ළඟ එන සිංහල,හින්දු අලුත් අවුරුද්දට මීගමුව නයිට් බසාර් එකත් ගඳ ගහයිද ?

0
514

———————————————

මීගමුවෙි දී සෙනසුරාදා දින වල රාත්‍රී වෙළඳපළ නොහොත් නයිට් බසාර් එක පැවැත්වෙන දුම්රිය පොළ පාරේ සමනළ ගොඩනැගිල්ල අසල ප්‍රදේශයේ මේ දිනවල දැඩි දුර්ඝන්ධයක් පවතී.එයට හේතු වන්නේ දෙහිමල්වත්ත ප්‍රදේශයේ සිට සමනල ගොඩනැගිල්ල දෙසටදුම්රිය මාර්ගයට යටින් ගලා බසින ප්‍රධාන කාණු මාර්ගයේ අප ජලය නිසි ලෙස ගලා නොබැසීමයි. එයට හේතුව වී ඇත්තේ එම කානුමාර්ගයේ සමහර තැන්වල අපද්‍රව්‍ය සිරවීමෙනි.

img 20240401 wa00247058024123592341566
img 20240401 wa00237041559829454987159

මේ පිළිබඳව අදහස් දක්වන සමනළ ගොඩනැගිල්ලට යාබදින් ව්‍යාපාර කටයුතු කරන ව්‍යාපාරිකයෙකු පැවසුවේ පසුගිය දිනවල සිට අද දක්වාම මේ ප්‍රදේශයේ පවතින මෙම දුර්ඝන්ධය අඩු,වැඩි වශයෙන් දැනෙන දවස් මෙන්ම ඉවසිය නොහැකි තරමටම දුර්ඝන්ධය පැතිරෙන දවස්ද ඇති බවයි. එම ව්‍යාපාරිකයා වැඩි දුරටත් පෙන්වා දෙන්නේ සෙනසුරාදා දිනවල මෙම දුම්රිය පොල පාරේ සවස සිට මධ්‍යම රාත්‍රිය තෙක් පවත්වන රාත්‍රී වෙළඳපොලේ (නයිට් බසාර්) වෙළඳාම් කටයුතු කරන ඇතැම් ව්‍යාපාරිකයන් විසින් ඉවතලන පොලතින්, ෂොපින් බෑග් ඇතුළු වෙනත් අපද්‍රව්‍ය ඔවුන්ගේ පහසුවට මෙම කානු මාර්ගයටම බැහැර කරන බවයි.එලෙසම දෙහිමල් වත්ත ප්‍රදේශයේද

සමහර නිවෙස් වල ඉවතලන අපද්‍රව්‍ය නිවාස හිමියන් බැහැර කරන්නේත් මෙම කානු මාර්ගයටම බවයි. මේ හේතු නිසා මෙම කානු මාර්ගය තුළ අප ජලය නිසි ලෙස ගලායාමට නොහැකිව ,එම ජලය එක තැන පල් වී , අපවිත්‍ර වී .දැඩි දුර්ගන්ධයක් මෙම ප්‍රදේශය පුරාම ඇති වී තිබේ. ඒ වගේම සෙනසුරාදා දිනවල පමණක් පැවැත්වෙන මෙම රාත්‍රි වෙළෙඳපොළ (නයිට්‍ බසාර්) ලඟ ලඟ එන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් ඉදිරි දිනවල දින කිහිපයක්ම අඛණ්ඩව උදෑසන සිට මධ්‍යම රාත්‍රිය පමණ වනතෙක් පැවැත්වීමට මේ වනවිට සූදානමක් පවතී.

අප හා වැඩිදුරටත් මේ පිළිබඳව කතා කළ එම ව්ව්‍යාපාරිකයා පෙන්වා දෙන්නේ මෙලෙස ඉවසිය නොහැකි දැඩි දුර්ගන්ධයක් මෙම ස්ථානයේ පැවතිය හොත් පාරිභෝගිකයන් වැඩි වශයෙන් මෙම වෙළඳපොළට (නයිට් බසාර්) නොපැමිණීමට ඉඩ ඇති බවයි.එය මෙම වෙළඳපොලේ සියලු ව්‍යාපාරිකයන්ට විශාල පාඩුවක් වීමට ඉඩ ඇති බවද ඔහු පවසයි. එසේ හෙයින් මෙම කානු මාර්ගය ඉතා ඉක්මනින් නිසි ලෙස සුද්ද පවිත්‍ර කරදීම නගර පරිපාලන බලධාරීන්ගේ යුතුකමක් සේම වගකීමක්ද වන බව පෙන්වා දිය යුතුව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here