ෆෝන් එකේ බිලක් කළ හදියක් ? බිරිඳ ගඟට පැනලා ?

0
152

matara-news1

මොරවක නෙළුව පදිංචි 32 හැවරිදි කාන්තාවක් සිය සැමියා හා අවුරුදු 4 ½ දරුවා සමඟ පෙරේදා (16 ) මාතර නගරය වෙත පැමිණියේ සැමියාගේ ඉල්ලීමකට අනුවය. ඊට පෙර ඇයගේ ජංගම දුරකතනයට සැකකටයුතු ඇමතුම් කිහිපයක් ලැබී තිබීම නිසා සැමියා සිටියේ ඇය ගැන දැඩි සැකයෙනි මේ නිසා දෙදෙනා අතර සුළු සුළු බහින් බස් වීමද ඇති වී තිබුණි.
34 හැවරිදි සැමියා කඩවසම් අයෙකි බිරිඳ පාවිච්චි කරන ජංගම දුරකතනයේ සිම් පත ලියාපදිංචි වී තිබුනේ ඔහුගේ නමටය. තමාගේ කිසිඳු අනවශ්‍ය සම්බන්දතාවයක් නොමැති බව බිරිඳ සැමියාට කියා තිබුණි.

මාතර බලන්න යමුයි පවසා නෙළුවේ සිට පැමිණි ඔවුන් සුළු වෙලාවක් මාතර සුන්දර වෙරළතීරයේ අසිරිය විඳගන්නා ලදී.බිරිඳ බස් නැවතුම්පොළ නවතා “මම කඩේට ගිහින් එන්නම් “ කියා සැමියා දරුවා සමඟ ඉවත් විය. බිරිඳට ඈතදීම දැක ගත හැකිවුයේ සැමියා ගියේ කඩයට නොව මොබිටෙල් පාරිභෝගිකසේවා මධ්යස්ථානයට බවයි.
සැමියා මුදල් ගෙවා බිරිඳ පාවිච්චි කරන තම නමට ඇති සිම්පතේ සවිස්තරාත්මක ඇමතුම් වාර්තාවක් මුදල් ගෙවා ඇනවුම් කළේය.ඒ වනවිට බිරිඳ ඒ ගැන සක සිති මාතර මහානාම පාලම උඩට දිව ගියේය.

දෙනොදහසක් බලා සිටිය දී ඇය ශනයකින් ගඟට පැන්නේය. තමන්ට ඊළඟට කරන දෙයක් නොමැති නිසාය නිල්වලා ගඟේ ජලකඳ වෙනදාට වඩා සැරවිය. ඇය ගඟ මද ගිලී නොපෙන යන විට විශාල පිරිසක් ඒ දෙස බලා සිටියේය.
ජීවිතයත් මරණයත් අතර සටනක නිරත උවද ඇය සිය ආත්ම ශක්තිය අත් නොහළේය.තනිවම ගංඉවුර වෙත පිහිනා ගියේ දැඩි අපහසුවකිනි කෙසේ හෝ ඇය සිය ජීවිතය බේරා ගත්තේය.

මාතර පලතුරු වෙළෙන්දකු පමණක් ගං ඉවුරට ගොස් ඇයට ගොඩට ඒම සඳහා උණ බටයක් දිගුකරන ලදි. මේජර් සමන් බාලසුරිය මහතාගේ උපදෙස් පරිදි යුධ හමුදා සෙබළුන් දෙදෙනකු ද ඊට සහය විය.
මාතර මහා රෝහලේ ප්‍රතිකාර සඳහා ඇතුලත් කල ඇය බැලීමට සැමියා පැමිණියේය තම ඇත සිටි දරුවා ඇයගේ පපුව උඩ තැබූ විට ඇය දරුවා සිප වැළඳ ගත්තාය.
මාතර මුලස්ථාන පොලිසිය මේ පිලිබඳ වැඩිදුර පරීක්ෂණ මෙහයවති
(matara hot news අැසුරෙනි)