‘‘මේ රටේ පුරවැසියන්ට යුතුකමක් තිබෙනවා අධිකරණය ස්වාධීන කරන්ඩ කියලා ඉල්ලන්ඩ.

0
44

‘‘අද අපිට  යන්ඩ තියෙන එකම ස්වාධීන ආයතනය නීතිය පමණයි. නමුත් ඒ ක්ෂේත්‍රයත් අද දේශපාලනීකරණය වෙලා. මේ රටේ අද ස්ත්‍රී දූෂණ චෝදනා  නිසා ජීවිතාන්තය දක්වා හිරේ ගිය අය නිදහස් වෙලා යනවා. චෝදනා නැති තැනැත්තන්ට අලුතින් නඩු පවරනවා.   සමහර නඩු වලට තීන්දු  දැක්කහම හිතෙනවා පුංචි ළමයෙක්ට වුණත් ඒ නඩු තීන්දුව දෙන්ඩ පුලුවන් කියලා.   අද පොලීසිය පැමිණිලි භාරගන්නේ නෑ. පොලීසියට ස්වාධීනත්වයක් නෑ. දේශපාලන කොන්ර්‍ත්‍රාත් බාරගන්න එක අද පොලීසිය කරනවා. අද හමුදාව කොන්ත්‍රාත් ගන්නවා. අපි පුරවැසියෝ නොමෙයි.අපිට අයිතිවාසිකම් නෑ.අල්ලස ,දූෂණය, නාස්තිය මේ රටේ පිරිලා. පාර්ලිමේන්තුවට පසුගිය දවස් වල පනතක් ගෙනාව. ඒක සංවාදයට ලක්කරන්ඩවත් අවැසි කාලයක් පාර්ලිමේන්තුවට දුන්නේ නෑ.  ඉතින මේ තත්ත්වය ගැන අපට මේ රටේ පුරවැසියන හැටියට යුතුකමක් තිබෙනවා අධිකරණය ස්වාධීන කරන්ඩ කියලා  ඉල්ලන්ඩ. ඒක දේශපාලනය  කරන්ඩ එපා කියලා කියන්ඩ අපට අයිතියක් තිබෙනවා.  ඒ සදහා අද අපි අපේ රටේ පුරවැසියන් ලෙස අපිට හිමි ප්‍රජාත්න්තවාදී  අයිතිවාසිකම් වෙනුවෙන් පාට පක්ෂ භේදයකින් තොරව පෙරට පැමිණිය යුතුයි“ගරැ මාදුළූවාවේ  සෝභිත  හිමියන් විසින්  මෙම අදහස් ප්‍රකාශ කරන ලද්දේ ඊයේ ජයවර්ධන කේන්ද්‍රෙය්දීපැවති  පුරවැසි අයිතිය සහ ප්‍රජාතන්ත්‍රවාදය සදහා නීතිඥයෝ විසින් සංවිධානය කළ යටත්වැසියෝ නොවී පුරවැසියන් වෙමු ‘  මහජන සම්මන්ත්‍රනයෙදීයි. එම අවස්ථාවේදී තවත් විද්වතුන් , නීතිඥවරැන්, කලාකරැවන් කීපදෙනෙක්ද පැමිණ සභාව අමතන ලදී.එම අවස්ථාවට එජාප නියෝජ්‍ය නායක කරෑ ජයසූරිය, පා.ම.දයාසිරි ජයසේකර, ඇතුළු  මන්ත්‍රීවරැන් පිරිසක් මෙන්ම කොළම පුරපති මුසම්මිල් මහතා සහ සිවිල් සංවිධාන වල ක්‍රියාකාරීන්, ජනමාධ්‍යෙව්දීන් සහභාගී වී සිටියහ.