‘මගේ ජීවිතයට අනතුරක් වුනොත් කතෝලික සභාව වගකිව යුතුයි ‘- ධීවර ජනතා වෘත්තීය සංගමයේ -සභාපති කියයි

0
86
ලෙස්ටර් නෝනිස් පියතුා
ලෙස්ටර් නෝනිස් පියතුමා සහ ධිවරයින්-පෙබ-13පැවති උද්ඝෝෂණයේදී

රජය විසින්  ඉහළ දමන ලද භූමිතෙල් මිළ  පිලිබදව  විරෝධය පා කළ උද්ඝෝෂනයෙන් පසු 14 වනදා අමාත්‍යවරයා විසින් යම් සහන තත්ත්වයක් ලබාදීමට එකතාවයක්  අමාත්‍යාංශයට  කැදවන ලද ධිවර සංගම් හමුවේ ප්‍රකාශ කර තිබුණි. රජයේ  මෙම යෝජනාවට හමුවේ   වැල්ලවීදිය   එකාබද්ධ  ධීවර සංවිධායේ  ස්තාවරය  ප්‍රකාශ කිරීම සදහා ඊයේ (15) වනදා  මීගමුවේ දී සාකච්ඡාවක් කැදවා තිබුණි.  එම  සාකච්ඡාව නියෝජනය කිරිම සදහා කතෝලික පියතුමන්ලා ද වැල්ලවීදිය ඒකාබද්ධ ධීවර සංගමයේ නියෝජිතයන්  සහ  සමස්ත ලංකා ධීවර ජනතා වෘත්තීය සංගමයේ සාමාජිකයන් ද සහභාගි විය.  මෙහිදී රජය විසින් යෝජනා කරන ලද  සහන යෝජනා සදහා  ධිවර සංගම් දෙක අතර ප්‍රතිවිරැද්ධ අදහසක් මතුවීම හේතුකොට සාකච්ඡාවේ දී  ඉතා උණුසුම් තත්ත්වයක් ඇති විය.  එහිදී  සමස්ත ලංකා ධීවර ජනතා වෘත්තීය සංගමයේ සභාපති  අරැණ රෝෂාන් මහතාගේ අදහස වූයේ රජය විසින්  ඉහළ දමන  ලද භුමිතෙල් මිළ  නැවත තිබූ මිළටම අඩුකළ යුතු බවයි.  මෙහිදී  මෙමයෝජනාව පිළිබදව ඇතිවූ සංවාදයේදී ගරැ ලෙස්ටර් නෝනිස් පියතුමා විසින්  අරැණ රොෂාන්  මහතාව දැඩි ලෙස විවේචනයට ලක්කරමින්   ‘ තමුසේ තමයි  ධීවරයින්ව කෑවේ , තමුසේ තමයි මේවට වගකියන්ට ඕනා යැයි ප්‍රකාශ  කරමින් සාකච්ඡජාවෙන් ඉවත්ව ගොස් ඇත.  එයට පිළිතුරැ දෙමින් අරැන රොෂාන් මහතා  විසින් විමසා ඇත්තේ මම  මොනවාද කළේ  කියා මෙතනදීම කියන්න කියායි. එමෙන්ම ගරැ ලෙස්ටර් නෝනිස් පියතුමා  විසින් එසේ ප්‍රකාශ කිරීම පිළිබදව සිය විරෝධය සටහන් කරමින් අරැණ රොසාන් මහතා පවසා ඇත්තේ තමන්ගේ ජිවිතයට යම් කිසි අනතුරක් සිදුවුවහෝත්  කතෝලික සභාව වගකිව යුතු බවයි.