ළිදට වැටුන මවට අසාධ්‍යයි ! බිළිදිය මිය යයි ?

0
392

ළිද 1අද 03 දහවල් බොරලැස්ස ප්‍රදේශයේදි අසල්වැසි නිවෙසක තිබු ළිඳකට මවක් හා දියණියක් වැටි මාස 10 ක කුඩා දියණිය මියගොස් ඇතැයි වෙන්නප්පුව පොලිසිය පවසයි මෙලෙස මියගොස් ඇත්තේ බොරලැස්ස සාන්ත ආනා මෝල පාර ප්‍රදේශයේ පදිංචි වර්ණකුලසූරිය පටබැඳිගේ නිකේෂා දෙව්මිණි නැමති කුඩා බිළිඳියකි
ළිඳට වැටිමෙන් බරපතල කම්පනයකට පත්ව සිටින දැරියගේ මව මේ වන විට මාරවිල රෝහලට ඇතුල් කර ඇති බව පොලිසිය කීය අද 03 දහවල් 12 ට පමණ ළිඳ පිහිටා ඇති නිවෙස් හිමි කාන්තාව රැකියාවට ගොස් පැමිණ මුණ සේදීමට ගිය අවස්ථාවේ ළිඳ තුලින් ආපු ශබ්දය පිළිබඳව සොයා බැලිමේදි එම කාන්තාව හා දරුවා දැක අසල්වාසීන්ට කතා කොට ඔවුන්ගේ සහයෙන් ගොඩට ගෙන ලුණුවිල ප්‍රාදේශිය රෝහලට රැගෙන යන විටත් කුඩා දියණිය මියගොස් ඇති බව පොලිසිය පැවසීය කාලයක සිට මෙම කාන්තාව මානසීක රෝගයකට බෙහෙත් ගන්නා බවත් එය සුව වි සිටින අතරතුර මෙම අවසනාවන්ත සිදුවීම වි ඇති බවට ඥාතින් පවසන අතර බොහෝ දිනවල මෙම කාන්තාව ළිඳේ වතුර පෙන්වීමට දරුවා එම ළිඳ ලඟට රැගෙන එන බවත් ඔවුන් පැවසීය දරුවත් රැගෙන මෙම කාන්තාව ළිඳට පැන්නාද එසේත් නැතිනම් මව දරුවාට ළිඳේ වතුර පෙන්වීමට යාමේදි ළිඳට වැටුනාද යන්න සොයා බැලිමට පරික්ෂණ සිදු කරන බව පොලිසිය කීය
චන්දන ප්‍රනාන්දු