‘නිමල් ලංසා අමාත්‍යවරයාට නොදන්වා මම මීගමුවට කිසිවක් කරන්නේ නැහැ’ මීගමුව නව නගරාධිපති ඇන්ටනී ජයවීර පවසයි.

0
50

ඔක්තෝබර් 28 වැනි සිකුරාදා දින උදෑසන දී මීගමුව නව නගරාධිපති ලෙස සිය නිල රාජකාරි ඇරඹීම වෙනුවෙන් මීගමුව මහා නගර සභාවේ , නගර ශාලවේ පැවැති උත්සවයේදී ආරාධිත අමුත්තන් ඇතුළු රැස්ව සිටි පිරිස ඇමතූ ඇන්ටනී ජයවීර මහතා එලෙස පැවසීය. ඔහු එහිදී ප‍්‍රකාශ කලේ වසර ගනනක් තිස්සේ නාගරීක මංති‍්‍රවරයෙක් ලෙස මීගමුව නගර සභාවට තේරී පත් වූ තමන්ට මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වන විට මීගමුවේ නගරාධිපතිවීමේ කිසිදු අපේක්ෂාවක් තමා තුල නොතිබූ බවයි.

මේ සෑම දෙයක්ම තමන් අදහන දෙවියන් වහන්සේ ගේ කැමැත්ත මත සිදු වී ඇති බවත් කිතුණු දහමට අනුව තමන් අද දින ආරම්භ කල මෙම නගරාධිපති ධුරයේ සිට, අද පටන් මීගමුව ජනතාවට හොද සේවයක් ඉටු කිරීමට කැප වන බවද ඔහු පැවසීය. තමන්ගේ සිතේ හෝ නොතිබුනු නගරාධිපති ධුරය තමන්ට ලබා දුන්නේ තමන් මෙතෙක් ඇසුරු කල හොදම දේශපාලකයා ලෙසින් පිලිගන්නා නිමල් ලංසා අමාත්‍යවරයා නිසා යැයිද ඔහු පැවසීය. එලෙසම තමන්ට වඩා වයසින් බාල වුවත් නිමල් ලංසා අමාත්‍යවරයා තමන්ගේ දේශපාලන ජීවිතයේ හමු වූ හොදම දේශපාලන ගුරුතුමා සහ අනුශාසකයා බවද ඔහු අවධාරනය කලේය. එලෙසම නිමල් ලංසා අමාත්‍යවරයා මීගමුව සංවර්ධනයේ පියා ලෙසද ඔහු හදුන්වා දුන් අතර තම සොහොයුරාට ලැබුනු නගරාධිපති ධුරය පක්ෂ ප‍්‍රතිපත්ති මත කැප කරමින් තමන්ට ලබා දීමට කටයුතු කල නිමල් ලංසා අමාත්‍යවරයාට නොදන්වා මීගමුවට තමන් කිසිවක් නොකරන්නේ යැයිද ඇන්ටනී ජයවීර මහතා වැඩි දුරටත් රැස්ව සිටි පිරිස ඉදිරියේ ප‍්‍රතිඥාවක් ද දුන්නේය.