06 වන මහලෙන් වැටෙන අවස්ථාවේ චමිලා සිහි නැතිව සිටි බව නිගමනය කෙරේ.

0
159

2007 නොවැම්බර්  12 වනදා දහවල් මීගමුව රෝහලට ප්‍රතිකාර පිණිස පැමිණි අවු 22ක් වූ චමිලා දිසානායක නම් තරැණීයක් එදිනම පැය කීපයකට පසු  රෝහලේ  06 වන   තට්ටුවෙන් බිමට  ඇද වැටුණි.  මීගමුව රෝහලේ සිට රාගම රෝහලට ගෙන යන අතර වාරයේදී ඇය මිය ගියේය.
මෙම තරුණියගේ දේහය සම්බන්ධයෙන් ඇතිවූ සැකකටයුතු තත්ත්වය නිසා මිගමුව පොලීසිය විසින් සිදුවීම ආසන්නයේදීම එවකට මීගමුව රෝහලේ සේවය කරමින් සිටි  වෛද්‍ය බාලගේ ඉන්දික  සුදර්ශනව (33 )  සැක පිට අත්අඩංගුවට ගෙන මීගමුව රක්ෂිත බන්ධනාගාරගත කරන ලදි.
මොනරාගල පදිංචි    නිදහස් වෙළද කලාපයේ  ස්මාර් ෂර්ට් ආයතනයේ සේවය කළ මෙම තරුණියගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට පත් වෛද්‍ය බාලගේ ඉන්දික සුදර්ශන නමැත්තාට   එරෙහිව නීතිපති විසින් තරුණියක දූෂණය කර මරා දැමූවේ යැයි අධිචෝදනා ගොනු කර තිබේ.
2013 වසරේ මෙම ඝාතන නඩුවේ සාක්ෂි විභාග කිරීම් කීපයක් පැවැත්වුණ අතර අප්‍රේල් මස 29 වන දිනත් රෝහල් සේවකයෙක් හා සේවිකාවක් විසින් අධිකරණයේ සාක්ෂි දෙන ලදි.
නැවතත්  මෙම ඝාතන නඩුවේ සාක්ෂි විභාගයක් මැයි මස 06 වනදා පැවැත්වූ අතර එදින එම මරණය පිළිබඳව පශ්චාත් මරණ පරික්ෂණය සිදුකළ රාගම වෛද්‍ය පීඨයේ කථිකාචාර්‍ය හා විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි බී. ප්‍රසන්න ප්‍රියංජිත් මහතා මීගමුව මහාඅධිකරණය හමුවේ පෙනී සිටියේය.
චමිලා ඝාතනය වීමට පෙර ඇයට ලිංගික බලහත්කාරකමක් සිදුකර ඇතැයි ද ඒ බවට ඇගේ සිරුරේ සහ ඇදුම්  පරීක්ෂාවට ලක්කිරීමේදී පෙනී ගිය බවට ඔහු විසින් ප්‍රකාශ කරන ලදී.

චමිලා දිසානායකගේ  ඝාතනය සම්බන්ධයෙන් නැවතත්  සාක්ෂි  විභාගයක් මැයි මස 09 වනදා මීගමුව මහ අධිකරණයේදී   සිදුවිය. ඊයේ (09 )මීගමුව මහා අධීකරණයේ  පැවති නඩු  විභාගයේදී ඇගේ දේහය සම්බන්ධව සිදුකරන ලද රජයේ රස පරීක්ෂණ වාර්තාවේ ඇතුලත් කරුණු පුර්ණ විමර්ශනයකට ලක්විය.
මෙම නඩුවේ පැමිණිල්ල මෙහෙයවන රජයේ නීතිඥවරයා විසින් රජයේ රස පරීකෂණ වාර්තාව පිළිබදව ද විමසා සිටි අවස්ථාවේ ඒ ගැන  පැහැදිලි කිරිමක යෙදුන  විශේෂඥ අධිකරණ වෛද්‍ය ප්‍රියන්ජිත් පෙරේරා  මහතා කියා සිටියේ  රස පරීක්ෂණය සදහා   ,අමාශය තුළ ඇති ද්‍රව්‍ය,පිත,ලේ, මොලේ සාම්පලයන් හා පෙනහළු ලබාගෙන තිබුන අතර ඒවායේ කිසිදු විෂ  ද්‍රව්‍යයන් වන  කෘෂි රසානික ද්‍රව්‍ය ,සයිනයිඩ්, ලෝහමය සහ වෙනත් විස රසායන ද්‍රව්‍ය නොතිබූ බවයි. එමෙන්ම මොලේ කොටස් වලද ක්ලෝරෆෝම් නමැති ද්‍රව්‍ය කොටස් ද නොමැති බව   අධිකරණ වෛද්‍යවරයා  විසින් පවසන ලදී.
ඒ අනු අපට පෙනි යන්නේ චමිලා සිය දිවි හානිකර ගැනිම සදහා මේ කිසිවකු භාවිතා කර නොමැති බවය.

එමෙන්ම   මරණ පරීක්ෂණයේදී නිරීක්ෂණ කර තිබුූ  පරිදි ඇගේ ශරීරය තුළ  අභ්‍යන්තර ලේ ගැලීම් පිළිබදව තවදුරටත් කරුණ පැහැදිලි කළ අධිකරණ වෛද්‍ය නිළධාරි ප්‍රියංජිත් මහතා පවසා සිටියේ සිරුරේ මෘදු පටක තැලීම් සිදුවී තිබූ බවය.
එමෙන්ම වකුගඩු සුදුමැලිවී තිබු බවද දන්වා සිටියේය. එමේ සිදුවන්නේ  අධික රුධිර වහනයක් සිදුව තිබෙන නිසා බවත් දන්වා සිටියේය.
එමෙන්ම දූෂණයට ලක්විමට පෙර චමිලාගේ ගෙල මිරිකා තිබුන බවද සිය නිරික්ෂන වල අන්තර්ගත බව  දන්වනු ලැබිය. ඇස්වල සහ කන්පෙත්තේ ඇතිව තිබූ ලේගැලීම් අනුව එය නිගමනය කළ හැකි බවද ප්‍රකාශ කළේය.

චමිලා 06 වන මහලෙන් වැටෙන අවස්ථාව වන විට ඇයගේ සිහියේ ප්‍රකෘති තත්ත්වය පිළිබදව  ද විමසීමක් පැමිණිල්ල මෙහෙයවන  නීතිඥවරයා විසින්   සිදුකරන ලදී.
‘‘ඇයගේ අත්වල වර්ණ කිසිවක් තිබුණේ නැහැ.
උඩකින් වැටෙන අවස්ථාවේදී  යම් පුද්ගලයෙකුට සිහිය තිබෙනවා නම්, ඒ කෙනා  තම සිරුරේ සංවේදි  අවයව බේරා ගැනීමට අතපය ඉදිරියට දානවා. එහෙම දැම්මා නම් ඇගේ අත්වල ඒ ලක්ෂන තිබිය යුතුයි. ඇයගේ  අත්වල වර්ණ කිසිවක් තිබුණ් නෑ.   එබැවින් ඒ අවස්ථාවේ  සිහි නැතිව සිටි බව නිගමනය කළ හැකියි.”   යනුවෙන් පවසා සිටින ලදි.