” මීගමුව කලපුව සහ ආශ‍්‍රිතව සිදුවන මහා පාරිසරික විනාශය වලකමු ”

0
498

” මීගමුව කලපුව සහ ආශ‍්‍රිතව සිදුවන මහා පාරිසරික විනාශය වලකමු ” යන මාතෘකාව යටතේ පැවුත්වු විශේෂිත විවෘත සංවාදයක් සහ මාධ්‍ය සාකච්ඡාවක් පසුගිය අගෝස්තු 08 වැනිදා පස්වරුවේ මීගමුවේදී පැවැත්විණි. ජාතික ධීවර සහයෝගීතා ව්‍යාපාරයේ සහයෝගය මත පැවැති මෙම සංවාදය සහ මාධ්‍ය සාකච්ඡුාවේදී අද වන විට මීගමුව කලපුව සහ ඒ අවට ඇති සංවේදී ඉඩම් වලටත් එලෙසම කලපුව සමීපයේ ඇති කඩොලාන ශාඛ පරිසරයටත් සිදු වී ඇති හා සිදු වන මහා විනාශය පිලිබදව දැනුවත් කරන ලදී. මෙහිදී කලපුව තුල රැුකියා කරන ධීවර පිරිස නියෝජනය කරමින් පැමිණි ධීවර නායකයන් සහ කලපු පරිසරයට සහ ඒ ආශී‍්‍රත කඩොලාන පරිසරයට ආදරය කරන පරිසර හිතකාමී සංවේදී මීගමු පුරවැසියන් කිහිපදෙනෙකුද තවද පරිසරය සම්බන්ධ කි‍්‍රයාකාරී වන සංවිධාන නියෝජිතයින් කිහිප දෙනෙකුද මේ සදහා සහභාගී වූහ. කලපුව සහ ධීවර කටයුතු පිලිබදව වගකිව යුතු රාජ්‍ය ආයතන නිලධාරින් ගණනාවකටද මේ ස`දහා සහභාගී වන ලෙස ආරාධනා කර තිබුණද මෙයට සහභාගී වුයේ ධීවර දෙපාර්තමේන්තු නියෝජිත නිලධාරියෙකු පමනි. මෙය පැවැත්වීමට මුලික අරමුණ වී තිබුනේ දැනට වසර ගණනාවක් තිස්සේ සංවර්ධනයේ නාමයෙන් විශේෂයෙන්ම සංචාරක කර්මාන්තය ප‍්‍රවර්ධනය කිරිමේ අරමුණෙන් යුතුව යැයි පවසමින් කලපු මායිම් ප‍්‍රදේශ තුල සිදු වන නීතිවිරෝධී ගොඩකිරීම් සහ අනවසර ගොඩනැගිලි ඉදිකිරීමේ වර්ධනයක් මෑතක සිට ඇති වී තිබීමයි. එලෙසම කලපුව ආශී‍්‍රතව පිහිටි මාහැ`ගී කඩොලාන පරිසරයද විනාශ කිරීමයි. මෙහිදී මුලසුන හොබවමින් අදහස් දැක්වු මීගමුව කලපු සංවර්ධන අධිකාරියේ අංක 06 කමිටු සභාපති කි‍්‍රස්ටෝපර් දරිජු මහතා පැවසුවේ තමා ධිවරයෙකු ලෙස සිදු කල තම පාරම්පරික රැකියාවද මේ වන විට කළ නොහැකි තත්වයට පත් වෙමින් ඇති බවයි. කලපුවේ සිදුවන ගොඩකීරිම් බොහෝමයක්ම සිදු කෙරෙන්නේ අනීතිකව බවද ඔහු පවසයි. මෙම කී‍්‍රයාවන් පිටුපස දේශපාලන බලපෑම් ඇති නිසා මේ අනීතික කටයුතු සම්බන්ධයෙන් රාජකාරී සිදුකරන රජයේ වගකිව යුතු ආයතන නිලධාරීන්ට නීතිය සහ තම රාජකාරිය නිසි ලෙස ඉටු කර ගත නොහැකි වී ඇති බවද සදහන් කලේය. මුලසුන හෙබවු මීගමුව පරිසර එකමුතුවේ සභාපති රමේෂ් නිලංග මහතා පැවසුවේ මේ වන විට මීගමුව ප‍්‍රදේශයේ දැනට ඉතිරිව ඇති ගොඩ බිම පිහිටි එකම සංවේදී කඩොලාන පරිසර භූමිය විනාශයට පත් කිරීමට ඇතැම් ප‍්‍රදේශිය දේශපාලඥයන් දැඩි උත්සහයක පසු වන බවයි. මෙයට වසර කිහිපයට පෙරද මෙම කඩොලාන භූමියේ අක්කර 08 ක කඩොලාන ශාඛයන් මහා පරිමාණයෙන් විනාශ කර තිබියදී තමන් ඇතුඵ ප‍්‍රදේශයේ පරිසර හිතකාමීන් පිරිසක් වගකිව යුතු රාජ්‍ය නිලධාරීන් මගින් එය වලක්වා ගත් බවයි. එහෙත් මේ වන විට සංවර්ධනයේ නාමයෙන් මෙම භූමිය විවිධ වූ පටු දේශපාලන ව්‍යාපෘති න් සදහා ගොදුරු කර ගැනීමට එම දේශපාලඥයින් ම උත්සහ දරණ බවද ඔහු අවධාරනය කලේය. මෙම උත්සාහය ව්‍යාර්ථ කිරීමට පරිසරයට ලැදි මීගමුව කලපුවට ලැදී සියඵ පරිසර සංවේදී පුරවැසියන් එක් වී එම පටු දේශපාලන පරමාර්ථ පරාජය කර මෙම අගනා පරිසරික කලාපය විනාශයෙන් බෙරා ගැනීමට එක් විය යුතු බවද ඔහු පෙන්වා දේ. අනීතික කි‍්‍රයාවන් නිසා මීගමු කලපුව තුල සිදුවන දුෂනය සහ විනාශය හේතුවෙන් කලපුව තුල රැකියා කරන සහ කලපුව නිසා වක‍්‍රව යැපෙන අති වීශාල මීගමුව කලපු වාසී ධීවර ප‍්‍රජාවගේ රැුකියාවන් බරපතල අවධානමකට ලක් වී ඇති බව මෙහිදී මුලසුන දරමින් අදහස් දැක්වූ ශී‍්‍ර විමුක්ති කාන්තා ධීවර සංවිධානයේ විශේෂ නියෝජිත මිලිනා කුමාරී මහත්මිය සදහන් කළාය. කලපුව තුළ සිදුවන දුෂණය සහ විනාශය නිසා මත්සයින් බෝවීම සහ වර්ධනය සිදු නොවීම මෙම අවධානමට මුලික බලපා ඇති හේතු සාධකය බව පෙන්වා දුන් ඇය පවසන්නේ කඩොලාන ශාඛ ප‍්‍රජාව විනාශ වීම නිසා කලපුවේ මත්ස්‍ය අභිජනනය හරි හැටි සිදු නොවන බවයි. මෙවන් තත්වයක් තුල ධීවර පවුල් වලට ආර්ථීක මය වශයෙන් ගැටඵ සහ අර්බුද රැසකට මේ වන විට මුහුණ දී ඇති බව ඇය නේවා දේ. ඒ නිසා ධීවර පවුල් ආරක්ෂා කීරීමට නම් එම ධීවර රැුකියා ආරක්ෂා කල යුතු බවත් ඒ සදහා කලපුව, මුහුද සහ විශේෂයෙන්ම කඩොලාන ආශී‍්‍රත කලපු පරිසරය ආරක්ෂා කල යුතු බවද ඇය වැඩිදුරටත් අවධාරනය කලාය. මුලසුන සිටි තවත් අරුණ රෝෂාන්ත මහතා පවසන්නේ මේවැනි නීති විරෝධී කී‍්‍රයා මැඩලීම සදහා නිරන්තරයෙන් සිදුවන අනිසි දේශාපාලන බලපෑම් ඉවත් විය යුතු බවයි. ඒමෙන්ම ආගමීක නායකයන් විශේෂයෙන්ම කතෝලික දේවස්ථාන පියතුමන්ලාද මෙවැනි නීති විරෝධී කී‍්‍රයා මැඩ පැවැත්වීමට සහ අවම කිරීමට ජනතාව දැනුවත් කරමින් ඒ සදහා කී‍්‍රයාකාරී ලෙස මෙම කාර්්‍යයට දායක විය යුතු බවයි. එලෙසම පරිසර යුක්ති කේන්ද්‍රයෙන් පැමිනී නීතිඥවරියක සදහන් කලේ මහජන පීඩා ක‍්‍රියාවන් යටතේ කලපුව ගොඩකරන, විනාශ කරන පුද්ගලයින්ට එරෙහිව අධිකරණ කී‍්‍රයාමාර්ග ගත හැකි බවකි. එලෙසම ඇය වැඩි දුරටත් කියා සිටියේ ඒ සදහා ඕනෑම මොහොතක තමා සහ තම සංවිධානය අවශ්‍ය න්‍යතික සහයෝගය ලබා දෙන බවයි. මෙහිදී සහභාගී වූ බොහෝ දෙනෙකු අදහස් පල කල අතර නැවත හමු වී සංවිධානය වී මීගමුව කලපුව සහ ඒ අශී‍්‍රත පරිසරය බෙරා ගැනීමට සාමුහිකව කටයුතු කල යුතු බවයි.