2008 වසරේ කොළඹ පැවති 04 වන ආසියාතික පාසල් චෙස් තරගාවලියේ අවු- 8 න් පහළ කණ්ඩයම නියෝජනය කළ ඇය ප්‍රථම වරට මීගමුවෙන් ජාත්‍යන්තර චෙස් තරගයකට සහභාගී වූ ක්‍රීඩිකාවයි.
2007 වසරේ ගම්පහ දිස්ත්‍රික් ශූරතාවය දිනාගැනීමට ඇය සමත් වූ අතර 2009/2011/2012 යන වසර වලදී නොකඩවා ගම්පහ දිස්ත්‍රික් චෙස් ශූරතාවය දිනාගත්තාය. මේ ආකාරයට රොලින්කා රුෂ්මාලි දේශීව වශයෙන් මෙන්ම ලංකාව තුළ පැවති ජාත්‍යන්තර තරග ගණාවකට ද සහභාගී වී එවායින් ජය ලබා ඇත. මේ ආකාරයට ඇය ජයග්‍රහණ රැසක් ලබාගනිමින් ආවේ මරිලා බාලිකාට මහත් ගෙූරවයක් ලබාදී ඇත.
ඇය මුළින්ම මෙම ක්‍රීඩාව හදාරා ඇත්තේ ඇගේම සොහොයුරා වන මීගමුව මාරිස්ටෙල්ලා විදුහලේ අධ්‍යාපනය ලබන දක්ෂ චෙස් ක්‍රීඩකයෙකු වන සිත්මාල් නෝනිස්ගෙනි. පසුව ඇයගේ හැකියාවන් හදුනාගෙන ඇයට සහයෝගය දීමට මීගමුව ක්වීන්ස් චෙස් සංගමයේ සභාපතිනි සනෝජා පෙරේරා මහත්මිය ඉදිරිපත්වී ඇයව පුහුණුව සහ මගපෙන්වීම ලබා දෙන්නීය. එමෙන්ම මේ වනනවිට ඇය ප්‍රසන්න කුරුකුලසූරිය මහතාගේද පුහුණුව ලබමින් ඉදිරි තරග වලට සුදානම් වේ.
රොලින්කා රුෂ්මාලිගේ චෙස් ක්‍රීඩාවේ ඉදිරි දියුණුව වෙනුවෙන් ඇය තබා ඇති පියවරයන් සාර්ථක කරගැනීමට ඇයට බාහිර සහයෝගයන් අවශ්‍යය වන අතර ඒ සදහා හැකියාවක් ඇති අයගේ සහයෝගය ඇයගේ දෙමව්පියන් ප්‍රාර්ථනා කරති. ඒ වෙනුවෙන් රොලින්කා රුෂ්මාලිව අමතනවා නම් ඇයගේ ලිපිනය පහත සදහන්වේ
පී.ඒ රොලින්කා රුෂ්මාලි නෝනිස්
නො-366 සිර කදවුර පාර
කට්ටුව /මීගමුව
දු.ක. 0714236791