‍දළුපත දෙවස්ථානයේ බක් මහ අසිරිය පැතිරේ

0
398

P1150091දළුපත මීසම තුළ ක‍්‍රියාත්මක වන තරුණ ක‍්‍රිස්තියානි ශිෂ්‍ය ව්‍යාපාරය (ycs movment) මගින් ප‍්‍රථම වතාවට සංවිධානය කළ මහා බක්මහ අවුරුදු උලෙළක් පසුගිය 18 වෙනි බදාදා දින දවස පුරා පැවැත්විණි. මෙම අවුරුදු වැඩසටහන සාන්ත අන්තෝනි දේවස්ථාන පරිශ‍්‍රය තුළ දී පැවැත්විනි. ප‍්‍රදේශයේ ජාතීන් අතර ආගම් ලබ්දිකයන්  අතර එකමුතුකම, සහයෝගය සහ සාමය වැඩි වර්ධනය කිරීමේ අරමුණින් ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයන් සහ ගම්වාසීන් විසින් මෙය සංවිධානය කර තිබුණි. මෙම බක්මහ අවුරුදු උළෙලේ දී සිංහල චාරිත‍්‍ර වාරිත‍්‍ර සැමරිම සහ සිංහල අලූත් අවුරුදු ජන ක‍්‍රීඩා පැවැත්විණී. ග‍්‍රීස් ගසේ ඇවිදීම  නවමු අංග ද මෙහිදී පැවැත්විණි. දවසේ අවසානයේ අවුරුදු කුමP1150093රිය තේරිමේ තරගයක්ද සංවිධානය කර තිබුණි. එහිදී අවුරුදු කුමාරිය ලෙස දිලිනි දේශානි  ජයග‍්‍රහණය කළ අතර දෙවන ස්ථානය දුලාංජි දනුෂ්කි ට හිමිවූ අතර සුරම්‍ය ට තෙවන ස්ථානය හිමිවිය.
dalupotha aurudu kumari 01

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here