ෆයිබර් ග්ලාස් වැඩක් නම් කුරණ සුනිල් ව හමුවන්න

0
9

 

දශක තුනකට වැඩි කාලයක් එනම් වසර 35ක පමණ කාලයක් පුරාවට මිගමුව- කුරණ ප්‍රදේශයේ ෆයිබර් ගලාස් ශිල්පියෙකු ලෙස නමක් දිනාගත් සුවිශේෂී පුද්ගලයෙක් ගැන කියන්නයි මේ සටහන තැබෙන්නේ.
ඔහු නමින් කුරුකුළසූරිය සුනිල් ප්‍රනාන්දු.  ෆයිබර් සුනිල් කිව්වහම මීගමුව කුරණ පැත්තේ කවුරුත් ඔහුව හොඳින් හඳුනනවා. 1954 මීගමු කුරන ප්‍රදේශයේ උපන් සුනිල් පාසල් ගියේ බෝලවලාන මහා විද්‍යාලයට. සුනිල්ගේ පියා රැකියාවට කෙරුවේ ලී වලින් ධීවර බෝට්ටු හදන එක. ඔහුගේ පියා මේ වෙද්දි මිය ගිහිල්ලා. ඔහුගේ මවට මේ වෙද්දි වයස අවුරුදු 98 යි. ඔහුට තව වැඩිමහල් සහෝදරියක් ඉන්නවා.  සුනිල් 08 පන්තියේදී පාසල් අධ්‍යාපනය හමාර කරලා, සිය පියා රැකියාව කළ බෝට්ටු වැඩපළට යනවා අත් උදව් රැකියාවකට.

ඒ බෝට්ටු හදන තැන ඒ කියන්නේ ඒ බෝට්ටු වැඩපොලේ අයිතිකාර ජෝසප් පිටර් මුදලාලි සුනිල්ව නිල්මැරීන් ආයතනයේ රැකියාවකට යොමු කරනවා. ඒ 1971 වසරේ, එතකොට සුනිල්ගේ වයස අවුරුදු 17 ක් විතර ඇති . ඇත්තෙන්ම සුනිල් කියන විදිහට ඒක රැකියාවකටත් වඩා ඒක පුහුණුවක්. එතනදි තමයි සුනිල් වඩු වැඩ වගේම ෆයිබර් ග්ලාස් තාක්ෂණය හොඳින් දැන කියා ගත්තේ.
විශේෂයෙන් මෙතනදි බෝට්ටුවල වාගේම එක එක විදිහේ මැෂින්වලට, එමෙන්ම නොයෙක් දේවල් වල විවිධ විවිධ අංගෝපාංගවලට අච්චු හදන හැටි සුනිල් ට හොඳ අවබෝධයක් වගේම හොඳ පුහුණුවක් මෙතනදි ලැබිලා තියෙනවා.නිල්මැරීන් ආයතනයෙන් ෆයිබර් ග්ලාස් තාක්ෂණය සම්බන්ධව ඔහුට ලැබුණ දැනුම, පුහුණුව සහ පලපුරුද්ද නිසාම 1986 වසරේ දොහා කටාර් රාජ්‍යයේ “අල්මිස්තාර් ෆයිබර් ග්ලාස් ” ආයතනයේ රැකියාවකට පිවිසීමටද ඔහුට අවස්ථාවක් ලැබෙනවා.
එහිදීද ඔහුට ෆයිබර් ගලාස් තාක්ෂණය සම්බන්ධව වැඩි අත්දැකීම් ලබාගන්නට අවස්ථාවක් ලැබිලා තියෙනවා දොහා කටාර් රාජ්‍යයේ අවුරුදු 05 ක පමන කාලයක් සේවය කළ ඔහු නැවත 1991 වසරේ මෙරටට පැමිණ ජා-ඇල, ඒකල ප්‍රදේශයේ ෆයිබර් ග්ලාස් වැඩපළක රැකියාවකට ගියත් ඔහුට ලැබුනේ අඩු මාසික වැටුපක් නිසාවෙන් ඔහු බහා⁣රේන් රාජ්‍යයේ රැකියාවකට යොමුවීමට තීරණය කළා. බහරේන් රාජ්‍යයේ ” ෆයිව් ප්ලස් ” නැමැති එම මහා පරිමාණ ෆයිබර් ග්ලාස් කර්මාන්ත ශාලාව තුළ අති විශාල ප්‍රමාණයේ ෆයිබර් ග්ලාස් වලින් ජල ටැංකි ඇතුළු බොහෝ දේ නිෂ්පාදනය වුණා.
මේ නිසාවෙන්ම ෆයිබර් ග්ලාස් සම්බන්ධව වඩාත් හොඳින් දැනුවත් වෙන්නටත් ෆයිබර් ග්ලාස් තාක්ෂණය පිළිබඳ තවත් නව ප්‍රවණතාවයන් සහ ඒ සඳහා භාවිතා කරන නව රසායනික ද්‍රව්‍යයන් පිළිබඳවද දැන කියාගන්නට ඉතා හොඳ අවස්ථාවක් ඔහුට ලැබුණා. ඉන් පසුව ඔහු 1995 වසරේ නැවත මෙරටට පැමිණ මීගමුව- කුරණ නිගම්බු ඇක්වේරියම් අසල ඔහුගේ ෆයිබර් ග්ලාස් වැඩපළ ආරම්භ කලා.එතැන සිට පුරා වසර 08 ක පමණ කාලයක් සිය ෆයිබර් ග්ලාස් සේවා කටයුතු පවත්වාගෙන යමින් මීගමුව නගරයේ සහ අවට ප්‍රදේශ වල ජනතාවගේ සියළු ෆයිබර් ගලාස් සම්බන්ධ අවශ්‍යතා සපුරා දීමට ඔහු කටයුතු කලා.

ඔහුගේ මෙම ෆයිබර් ග්ලාස් වැඩපල තුළින් සිදු වෙන කාර්යභාරය නිසාම කෙටි කලකදී ඔහුව මීගමුව-කුරන ප්‍රදේශයේ පමණක් නොව මීගමුව නගරයේ මෙන්ම පිට ප්‍රදේශවලද ඔහුව බොහෝ දෙනෙක් දැන කියා ගත්තා. ඉන් පසුව ඔහු ෆයිබර් ග්ලාස් වැඩපළ පවත්වාගෙන ගිය ස්ථානය වනස් කරමින් මීගමුව කුරණ ප්‍රදේශයේම ෂාෂා අවන්හල සමීපයේ ඇති නව ගොඩනැගිල්ලක සිය නව වැඩපළ ආරම්භ කරමින් එහි සිට සිය ෆයිබර් ග්ලාස් සම්බන්ධ කටයුතු මේ වනවිටත් කරගෙන යමින් සිටිනවා.
මේ වන විට විශේෂයෙන්ම ඔහු සොයා වැඩි වශයෙන්ම පැමිණෙන්නේ රථ වාහන හිමිකරුවන් වීමද විශේෂත්වයකි. තමන්ගේ වාහනයක, එසේ නොමැති නම් තමන් සතු යතුරුපැදියක තහඩුවෙන් හෝ ප්ලාස්ටික් වලින් තනා ඇති බොඩි පාර්ට් එකක් එක්කෝ හදිසි අනතුරක් හේතුවෙන් නැතිනම් කාලයක් ගතවී මලකඩ කෑමකට හෝ දිරායාමකට ලක් වුවහොත් එම බොඩි පාර්ට් එක තිබුන විදිහටම හදා ගන්න එහෙමත් නැත්නම් ඒ විදිහටම අලුත් බොඩි පාර්ට් එකක් හදාගන්නත් බොහෝ දෙනෙක් සුනිල් ගාවට එනවා.
ඒ වගේම අපේ නිවෙස් වල තියෙන වොෂින් මැෂින් එකක ප්‍රිජ් එකක ඒවගේම මහණ මැෂින් එකක වාගේ ඕන දේක තහඩුවෙන් හදපු පාර්ට් එකක් එක්කෝ කැඩිලා එහෙම නැත්නම් දිරලා තිබුනොත් හරි එහෙම නැත්නම් ඒ වගේ මැෂින් එකක ප්ලාස්ටික් පාර්ටි එකක් කැඩිලා පුපුරලා ගිහින් තිබුනත් සුනිල් ගාවට ආවොත් ඒවා ඔරිජිනල් විදියටම හදලා දෙන්න සුනිල්ට හොඳ හැකියාවක් තියෙනවා. අපි අර මුලදීත් කිව්වා වගේ ඔහු ළඟට වැඩිපුරම එන්නේ රථ වාහන හිමියෝ, ඒ අය බොහොමයක්ම එන්නේ තමන්ගේ වාහනයේ බෆර් එක හදාගන්න.
ඒ මොකද සුනිල් නම් කියන්නේ වාහන එළවන අය වැඩිපුරම හප්පගන්නේ වාහනයේ ඉස්සරහ තියෙන බෆර් එක කියලා. ඒ වගේමයි දැන් දැන් සුනිල්ව හොයාගෙන වාහන මොඩිෆයි කරන අයත් වැඩි වැඩියෙන් එනවා, තමන්ගේ වාහනය අනෙක් වාහන වලට වඩා කැපිලා පේන විදිහට විවිධාකාරයේ බොඩි කිට් එහෙම හදාගන්න.
බොහෝ රථවාහන හිමියෝ ඒ වාහනවල විවිධාකාරයේ පාර්ට්ස් සුනිල්ට කියලා ෆයිබර් ග්ලාස් වලින්ම හදාගන්න බලන්නේ ඒ පාර්ට්ස් රථ වාහන පාර්ට්ස් විකුණන තැන්වලින් මිලට ගන්න ගියොත් විශාල මුදලක් වැය වෙන නිසා. සාමාන්‍යයෙන් එහෙම තැනකින් ගන්න පාර්ට් එකකට යන මුදලින් සියයට පනහක් වගේ ප්‍රමාණයකටත් අඩු ගණනක් තමයි සුනිල් ගාවින් අලුතින්ම හදවන ෆයිබර් ගලාස් පාර්ට් එකකට වැයවෙන්නේ. අනික සුනිල් ගාව තියෙනවා, ඒ පාර්ට් වලට හරියන අච්චුව . ඉතින් අච්චුවට ෆයිබර් ග්ලාස් මිශ්‍රණය දාලා අලුතින්ම පාර්ට් එකක් හදලා දෙන්න , සුනිල්ට හරිම ලේසියි. අනිත් එක සුනිල්ට අච්චුවක් නැතත් ප්ලයි වුඩ් සහ කාඩ්බෝඩ් භාවිතා කරලා අලුතින්ම අච්චුවකුත් හදලා අලුතින්ම පාර්ට්ස් හදන්නත් ඔහුට තියෙන්නේ විශේෂ හැකියාවක්.

ඉතින් අපි ඔබට නැවතත් කියන්නේ ඔබේ වාහනයක හෝ යතුරුපැදියක එහෙම නැත්නම් ගෙදර තියෙන ප්‍රිජ් එකක, වොෂින් මැෂින් එකක, නැත්නම් මහන මැෂින් එකක වගේ තියෙන ප්ලාස්ටික් වලින් හෝ තහඩු වලින් ඇති බොඩි පාර්ට් එකක් කැඩිලා, මලකඩ කාලා, දිරාපත් වෙලා, පුපුරලා වගේ තිබුණොත්, ඒ වගේ වෙලාවට ඔයාලත් මීගමුව-කුරණ ඉන්න සුනිල්ව හමුවෙලා ඔබේ අවශ්‍යතාවය කියලා බලන්න. ඔබට අවශ්‍ය අමතර කොටස් එක නියම ගානට නියම මිම්මට හරියටම ඔරිජිනල් විදිහටම අලුතින්ම හදලා ඔයාලා අතට පත් කරන්නට සුනිල් පුළුවන්.
ඉතින් මේ මොනවා කළත් ඔහුගේ අය කිරීම් නම් ඉතාම සාධාරණයි. ඒ වගේමයි ඔහු ඉතා විශ්වාසවන්තව වැඩේ කරලා දෙනවා. එක වරක් හෝ සුනිල් ගාවට මේ වගේ වැඩක් කරගන්න ගියොත් අපි මේ කියන දේ ඔයාලට හොඳින්ම වැටහේවි.ඉතින් ඔයාලටත් ඕනෑම ආකාරයක ෆයිබ්ර් ගලාස් වැඩක් එහෙම කරගන්න ඕන වුනොත් සුනිල්ව මතක තියාගන්න, සුනිල්ව හමුවන්න. නැත්නම් ඔහුට කතා කරන්න.

දුරකථන අංකය- 0743286436.

 

දුරකථන අංකය- 0743286436.