’නීතිය හදන්න කලින් ඔළුව හදමු!’ ජගත් මානව හිමිකම් දින සමරු සම්මන්ත්‍රණය දෙසැම්බර් 10 දා කොළඹදී

0
71

PM at PFF68 වන ජගත් මානව හිමිකම් දිනය සැමරෙන 2016 දෙසැම්බර් 10 වන දා ‘නීතිය හදන්න කලින් ඔළුව හදමු’ යන තේමාව තේමාව යටතේ සමරු සම්මන්ත්‍රණයක් කොළඹ 07, ආනන්ද කුමාරස්වාමි මාවතේ පිහිටි මහවැලි කේන්ද්‍රයේදී පැවැත්වීමට ‘නිදහසේ වේදිකාව’ සහ ‘වීදියේ විරෝධය’ ප්‍රමුඛ සිවිල් සමාජ සංවිධාන එකතුව කටයුතු සංවිධානය කරයි.
දෙසැම්බර් 10 සෙනසුරාදා පෙ ව 09.30 සිට ප ව 1.00 දක්වා පැවැත්වෙන මෙම සම්මන්ත්‍රණයේදී ‘විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කෙරෙන, දේශපාලන බලතල බෙදා හැරෙන, මානව හිමිකම් සුරක්ෂිත කෙරෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් දිනා ගැනීමට සටන් කරමු! යන තේමාව ඔස්සේ රට පුරා ක්‍රියාත්මක වන දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක ආරම්භය සනිටුහන් කරන බව වීදියේ විරෝධය සම කැඳවුම්කරු පිලිප් දිසානායක මහතා ප්‍රකාශ කරයි.

සම්මන්ත්‍රණය අමතා ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු, ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු, නීතිඥ ජේ සී වැලිඅමුණ, බ්‍රිටෝ ප්‍රනාන්දු, සමන් රත්නප්‍රිය, නීතිඥ කේ ඩබ්ලිව් ජනරංජන, සුමිකා පෙරේරා, සුනිල් ද සිල්වා සහ නීතිඥ නිරාන් අන්කටෙල් විසින් කෙටි අදහස් දැක්වීමට නියමිතය.
ජනතා ගායක ජයතිලක බණ්ඩාරගේ ගැයුම් වලින්ද විචිත්‍රවත් වන මෙම සම්මන්ත්‍රණයේ මූලාසන මණ්ඩලය ලෙස නීතිඥ සුදර්ශන ගුණවර්ධන, ෆ්‍රෙඩී ගමගේ සහ පිලිප් දිසානායක කටයුතු කරනු ඇත.

දිවයින පුරා විසිරී සිටින සිවිල් සමාජ සංවිධාන නියෝජිතයන් සහභාගි වන මෙම සම්මන්ත්‍රණය මහජනයාට විවෘතය. ආසන සීමිත බැවින් පළමුව පැමිණීමේ පදනම මත ආසන පිරිනමනු ඇත.