ෆ්‍රැන්සින් පාප්තුමන්ට එරෙහිව රෝමයේ පෝස්ටර්..

0
101

_94679415_r4_pope_processed_gettyimages-634014574

රෝමයේ හා ඒ අවට ප්‍රදේශවල තාප්ප වල පළමුවන ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ මුහුණ යම් කිසි විකෘති අකාරයකින් ඇලවූ පෝස්ටර්  පසුගිය දිනව දැක ගැනීමය හැකිවී තිබෙනවා. පාප්තුමන්ගේ පෝස්ටර්වලට යටින් පාප්තුමන් වෙත එල්ලකෙරුණ චෝදනාවක් රාශියක්ද අලවා තිබෙනවා.

මින් පෙර රෝමයේ සංචාරයේ යෙදුන පුද්ගලයෙකුට සෑම නිටම පාහේ දැකගැනීමට හැකි වූයේ නිරතුරුව සිනාමුසු මුහුණින් සිටින පාප්තුමන්ගේ සුන්දර ඡායාරූප වලින් පිරිණු රෝම නගරයක් නමුත් මේ වන විට තත්වය යම්තාක් දරකට වෙනස් වී ඇති බවයි පෙනෙනන්ට තියෙන්නේ.

ඒ අතරම වතිකානු පුවත්පතේ මුල් පිටුවත් යම්ආකාරයකින් වෙනස්වී ඇති බවයි පැවසෙන්නේ. පාප්තුමන්ගේ ක්‍රියාකලාපයට විරුද්ධවන ගතානුගතික කාදිනල්වරුන් පිරිසක් විසින් පාප්තුමන් වෙත යොමු කෙරුන ප්‍රශ්ණ රාශියකුත් එහිදී දැකගත හැකි වී තිබෙනවා. එලෙස අසා ඇති ප්‍රශ්ණවලට පිලිතුරු ලෙස ඔවුන් බලාපොරෙත්තු වී ඇත්තේ ඔව් හෝ නැත යන්න පමණක් බවත් විශේෂයෙන්ම සදහන් කල යුතු වෙනවා.

ලෝකය පුරා කතෝලික ජනතාවගෙන් පමණක් නොව වෙනත් සියළුම ආගම්වල පිරිස්වලින් අතිවිශාල ජනප්‍රියත්වයක් ආදාරයක් ලබා සිටින ෆ්‍රැන්සිස් පාප්තුමන්ට වතිකානුවෙන්ම මේ වන විට යම් කිසි ප්‍රතිරෝදයක් එල්ල වී තිබෙනවා.ඒම ප්‍රතිරෝදය පාප්තුමන් කෙරෙහි එල්ල කිරීට ඉදිරිපත් වී ඇත්තේ සාම්ප්‍රදායික ලෙස සිතන කාදිනල්වරුන් ඇතුළු කතෝලිකයන් පිරිසකගෙන්ම බවත් විශේෂයෙන්ම මෙහිලා සදහන් කල යුතුමයි.

මෙලෙස පාප්තුමන් විවේචනයට ප්‍රධානතම හේතුව වී ඇත්තේ ලිංගිකත්වය සම්බන්දයෙන් එතුමන් දරන මතයයි. විවාහයෙන් දික්කසාද වී නැවතත් විවාහයක් කර ගන්නා පුද්ගලයන්ට දිව්‍යසත්ප්‍රසාද වහන්සේ ලබා දීම පාප්තුමන් විසින් පිලිගෙන සිදුකරන අතර එතුමන්ට විරුද්ධ පිරිස් පවසන්නේ කතෝලික සභාවේ ඉගැන්වීමන් වලට අනුව එවැනි ක්‍රියාවන් අනාචාරයේ හැසිරීමක් බවයි. පාප්තුමන්ගේ විරුද්ධවාදීන් විසින් එකුමන්ට එල්ලකර ඇති චෝදනා සියලල්ම පාහේ ඒ මාතෘකව තුල ගොනු වී තිබෙනවා.

ෆ්‍රැන්සිස් පාප්තුමන්ට විරුද්ධ පිරිසේ ඉදිරියෙන් සිටින්නේ ඇමරිකානු කාදිනල්වරයෙකු වන රේමන්ඩ් බර්ක් නැමැති කාදිනල්තුමෙකුයි. ජෝන් කෙනෙඩි ඇමරිකාවේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අවස්ථාවේ ඔහු ගබ්සාවට සහය පලකිරීම නිසා ඔහුට දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලැබීමට නොහැකි බවත් මේ කාදිනල්තුමන් එවකට ප්‍රකාශ කර තිබෙනවා.

රේමන්ඩ් බර්ක් කාදිනල්තුමන් තමන්ගේ ජීවිතකාලයෙන් විශාල කාලයක් කතෝලික සභාවේ නීති ඉගැනීම වෙනුවෙන් වැය කර ඇති අතර ඒවා ඒ ලෙසම ආරක්ෂාකිරීම ඔහුගේ විශාල බලාපොරෙත්තුවක් වී තිබෙනවා. බරක් කාදිනල්තුමන් විශ්වාස කරන්නේ ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ ක්‍රියාකලාපය නිසා වසර 2000කටත් වඩා පැරණි කතෝලික සම්ප්‍රදායන් විශාල පරිහානියකට පත්වෙමින් තිබෙන බවයි.

කතෝලික සභාවේ මූලධර්ම පැහැදිලි කිරීමක් ලෙස තමන්ගේ උත්සාහය නම් කර ඇති බරක් කාදිනල්තුමන් තමන් ජීවත්වන ස්ථානයේ හා එතුමන් බැහැදැකීමට පැමිණෙන පිරස් වෙක කතෝලික සභාවේ සිරිත් ඒ ආකාරයෙන්ම ඉදිරිපත් කිරීමටත් කටයුතු කරන්නෙක් බවයි වාර්ථා වන්නේ. කාදිනල්තුමන්ගේ රතු පැහැති හිස්ආවරණය වීදුරු පෙට්ටියක බහා එය පූජනීය ධාතුවක් වශයෙන් ඉදිරිපත් කර ඇති අතර කාදිනල්තුමන් විසින් එතුමා බැහැදැකීමට පැමිණෙන පිරිස් මුණගැසෙන ස්ථානයේ රජවරුන් භාවිතාකල වැනි විශාල පුටුවක්ද දැකගතහැකි වනවා. කාදිනල්තුමන් පැමිණි විට එතුමා බැහැ දැකීමට පැමිණෙන පිරිස් විසින් එතුමාගේ අතෙහි රැදි මුදුව එතුමා ඉදිරියේ දණින් වැටී සිපගනිමින් එතුමා පිලිගැනීම අනිවාර්‍යයෙන්ම සිදුවන්නක්. නමුත් ෆ්‍රැන්සිස් පාප්තුමන් බැහැදැකීමට පිරිස් පැමිණීමේදී එතුමා ඉදිරියේ මිනිසුන් දණින් වැටීම ෆ්‍රැන්සිස් පාප්තුමන්ව යම් ආකාරයකින් අපහසුතාවයකට පත්කරන සිදුවීමක් වන බවත් එවැනි අවස්ථාවන්වල පාප්තුමන් බැහැදැකි පිරිස් පවසනවා.

කෙසේ හෝ ලෝකය පුරා අතීශය ආදරයට පත්ව ඇති ෆ්‍රැන්සිස් පාප්තුමන්ට එල්ලවී ඇති විරෝධතාවයට ඉදිරියේදී කුමක්වනු අැත්දැයි කතෝලිකයන් වශයෙන් අප විමසිල්ලේන් බලා සිටිමු.

 

 

 

BBC හි පලවූ ලිපියක් ඇසුරිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here