ළදරු වුවත් පසුනොබසිති ! පැසසුම් ලත් නම භූපති !

0
89

DSC_1222

මීගමුව ,   පංසලපාරේ ,  අංක  48  දරන  නිවස   සුවිශේෂී   පවුලකට  අයත්වේ.
ගුරු ගෙදර  නමින්  හැදින්වෙන  මෙම  නිවසේ  සුවිශේෂී   දරුවෙකු
දෙමව්පියන්  සමග  සුරතල් වෙමින්   වැඩෙයි ,  ඔහු දගකාරය.  එසේම  ඉතා
දක්ෂ  දරුවෙකි.  නමින්  භූපති  දුර්විෂ්   සිගේරාය.  මව වන  ශෂි  මධුකා ද
සිල්වා   හරිශ්චන්ද්‍ර  මහ  විදුහලේ   නැටුම්   ගුරුවරියයි. ඇය
ශාස්ත්‍රපති  උපාධිධාරිණියකි.   පියා   වන  ලහිරු  අසංක ද  සිල්වා  ශ්‍රී
ලංකා  පොලිස්  නර්තන  කණ්ඩායමේ  නර්තන  ශිල්පියෙකි.

පහත  සදහන්  සම්මාන  සහ  කුසලාන  ඔහුගේ  දක්ෂතාවයේ  ප්‍රතිඵලය.   නැටුම
පමණක්  නොව  ඉගෙනීමේ   කටයුතුද  නිසි  පරිදි   කරගෙන  යාමට  මෙම  දරුවා
සමත්   බව  ඔහුගේ  මව  අපසමග  පැවසීය.   ගනතයට  විශේෂ  දක්ෂතා  දක්වා
ඇති  අතර  ඉංග්‍රීසි,  සිංහල  යන  විෂයන්ටද  දස්කම්  දක්වමින්  සම්මානද
දිනාගෙන  ඇත.දරුවා  ගැන  මව  ප්‍රකාශකළේ  මෙවන්  අදහසකි.
” පුතා  නටන්න  ගත්තෙ  අවුරුදු  2  ½  වගේ  වයසෙ  ඉදලයි.  දේශීය  පහතට
සම්ප්‍රදායේ  නැටුම්  ගැනත්,  තම්මැට්ට  වාදනය  පිළිබදවත්  වයසට  වඩා
මුහුකුරා  ගිය  දැනුමක්  පුතාට  තියෙනවා.

දරුවා  මෙවැනි  දැනුමක්  ලැබීම  ගැන  මව  තවදුරටත්  මෙසේ  පවසයි.

අපේ   මුළු  පවුලම   කලාව  තුළින්  තමයි  ඉස්සරහට  ගියේ.  මගේ  මව ,
දරුවාගේ   ආච්චි  අවුරුදු  23ක්  හරිශ්චන්ද්‍ර  විදුහලේ  සංගීත
ගුරුවරියක්  ලෙස  සේවය  කළා.

”සීයා  එනම්  මගේ  පියා  නාට්‍ය  වේදියෙක්.
මම  දැනට  හරිශ්චන්ද්‍ර  විදුහලේ  සංගීත  ගුරුවරියක්  ලෙස  සේවය  කරනවා.පෙර  පාසැල්  වියේ  පසුවන  මෙම  දක්ෂ  දරුවා  දැනට   QUCK  WAY
BILINGUAL  COLLAGE  නම්වූ  ජාත්‍යන්තර  පාසැලේ  ඉගෙනුම  ලබයි.

DSC_1237 DSC_1231 DSC_1222