ෆේස් බුක් ප්‍රජාව ගැන මනෝගේ සටහන

0
88

මනෝශ්‍රී ලංකාවේ ෆේස්බුක් ප්‍රජාව ගැන දැනෙන්නේ මහා ආඩම්බරයකි..මෙය කොටද්දිත් දෑසට කඳුළු නැගෙයි. බොහෝ දෙනා ආපදා සහන ගිණුම් අංක විමසයි, කෑම දියහැකි තැන් අසයි, ප්‍රවාහන පහසුකම් ඉල්ලයි, අඩුපාඩු ඉල්ලයි, සියලු මාධ්‍යවලට කන් දෙමින් ප්‍රවෘත්ති දැනුම්දෙයි. ඒවා අසුරු සැණින් ලබාදීමට / ක්‍රියාත්මක වීමට ෆේස්බුක්වාසීන් සූදානම් ය.

ජනමාධ්‍ය සියල්ලම අභිබවමින් සහනසේවා සඳහා මුලින්ම විධිවිධාන යෙදුවේ ෆේස්බුක්ය. දේශපාලනයේදි මරා ගන්නා අපි දුකේදි එකට සිටින්නෙමු.. ලාංකිකයන්ගේ හැටි මෙහෙමය..

දියෙහි ධාවනය කළ හැකි වාහන තිබුණා නම් අපි සැවොම මේ වන විට ඒ ඒ තැන් වලය. නමුත් මෙවෙලෙහි කළ හැකි එකම දෙය ද්‍රව්‍යමය ආධාර ලබාදීම පමණකි.

ඉක්මනින් වැසි නැවතේවා.. කැලණි ගඟ සන්සුන් වේවා…!! ප්‍රාර්ථනා පසෙක තිබියදි යුතුකම් කළ යුතුය. අපි ඉගෙනගත්තේ මේ මිනිසුන් ගෙවූ බදු මුදල් වලිනි…..!!!