නිරෝධායනය දඩමීමා කරගත් බලහත්කාරයට සහ එම ක්‍රියාවලියට එරෙහිව දසතින් විරෝධය…

0
388

‘ කොරෝනා’ යන වචනයට එකතුවී ඇති තවත් වචනයක් වන්නේ නිරෝධායනය යන වචනයයි. මේ වචනය අනුව මෙකී ක්‍රියාවලියෙන් අපේක්ෂා කෙරෙන්නේ පුද්ගලයෙකුගේ සෞඛ්‍ය ආරක්ෂා කර ගන්නා අතර සමාජයේ අනෙකුත් අයගේද සෞඛ්‍ය ආරක්ෂා කර ගනිමින් අදාල කාලය යහපත් අන්දමින් ගතකිරීමයි. එය එසේ සිදුවිය යුතුය. නමුත් මෙකී වචනය මත භාවිතයට නැගෙන ක්‍රියාවලිය නම් එතරම් යහපත් හෝ සුන්දර එකක් නොවන බව දැන් දැන් මතුවන තොරතුරු අනුව පැහැදිළිවේ.

ඊයේ ( 17) රාත්‍රියේදී ‘The Wind Beach Resort ‘ නම් හෝටලයේ නිරෝධයනයට ලක්වූ මහත්මයෙකුගෙන් අපට දුරකතන ඇමතුමක් ලැබින. ඔහු අප දන්නා හඳුනන ව්‍යාපාරිකයෙකි. ඔහු ප්‍රකාශකළේ හෝටල් ගාස්තු වශයෙන් රු. 1,75000/ක මුදලක් ගන්නා මෙහි කෑම ආදිය සඳහා රු. 12,500/ ක් අයකරන බවයි. නමුත් ඒ පිළිඳව ඔහුගේ වචන වලින්ම දැක්වූ අදහසයි මේ.

” අපි සල්ලි දීලත්, අපට හම්බවෙන්නෙ පාරෙ කුඩයක් යට ඉඳගෙන කෑම පාර්සල් විකුණන අයගෙන් ගන්න රු. 150/ කෑම පාර්සලයක් වගේ එකක්. මේක හරියට හිරගෙදර වගේ. කොයි මොහොතේ ගෙදර යන්නද කියල යන දවස එනකම් බලාගෙන ඉන්නවා. අසාධාරණ ක්‍රමවේදයක් තමයි මේක ඇතුළෙ ක්‍රියාත්මක වෙන්නෙ.”

පසුගිය කාලයේ TV චැනල් වල අපි දැක්කෙ නම් නිරෝධයනයට ලක්වූ අය ඉතා සුන්දරව එම කාලය ගතකරන බවයි. නමුත් එය එසේ නොවන බව දැන් දැන් හෙළිවන තොරතුරු අනුව පැහැදිළියි.
විදේශගතවී සිට මෙරටට පැමිණෙන පිරිස විවිධ හේතු මත මෙරට කරා පැමිණෙන බව පෙනේ.

ඉහත සඳහන් පරිදි සමහරු ව්‍යාපාරික කටයුතුවල යෙදෙන අයයි. තවත් අය කොරෝනා තමන් සේවය කරන රටේ තදින් පැතිර යන නිසා ඊට බියෙන් පැමිණෙන අයයි. අසනීප තත්වයන් මත සමහරු පැමිණෙති. එසේම නත්තල් උත්සවය සඳහා සහභාගී වීමට පැමිණෙන අයද සිටී. එසේ පැමිණෙන අය නිරෝධායනය වීම අත්‍යවශ්‍ය කාරණයකි. නමුත් ඒ සඳහා ඔවුන්ගේ කැමැත්ත අකමැත්තද වැදගත් වන බව තේරුම් ගතයුත්තක් වුවද එය කළයුත්තේ කොතැනද? ,කොහොමද කියා තීරණය කිරීමට ඔවුන්ට නොහැක.

අදාල බලධාරීන්ගේ අණසකට යටත්වීමට ඔවුන්ට සිදුවේ. රජයක් විසින් පණවන නියෝගයක් නිසා එසේ සිදුවන බව පැහැදිළිය. ඒනිසා පැමිණෙන අයට තමන්ගේ කැමැත්තට අනුව කටයුතු කළ නොහැක. එවිට ඔවුන් අසරණය. එකී අසරණකම අයතා ලෙස යොදා ගැනේනම් කාටකියමිද මේ අමාරුව කියා අසන්නට සිදුවේ.
නිරෝධායනය සඳහා යොමුකර ඇති තවත් එවැනි හෝටල් වලින් තවත් මෙවැනිම අසරණකම මතුවන අවස්ථා ගැන අසන්නට ලැබේ . මෙය බරපතල ඛේදවාචකයකි. වගකිවයුත්තන්ට අප බලකර කියාසිටින්නේ ඔබගේ අවධානය යොමුකර මේ පිළිබඳව නිසි පියවරක් ගන්නා ලෙසයි.
සැම්සන් ඥානසිරි