කොරටුවේ එලවළු වෙළෙන්දා AN….

0
197

කටාන Y හංදියෙන් හැරෙන තැන ඇති AN එලවළු සහ කරවල වෙළඳ ව්‍යාපාරය  තරුණයින් දෙදෙනෙකුගේ  උත්සාහයක ප්‍රතිඵලයකි.  අකිල සහ ඩිලාන් යන එම තරුණයින් දෙදෙනාගෙන් ඩිලාන් යනු මෙම ව්‍යාපාරයේ අයිතිකරුවේ.

ගෙවතු වගාව සම්බන්ධයෙන් පැවති තරඟයකදී මීගමු කලාපයෙන් පළමු ස්ථානය ලැබූ ඩිලාන් ඉන්දියාවේදී පැවත්වූ ” සීරෝ බජට් නැචුරල් ෆාමින්” නම්වූ කාබනික කෘෂිකර්මය පිළිබඳවක්ද පුහුණුවක් ලැබූ අයෙකි.
ආරම්භ කර මේ වනවිට මාසයක් පමණ වන මෙම එලවළු ව්‍යාපාරය සාර්ථක ගමනක් සනිටුහන් කර ඇත. ඊට ප්‍රධාන හේතුව වන්නේ මෙහි සපයන එලවළුවල ඇති පිරිසිදු බව සහ අළුත් බවය. ⁣වෙළඳ පල තුළ කිසිදු තද බදයක් නැතිව පාරිභෝගිකයින්ට එලවළු මිලදී ගැනීමට ඇති හැකියාව මෙකී ස්ථානයේ ඇති තවත් විශේෂත්වයකි. එය අද පවතින කොරෝනා වසංගත තත්වයට මුහුණ දීමේදී වැදගත් සාධකයකි. එසේම වාහන නතර කර ගැනීමට ඉඩකඩක් ඇති බැවින් ,එයද මෙම AN වෙළඳ පලේ සාර්ථකත්වයට බලපා ඇති කරුණකි.
එබැවින් අපි ඔබ සියළු දෙනාටම හොඳ එලවළු ලබාගැනීම සඳහා AN වෙත පැමිණෙන ලෙස ආරධනා කරන්නෙමු!

සැම්සන් ඥානසිරි