‘‘මේ මහා නගර සභාව දුෂිතයන් ආරක්ෂා කරනවා’’ මීගමුව මහා නගර සභාවේ විපක්ෂනායක රොයිස් ප‍්‍රනාන්දු කියයි.

0
79

ජුලි 06 වැනිදා පැවති මීගමුව මහා නගර සභාවේ ජුලි මස මහා සභා රැස්වීමේදී එහි විපක්ෂනායක රොයිස් විජිත ප‍්‍රනාන්දු මහතා විශේෂිත යෝජනාවක් සභාවට ඉදිරිපත් කර තිබිණි.
එයින් ප‍්‍රකාශ වුයේ මීගමුව ගී‍්‍රන්ස් පාරේ වරිපනම් අංක 104-ඒ දරණ ස්ථානයේ ඇති රහීමියා හෝටලය ඉදිකිරීමේදී ඒ සඳහා එම්.ඒ.ආර්.නිවාස් යන අය ඉදිරිපත් කල  බීඒ/49/2007 යන අයදුම් පත‍්‍රයට අනුමැතිය ලබා දීමේදී නාගරික සංවර්ධන අධිකාරියේ සහ මහා නගර සභාවේ ඉදි කිරීම් රෙගුලාසි වලට පටහැනිව කටයුතු සිදු වී ඇති බවයි. එලෙසම එම ඉඩමට යාබද මීගමුව නගර සභාව සතු ඉඩම් කොටසක්ද ඉහත කී අයදුම් කල තැනැත්තාටම අයිතිකර ගන්නට මෙම අයදුම්පත අනුමත කල බලධාරීන් පිරිස ඉඩ සලසා ඇත. මේ චෝදනා පිලිබඳව පරික්ෂා කර බැලීමට කමිටුවක් පත් කිරීමටත් එම කමිටුවෙන් ලබා ගන්නා වාර්තාව පරිදි වැරදි දුෂන අක‍්‍රමීකතා කර ඇති හා හවුල් වුවන්ට දඩුවම් ලබා දිය යුතු බවද එම යෝජනාවේ වැඩි දුරටත් සඳහන්ව තිබිණි.
මෙම යෝජනාව ඉදිරිපත් කිරීමටත් පෙර මුලසුනේ සිටි වැඩ බලන සේපාල මොරවක උප නගරාධිපතිවරයා සඳහන් කලේ මෙම යෝජනාව පසුගිය මහා සභා රැුස්වීමටද ඉදිරිපත් කර එය යෝජනාවක් ලෙසයෝජනා නොවු බැවින් හා එය ස්ථීර නොවු නිසා ද එදින එය සභාව තුල විවාදයට ගැනීමට නොහැකි වූ බවයි. ඒ නිසා නගර සභා අඥා පනත් වල සඳහන් ප‍්‍රකාරව ඉදිරිපත් කල යෝජනාවක් නැවත මෙවැනි මහා සභාවකට ඉදිරිපත් කල හැකි වන්නේ තවත් මාස 06 කට පසුව බවද වැඩ බලන නගරාධිපතිවරයා එහිදී සඳහන් කලේය. එනිසා මෙම යෝජනාව මේ මහා සභාවට ඉදිරිපත් කිරීමට ඉඩ දිය නොහැකි බව  ඔහු වැඩි දුරටත් අවධාරනය කලේය.
එහිදී රෝයිස් ප‍්‍රනාන්දු විපක්ෂනායකවරයා පෙන්වා දුන්නේ මෙය මෙවර මහා සභාවේ යෝජනාවක් ලෙස තමන් නාගරීක ලේකම්වරියට භාර දී මෙය යෝජනාවක් ලෙස න්‍යාය පත‍්‍රයටද ඇතුලත් කර , මහා සභාවට මෙය ඉදිරිපත් කරන මේ මොහොත වනතුරුම එය නගර සභා අඥා පනතට පටහැනි බවට වගකිව යුතු නිලධාරියෙකු හෝ තමන්ට නොදැන් වූ බවයි. එහෙත් මෙම යෝජනාව මේ මහා සභාවට ඉදිරිපත් කිරීමට නොහැකි බවට වැඩබලන නගරාධිපතිවරයා දැඩිව ප‍්‍රකාශ කලේය. එවිට විපක්ෂනායකවරයා මහත් උස්වූ හඩින් සඳහන් කලේ මේ යෝජනාවේ ඇත්තේ මීගමුව මහා නගර සභාවට අයත් වටිනා දේපලක් එසේත් නොවේ නම් මහා නගර සභාවට අයත් වටිනා ඉඩම් සම්පතක් කොල්ල කෑමක් පිලිබඳව බවයි. එලෙසම ඔහු වැඩිදුරටත් සඳහන් කලේ මේ මහා නගර සභාව දුෂිතයන් ආරක්ෂා කරන බවයි. එමෙන්ම  නගර සභාවට අයත් වටිනා සම්පත් කොල්ල කන්න ඉඩ දී ඒවා හෙලි කරන්න ප‍්‍රබල සාක්ෂි තිබියදීත් මේවැනි බරපතල දූෂණ වසා දමා එම දූෂිතයන්ව නගර සභාව විසින් ආරක්ෂා කීරීම කනගාටුදාවක තත්වයක් බව ද එහිදී විපක්ෂනායකවරයා වැඩි දුරටත් පැවසීය.