මානව හිමිකම් ක්‍රියාධරයෙකුට මරණ තර්ජන

0
482

මානව හිමිකම් හා ධීවර අයිතීත් වෙනුවෙන් ක්‍රියාකාරී වන මන්නාරමේ පදිංචි  ඇන්තනී බැසිල් සුසෙයි (සුනේෂ්)  මහතාගේ  නිවසට  නොවැම්බර්  21  වනදා  නාඳුනන පුද්ගලයන් පිරිසක් පැමිණ  තර්ජනය කරමින් පැය භාගයක් පමණ නිවසින් පිටත  දොර අසල සිට ඇති අතර  නිවසේ දොරට ගසමින් සුනේෂ් මහතාව එළියට දෙන ලෙස ඉල්ලා ඇත.   මෙම අවස්ථාවේදී ඔහුගේ නිවසේ සිට ඇත්තේ ඔහුගේ බිරිදත් මාස කීපයක් වයසැති පුංචි පිරිමි දරුවාත්  පමණි.  පසුව එළියේ සිටි ඔත්තු සේවයක යැයි හදුන්වාගත්  රිස්වාන් නම් පුද්ගලයෙුකු  විසින්  සුනේෂ් මහතාට දුරකථනයෙන්  කතා කොට බැන වදිමින් මරණීය තර්ජන එල්ල කොට තිබේ.
ඔහුගේ ජීවිතයට ඇතිවී ඇති මෙම තර්ජනය හමුවේ  ඒ  මහතාගේ ජීවිතය ආරක්ෂා කර දෙන ලෙස ඉල්ලා පෙත්සමක් ,  අද මන්නාරමේ පොලිස් අධිකාරී කාර්යාලයේ සහකාර පොලිස් අධිකාරී සුගතදාස  මහතාට   බාර දෙන ලදී. මෙම පෙත්සම  මන්නාරමේ  සහකාර දිසාපතිතුමියටත්  බාරදුන් අතර මෙම අවස්ථාවට මන්නාරම් රදගුරු ගරු රායප්පු ජෝශප් න් හිමිපාණන්  අැතුළු මන්නාරම් පදවියේ පියතුමන්ලාද උතුරු පළාත් සභාවේ ධිවර ඇමතිවරයා සහසෞඛ්‍ය ඇමතිවරයා ද සමගි බලවේගයේ බ්‍රිෙටා් ප්‍රනාන්දු ද, මන්නාරම් පුරවැසි කමිටුවේ ක්‍රියාකාරීන් ද  සහභාගී වූහ.
s2
4

7 p

6
5
7සුනේෂ් මහතාගේ බිරිද විසින් මන්නාරමේ පොලීසිය වෙත කළ පැමිණිල්ලේ රිසිට් පත.

පසුගිය නොවැම්බර් 15 වනදා බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන්   මහතා යාපනයේදී සංචාරයක නියලුන අවස්ථාවේදී  යුද්ධයේදී හා අවසන් කාලයේ දී අතුරුදහන්වූ පුද්ගලයන්ගේ ඥාතීන් විසින්  ඔහු හමුවීම සදහා යාපනය නගර මධ්‍යයේ රැස්වී  සිටි අතර එම අවස්ථාව  ඔවුන්ට මගහැරිනි. එසේ නමුත් එම මාපියන්, බිරින්දෑවරුන් හා ඥාතීන් විසින්  යාපනය පුස්තකාලය අවට සිය අතුරුදහන්වූ ඥාතීන්ගේ  ඡායාරූප සහ තොරතුරු රැගෙන මග දෙපස රැදී සිටියහ. එදින කැමරන් මහතා හමුවීමට දැරෑ උත්සාහයට පොලීසිය විසින් බාධා සිදුකළ අතර එක් අවස්ථාවකදී ඥාතීන් හා පොලීසිය අතර උණුසුම් තත්ත්වයක් ද ඇති විය. දිගින් දිගටම බාධා කළ පොලිස් නිලධාරීන්ගෙන් ඥාතීන් කන්නලව් කරමින් ඉල්ලා සිටියේ කැමරන් මහතා ඉදිරියට යාමට අවසර දෙන ලෙසයි.  මෙම අවස්ථාවේදී සුනේෂ් ද එම ඥාතීන් නියෝජනය කරමින් එම ස්ථානයේ දිගින් දිගටම රැදී සිටියේය.
මෙම අවස්ථාවට මානව හිමිකම් ක්‍රියාධරයන් රැසක්  සහ මාධ්‍යවේදීන් ද සහභාගී වී සිටි අතර මෙම  ඥාතීන් සමග ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ මන්නාරම් දිස්ත්‍රික් සම්බන්ධීකාරක ඇන්ටනී බැසිල් සුසෙයි මහතා ද සහභාගී විය. මෙම සිදුවීමෙන් දින කීපයකට පසු නොවැම්බර් 21 අලුයම  ඇන්ටනී බැසිල් මහතාට (සුනේෂ්) මෙසේ ඔහුගේ ජීවිතය පිළිබද තර්ජනයකට මුහුණ දීමට සිදුවී ඇත.

P1220053

P1220098

P1220027
උතුරු නැගෙනහිර ධීවරයින්ගේ අයිතිවාසිකම් වෙනුවෙන්  මෙන්ම  යුද්ධයෙන් අවතැන්වූවන් හා අතුරුදහන්වූවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් නොපැකිලිව ක්‍රියාකාරී වූ  සිවිල් ක්‍රියාධරයෙකු වන  සුනේෂ් මහතා ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ මන්නාරම් දිස්ත්‍රික් සම්බන්ධීකාරකවරා ද වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here