මීගමුව බීච් පාර්ක් එකේ ප්‍රවේශ පත්‍ර ආදායම නගර සභාවට ගන්නා බව කොමසාරිස්වරිය කියයි ?

0
463

 

ලබන සඳුදා ( 10/03/2025) සිට මීගමුව වෙරළ උද්‍යානය හෙවත් බීච් පාර්ක් එකේ ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම මීගමු මහ නගර සභා සේවකයන් ලවා සිදුකරන බව මීගමුව නාගරික කොමසාරිස්වරිය විසින් ප්‍රකාශ කරන ලදී.

WhatsApp Image 2025 03 07 at 17.03.38 2ae8245b
කොමසාරිස්වරිය විසින් මෙම ප්‍රකාශය සිදු කළේ අද (07/03/2025) පෙරවරුවේදී මීගමුව නගර ශාලාවේදී පැවති මාර්තු මාසයට අදාළ මීගමුව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදීය. එහිදී ඇය ප්‍රකාශ කළේ 2003 වසරේ සිට බීච් පාර්ක් ටෙන්ඩරය ලක්ෂ 25 ක මුදලකට ලබා දී ඇති බවයි.  2024 වසරේ මැද සිට මෙම ආදායම මීගමු මහා නගර සභාවට අහිමි වී ඇති බවත්  මෙහි අයිතිය නිරවුල් වනතුරු  එම අහිමි වූ ආදායම,නැවත මහා නගර සභාවට ලබා ගැනීම සඳහා මෙලෙස කටයුතු කරන බවයි ඇය එහිදී වැඩිදුරටත් සදහන් කළේ.
ඒ අනුව 2024 වසරේ සිට මීගමුව, බීච් පාර්ක් එකේ ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම සහ පිරිසිදු කිරීමේ කාර්යයන්ද වෙනත් පාර්ශ්වයක් හරහා සිදුවිය. එලෙසම එහි ආදායමද එම පාර්ශවය විසින් ලබාගෙන ඇති බවටද මින්පෙර වාර්තා විය.
එහෙයින් නාගරික කොමසාරිස්වරිය  පවසා සිටියේ මේ වන විට බීච් පාර්ක් එකේ පිරිසිදු කිරීමේ කටයුතු කිරීමටත්, එහි ප්‍රවේශ පත්‍ර නිකුත් කිරිමේ කටයුතු සඳහාත් මහා නගර සභාවේ සේවකයන් යොදා සිදු කරන බවයි. ඒ අනුව එම කටයුතු ලබන සඳුදා එනම් 10 වැනි සඳුදා ආරම්භ කිරීමට නියමිතය.

WhatsApp Image 2025 03 07 at 17.03.38 58e4d9f8 WhatsApp Image 2025 03 07 at 17.07.52 7174e783

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here