ඌව දිනවා දීමට ගිය මීගමුව නගර සභා වාහනයේ කුලිය කීයද ?

0
64

 

පසුගියදා නිමාවූ ඌව පළාත් සභා මැතිවරණයේ  එක්සත් ජනතා සන්ධානය  ජයග්‍රහණය කිරීම වෙනුවෙන් ප.සභා ඇමති නිමල් ලාන්සා මහතාට පැවරී තිබුණේ පස්සර , ඌව පරණගම ආසන දිනවාදීමය. මේ වෙනුවෙන් මීගමුව මහ නගර සභා වාහන  දෙකක් සහ රියදුරන් ද සති ගණනාවක් පස්සරට ගෙන ගොස් තිබුණි. මෙම වාහන දෙකින් එකක් මීගමුව මහ නගර සභවේ වැඩකටයුතු සඳහා කුලී පදනම මත කුරණ ප්‍රෙද්ශයෙන් ගෙන තිබූ හයිඒස් වර්ගයේ වෑන් රථයකි.  එම වාහනය සඳහා  වෙනදාට සමාන්‍යෙයන් රු 50 000 ත් 60000 අතර ප්‍රමාණයක කුලියක් ගෙවූවද  සැප්තැම්බර් මාසයේ කුලිය රුපියල් ලක්ෂ 2ක් වී  ඇති බව වාර්තා වේ. මේම වියදම මීගමුව මහ නගර සභාවේ බදුමුදල් වලින් ගෙවන්නට සිදුවන අතර මේ පිළිබඳව කිසිදු විරෝධයක් වගවිභාගයක් හෝ විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන්ද මෙතෙක් කිසිදු විරෝධයක් මතුවී නොමැත.  hotel-palace-sea-street