ළමා අපයෝජකයෙකු රක්ෂිත බන්ධනාගාරයට

0
82

කටාන කෝංගොඩමුල්ල අක්ක6 07 වත්තේ පදිංචි අවු 13ක දැරිවියක් අපහරණයට ලක්කළ බව කියන එම දැරියගේ මවගේ දෙවන විවාහක සැමියාව ජුනි මස 11 වනදා මීගමුව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත්කර ඇත.
සිද්ධියට මුහුණ දුන් දැරිවියගේ පවුලේ දියණියන්  3කි. අවුරුදු කීපයකට පෙර එම දරුවන්ගේ පියා මියගොස් ඇති අතර ඔවුන් ජීවත් වී ඇත්තේ මවත් ඇයගේ දෙවන විවාහක පුරුෂයාත් සමගිනි.
වාර්තා වන පරිදි මවත් බාප්පාත් සෑම රාත‍්‍රීයකදීම මත්පැන් පානය කරති. මවට නින්ද ගිය පසු  පවුලේ දෙවන දියණියව කාලයක සිට බාප්පා විසින් ලිංගිකව අපයෝජනයට ලක්කරමින් සිට ඇත. මේ සම්බන්ධව දැනගත් මේ ප‍්‍රදේශයේ යම් පුද්ගලයෙකු 119 අංකයට දුරකථන ඇමතුමක් ලබාදී මේ බව දැනුම් දී තිබේ. පසුව මීගමුව පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණි. එහිදී මීගමුව අතිරේක මහේස්ත‍්‍රාත්වරිය විසින් මෙම සැකකාර බාප්පාව ජුනි මස  25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here