන් හෝ මෙහෙයුම් වලට ඉඩදීමේ ප්‍රතිඵලයක් ලෙස උතුරේ සන්නද්ධ ගැටුමේ අවසන් අදියරේ දී තීව්‍ර ආකාරයෙන් නැවත මතුකිරීමට  හේතු විය.
ජනාධිපති සිරිසේන මහතාගේ විශාල පොරොන්දුව වන සමාජයේ සදාචාරාත්මක හා ශිෂ්ඨාචාරයේ ප්‍රතිජනනය උදෙසා කටයුතු කිරීමට යාමේදී බිහිසුණු අනෙකා ලෙස සැලකූ දකුණේ තරුණයන්, උතුරේ සිවිල් වැසියන් හෝ බටහිර මුස්ලිම් වැසියන් හට කළ මෙම ගැඹුරින් සැගවුණු සංස්කෘතික සම්මතයක් වූ දණ්ඩමුක්තියට මුහුණදිය යුතුය. පශ්චාත් ගැටුම් සමාජයක් වෙත ගමන්කරනු පිණිස පිළිගත හැකි හැසිරීමේ ආචාරධර්ම නැවත ඇති කිරීමේ ක්‍රමයක් ලෙස  ක්‍රමානුකූල අභ්‍යාසවල යෙදීම සඳහා වගකිවයුතු අයව හඳුනා ගැනීම හා ඉවත් කිරීම හෝ හුදකලා කිරීම දේශීය යාන්ත්‍රණයට අවශ්‍ය වනු ඇත.
දේශීය යාන්ත්‍රණයක් විශ්වසනීය වීමට නම් එය, ජාත්‍යන්තර සම්මතයන්ට ළ`ගවීමට දැඩි ක්‍රියාමාර්ග ගැනීම ඉතා වැදගත් වන්නේ ය. එය වින්දිතයින් සඳහා යුක්තිය ඉටුකිරීමේ අවශ්‍යතාව පමණක් නොව, දේශපාලන විරුද්ධවාදීන් ඉවත් කිරීම සඳහා මෙවලමක් සේ යොදාගැනීමේ දූෂිත තත්ත්වයට පත්වීමෙන් වළක්වා ගැනීමක් ද වියයුතු  බව  බංග්ලාදේශයේ උදාහරණනේ පැහැදිලිවේ.
බංග්ලාදේශ නිදහස් සටන තුළ, යුද අපරාධ සිදු කිරීම සම්බන්දයෙන් ජමාට් බී :න‍්ප්එ ඊ- ඉස්ලාම් පක්ෂයේ උප සභාපති ඩෙල්වා හොසේන් සහීද් :ෘැකඅ්ර ්‍යදිි්සබ ී්හැැාස-, හට යුද අපරාධ චෝදනා එල්ල කරන ලදී. පසුගිය වසරේ දී ඔහු වරදකරු කොට මරණ දඬුවම නියම කරන ලදුව පසුව අභයදානය දෙන ලදි. නමුත් සහීද් ී්හැැාස 71 කුරිරු ක්‍රියා කළ බව  බංග්ලාදේශයේ බොහෝදෙනා විශ්වාස කළත් ඔහු සම්බන්ධ  නඩු විභාගය දැඩි අසාධාරණ හා දෝෂ සහගත බව මානව හිමිකම් සංවිධාන විසින් හෙලා දැකීම සැලකිය යුතුය. මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ හෝ යුද අපරාධ වැනි ජාත්‍යන්තර අපරාධ වාගේම සම්මත සාක්ෂි පවා,  ජාත්‍යන්තර ක්‍රියාපටිපාටියන්හි උසස්ම මට්ටම වෙත ළ`ගාවිය යුත්තේ, යුක්තිය පසිඳලීම පලිගැනීමට ඉඩලබා දෙන්නක් නොවන බවට සහතික කිරීම සඳහාය. ඒ අතර ම වින්දිතයන්ට හිරිහැර කිරීම් හා බිය ගැන්වීම් වළක්වා ගැනීම අත්‍යවශ්‍ය වන්නේ ඉදිරිපත්වන සාක්ෂිකරුවන්ගේ ආරක්ෂාව තහවුරු කළ යුතු හෙයිනි. මන්ද දේශීය යාන්ත්‍රණයක දී විශේෂයෙන් වින්දිත ප්‍රජාවගේ යුක්තිය පසිඳලීම සැලකිල්ල ගැනීම අත්‍යවශ්‍ය වන නිසාය. යුක්තිය විවිධ ආකාරයේ ප්‍රකාශ කිරීම අවශ්‍ය වේ. චෝදනාවලට බොහෝ වගකිව යුතු අය, යුද්ධයේ අවසාන දිනවල සිදුවීම් ආවරණය කරන තනි පොදුජන කතාන්තරයක්ම සැලකිල්ලට ගැනීම, යුද්ධයෙන් මියගිය අයව හ`දුනාගැනීම සහ පෙත්සම් හා වන්දි යනදි කොටස්  යුක්තිය සඳහා ඇතුළුවන නමුත්  ඒවාට පමණක් සීමා නොවනු ඇත.
පසුගිය වසර 20 ක කාලයක් තුල මහා පරිමාණ හිංසනයන්් මගින් සමාජවල මානව හිමිකම් සහ යුක්තිය සඳහා ප්‍රවේශය සුවිශාල ලෙස දිගුවීමක්් හා පුළුල් වීමක්් සිදුවී තිඛෙන බව ලෝකයේ දැකිය හැක. මහා පරිමාණ හිංසනයන් නැවත නොවන බවට තහවුරු කිරීම සඳහා සත්‍ය, යුක්තිය සහ වන්දි හා ආයතනික ප්‍රතිසංස්කරණ ඇතුලත් සංක්‍රාන්ති යුක්තියේ  විධිමත් ප්‍රවේශයක් වෙතට සාම්ප්‍රදායික නම්කිරීමේ හා අපවාදයට ලක් කිරීමේ ප්‍රවේශය වර්ධනය කර තිබේ. ආර්ජන්ටිනාව, චිලී, සියරා ලියොන් සහ දකුණු අප්‍රිකාව වැනි බොහෝ රටවල් යුක්තිය හා සම`ගිසන්ධානය වෙතට යන දිගු මාවතේ ආරම්භයේදී ගමන පනගන්වා ඇත්තේ  මැතිවරණ පැවැත්වීමෙන් ආඥාදායක පාලනයෙන් ඉවත්වී උසස් ප්‍රජාතන්ත්‍රවාදය දෙසට මාරුවීමෙනි.
(ඩිලාන් පෙරේරා –  සංක්‍රාන්තීය යුක්තිය ගැන උනන්දුවන මානව හිමිකම් පිළිබඳ හදාරන්නෙකි. )