1000 ත් එක්ක ජීවි තේ ‍‍‍‍‍දෙන්න

0
164
 DSC_1535-1

වතුකරයේ  ජනතාව  වසර  ගනනාවක්  තිස්සේ  ලාංකීය  සමාජය  විසින්  නොසළකා හැර  තිබින.වතු කම්කරුවා  වතු පාලකයාට  තේ පැලයක්  තරම්  නොවටිනා  තත්වයකට  වැටී  ඇත. පාලකයා  තේපැලය  රැක බලා  ගන්නා  ආකාරයට   ඒ  වෙනුවෙන්  දහදිය  හෙලන  කම්කරුවාට  නොසළකන  බව  අපි  දනිමු.  ඒ නිසා  තම  ජීවිතය  රැක ගැනීම උදෙසා  විශාලවූ  අරගලයක්  කිරීමට  ඔහුට  සිදුවී  ඇත. වතුකරයේ  දේශපාලකයා  තරඟයට  මෙන්  මෙම  ජනයා   මුලාකරම්න්  තමන්ගේ  පටු අරමුණු  ඉටු කරගැනීමට  මාන  බලති.  එකී  පාලකයින්  විවිධ  මැතිවරණ  පොරොන්දු  හරහා   බලයට  පත්වූ  පසු  මෙම  ජනතාව  අමතක  කර  ඔවුන්ගේ  ගමන  යති.  ඒ නිසාම  වතු  ජනතාවගේ   ඉල්ලීම  වන  රු.  1000 කින්  පඩි  වැඩිකර  ගැනීමත්,    ඔහුගේ   ජීවිතය  ගොඩනගා  ගැනීමත්  පදනම්කර  ගනිමින්  සැකසුනු  සටන්  පාඨයට   මේ වනවිට  සංවිධාන කිහිපයක්   එකතුවී  ඇත.

අළුත්  පියාපත්/  අළුත්  පරපුර/  දිදුලන  හදවත  /  ප්‍රජාතන්ත්‍රවාදය  උදෙසා  සිනමා කරුවෝ  /  මාරුතයේ  හඬ   /  සමබිම  /  වෘත්තීය  වෙබ් මාධ්‍යවේදීන්ගේ  සංගමය  /  ශ්‍රී ලංකාවේ  කාන්තාවෝ  / යන  කලා කරුවන්,  වෘත්තිකයින්  ඉහතකී  සටන් පාඨය   අනුව  වතුකම්කරුවන්  වෙනුවෙන්  පෙළ ගැසී  සිටිති.

DSC_1539DSC_1549 - CopyDSC_1540 - Copy