” ආකල්ප වෙනස් කිරීම තුලින් ඩෙංගු පිටු දකිමු ”

0
78

මාරාන්තික ඩෙංගු වසංගතය තුරන් කිරිම අරමුණු කර ගෙන ශී‍්‍ර ලංකා රතුකුරුස සංවිධානයේ ගම්පහ ශාඛාව සහ කටාන මහජන සෞඛ්‍ය නිලධාරී කාර්්‍යාලය මගින් එක්ව සංවිධානය කරන විශේෂිත වැඩසටහනක්  ආ`ඩිඅම්බලම වේ ඵවනාරාමයේදී ජුලි මස 23 වැනි ස`දුදා දින පෙරවරුවේදී ආරම්භ කෙරිණි.  ” ආකල්ප වෙනස් කිරීම තුලින් ඩෙංගු පිටු දකිමු ” යන තේමාව ඔස්සේ ආරම්භ වූ මෙම වැඩසටහන කටාන ආ`ඩිඅම්බලම ප‍්‍රදේශය තුල මෙදින පටන් පුරා මාස 03 ක කාලයක් තුල කි‍්‍රයාත්මක වේ. රතුකුරුස සංවිධානයේ ගම්පහ ශාඛාවේ ඩෙංගු රෝගය සම්බන්ධ විශේෂිත පුහුණුව ලත් ස්වේච්ඡුා සේවක සේවිකාවන් 10 දෙනෙකුගේ උපදේශකත්වය තුල රතුකරුස සංවිධානයේ තවත් ස්වේච්ඡුා සේවක සේවිකාවන්ගේද සහය ඇතිව මෙම වැඩසටහන කි‍්‍රයාත්මක වීමට නියමිතයි. ඒ අනුව මාස 03 ක කාලය තුල කටාන, ආඩිඅම්බලම ප‍්‍රදේශයේ වෙළද ව්‍යාපාරික ස්ථාන, පොදු ස්ථාන සහ නිවාස 1000 ක් පරීක්ෂාවට ලක් කර ඩෙංගු මදුරුවන් බෝඞීම අවම කිරීම සදහා පියවර ගැනේ.
මෙම වැඩසටනේ සමාරම්භක අවස්ථාවට ආ`ඩිඅම්බලම වේ`ඵවනාරාමාධිපති හලාවත පදවි සංඝනායක නිමලතිස්ස හිමියන් සහභාගී වු අතර රතුකුරුස සංවිධානයේ ගම්පහ සභාපති ඇන්ටන් වික්ටෝරියා, එම ශාඛාවේ විධායක නිලධාරී රුවන් අබේවර්ධන, කටාන ප‍්‍රාදේශීය සභා සභික චමින්ද රත්නායක, කටාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී එස්.පී.මාටිනස් සහ කටාන පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩබ්.ඒ.එස්. විජේකෝන් යන මහත්වරුන්ද ප‍්‍රධාන ආරාධිපතයින් ලෙස සහභාගී වුහ.