පෙර පාසල් ගුරුවරියන්ට අදත් මැතිවරණ පාඩමක් ?

0
172

දෙවන සංස්කරණය –මීගමුවේ පෙර පාසැල් ගුරුවරියන්ගේ සංගමයේ සභාපතිණිය විසින් හිටපු ඇමති නිමල් ලංසාට සහ මීගමුව මහනගර සභාවේ උපනගරාධිපති එම් සකාවුල්ලා මහතා වෙනුවෙන් ඡන්දය ලබාදෙන ලෙස ඉල්ලමින් මීගමුවේ පිහිටි සියළු පෙරපාසැල් වල ගුරුවරියන්  වෙනුවෙන් විශේෂ රැස්විම් මාලාවක් මේ දිනවල පවත්වාගෙන යන බව වාර්ථා වේ.
2014 මාර්තු 28 වනදා පෙරවරුවේ දී මීගමුව පිටිපන ප්‍රදේශයේ පිහිටි ‘‘දීපානී‘‘ පෙර පාසලේ දී බස්නාහිර පළාත් මැතිවරණය වෙනුවෙන් ජන්දය පාවිච්චි කළ යුත්තේ කාටද යන්න පිළිබදව උපදෙස් දිම සදහා රැස්වීමක් කැදවා ඇත.
මෙවැනිම රැස්විමක් ඊයේද කුට්ටිදුව ප්‍රදේශයේ පවත්වා ඇත.
නිමල් ලංසා මහතා බොහෝ විට මහඇමති විය හැකි බැවින් පෙරපාසැල් සදහා විශේෂ දේවල් ලබාගත හැකි නිසා මෙසේ සහය පළකල යුතුයැයි පෙරපාසැල් ගුරුවරියන්ගේ සංගමටය් සභාපතිණිය සිය ගුරුවරියන් දැනුවත් කරමින් සිටින බව සැලය.