ළමා වාට්ටුවේ අඩුපාඩු ගැන මීපුර ලිපියට රුචිතගෙන් ප්‍රතිචාර ! ප්‍රංශ මිතුරන්ගෙන් ඇදන් 6ක් රෝද පුටු 3ක් !

0
264

රුචිත 1මීගමුව රෝහල අද මුහුණ දෙමින් ඇති අර්බුදය පිළිබදව නිරන්තර අවධානයෙන් සිටින මිපුර වෙබ අඩවිය විසින් එහි ලමා වාට්ටුවේ පවතින අඩුපාඩු පිළිබදව ලියා තිබුණ ලිපිය හේතුකොට ඉක්මන් ප්‍රතිචාර දැක්විමට මීපුර වෙබ් අඩවියේ නිත්‍ය පාඨකයෙකු වන  රුචිත කුරේරා මහතා පියවර ගෙන තිබේ.
ලමා වාට්ටුවේ හිතවත් වෛද්‍යවරයෙකුගෙන්ද කරුණ විමසා තිබුණ ඔහු ප්‍රංශයේ ශ්‍රිලාංකික සමිතියක ආධාරයෙන් ඇදන් 6 ක් රෝද පුටු 3 ක් පරිත්‍යාග කිරිම සදහා අද දිනයේ පියවර ගෙන තිබුණි.
මෙවන් මැදිහත්විම් අපගේ මාධ්‍ය භාවිතාවේ  මෙහෙවර ගැන මංසලකුණුය.