11 වන සිවරාම් ඝාතන සමරුව හෙට !

0
33

2006 වසරේ අප්‍රෙල් 28 වනදා රාත්‍රියේ පැහැර ගැණුන සිවරාම් මාධ්‍ය සගයාගේ සිරුර පසුදින කොළඹ ජනාකිර්ණ ප්‍රදෙසකදි හමුව තිබුණි.
පසුගිය කාලය තුල  සිවරාම් ඇතුළු මරාදැමුණු මාධ්‍යවේදින්  මෙන්ම මාධ්‍ය සේවකයන් වෙනුවෙන් යුක්තිය ඉටුකරන ලෙස ඉල්ලා අදාල බලධාරින් වෙත කෙරෙන බලපෑම් මන්දගාමි ස්වරුපයක් ගෙන තිබුණ පසුබිමක උතුරේත් නැගෙනහිරත් දකුනෙත් මාධ්‍ය කණ්ඩායම් එක්ව ඒ ගැන සංවිධානාත්මකව රජය බලකරමින්  සාතනයට ලක්වු මාධ්‍යවේදින්ට යුක්තිය ඉටුකරන ලෙස ඉල්ලා කෙරෙන මැදිහත් විම් නිරන්තරයෙන්ම සිදුකෙරෙමින් තිබුණි.
මෙහි එක් සන්ධිස්ථානයක් ලෙස මෑත ඉතිහාසය තුල සලකුණු වන්නේ 10 වන සිවරාම් ඝාතන සමරුව වෙනුවෙන්  මෙරටදි ක්‍රියාත්මක වු එකම සැමරුම 2015 අප්‍රෙල් 29 වනදා මඩකලපුව නගරයෙදි පැවැත්විමයි.

මඩකලපුවේදි පැවැති 10 වන සමරුව
මඩකලපුවේදි පැවැති 10 වන සමරුව

ඒය යාපනය මාධ්‍ය සමාජයත්,නැගනෙහිර මාධ්‍ය එකමුතුවත්, මාධ්‍ය නිදහස සදහා ක්‍රියාකාරි කමිටුවත් එක්ව සංවිධානය කර තිබුණි.
මෙවර 11 වන සිවරාම් ඝාතන සමරුව යාපනයේ මෙන්ම කොළඹදිද පැවැත්විම යනු ඉදිරිගාමි පියවරකි.
කොළඹදි සිවරාම් වෙනුවෙන් සැමරුමක් සංවිධානය කරනු ලබන්නේද වසර ගණනාවකට පසුව විමද මෙහි ඇති තවත් විශේෂත්වයකි.
ඝාතනයට ලක්කර ඇති සිවරාම් ඇතුළු මාධ්‍ය සගයන්ගේ ප්‍රශ්ණය 2015 අප්‍රෙල් 26 වනදා පොලිස්පති තුමන් හමුවිමට ගිය මාධ්‍ය නිදහස සදහා ක්‍රියාකාරි කමිටුවේ නිළධාරින් විසින් , පොලිස් පති හමුවේ යළිත් මතුකොට තිබුණි.
එමෙන්ම පසුගිය මහමැතිවරණ සමයේ ලංකාවේ ප්‍රධාන නගර 5 ක් මුල්කොට කොට ගෙන ඝාතනයට ලක්වු මාධ්‍යවේදින්ට යුක්තිය ඉටුකරන ලෙස ඉල්ලමින් මහජන උද්ඝෝෂණ ව්‍යාපාරයක්ද ක්‍රියාත්මක කරන්න යෙදුණි.media batti event 100matara journo 4ACMF 1CMB media event 3
එය තවදුරත් ඉදිරියට ගෙනයමින් 2015 දෙසැම්බර් 10 වනදා නිදහසේ වේදිකාව විසින් සංවිධානය කරන්නට යෙදුන මානව හිමිකම් දින සමරු වැඩසටහනේදි  අගැමති තුමන් වෙත ඝාතනයට ලක්වු මාධ්‍යවේදින් සහ මාධ්‍ය සේවකයන් 44 දෙනෙකුගේ ලයිස්තුවක්ද භාරදුණි.
එම ලයිස්තුව භාරදෙන්නට යෙදුනේ යාපනය මාධ්‍ය සමාජයේ කැදවුම්කරු දයාබරන් රත්නම් සහ වෘත්තිය පත්‍රකලාවේදින්ගේ සංගමයේ සභාපති දිප්ති අධිකාරි විසිනි.
මෑත ඉතිහාසය තුල පාර්ලිමේන්තුව තුලදි අගමැතිවරයා විසින් පසුගිය රාජක්ෂ සමයේ මාධ්‍යවේදින් සහ මාධ්‍ය සේවකයන් 44 දෙනෙකු ඝාතනය වි ඇති බව මතුකරන්නට යෙදුනේද මේ ලියවිල්ල පදනම් කොටගෙනය.
( උතුරේත් දකුණේත් මාධ්‍ය ක්‍රියාකාරින් අතර මේ ඇතිව තිබෙන ඓන්ද්‍රිය සම්බන්ධය ගැන කුහක සිත් ඇති දකුණේ  එක්තරා ජේෂ්ඨ මාධ්‍යවේදියෙකු ඔහුගේ ටුවිටර් ගිණුමේ ලියා තිබුනේ අගැමති අතට පත්කර ඇති ඝාතන ලයිස්තුව රනිල්ට දුන්න ලණුවක් ලෙසය.)
කෙසේ වෙතත ඝාතනයට ලක්වු මාධ්‍යවේදින්ට යුක්තිය ඉටුකරනු යන ඉල්ලිම ඉදිරියම ගෙන යමින් 2016 වසරේ ජනවාරි 24 වෙනිදා සුගිර්තරාජන් මාධ්‍යවේදියාගේ 10 වන ඝාතනය සමරුව ඔහුගේ උපන් ගම වු කල්මුණේදි සමරුනු ලබන්නේද මේ අරගලයේම තවත් කොටසක් ලෙසිනි.

යාපනය මාධ්‍ය සමාජයේ දයාබරන් රත්නම් විසින් පහන් දල්වමින්
යාපනය මාධ්‍ය සමාජයේ දයාබරන් රත්නම් විසින් පහන් දල්වමින්
ලේක්හවුස් කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂක සභාව අමතමින්
ලේක්හවුස් කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂක සභාව අමතමින්

ලෝක ප්‍රසිද්ධියට පත්ව තිබුණි ත්‍රිමලේ සිසුන් 5 දෙනාගේ ඝාතනය ගැන ඇත්ත ලියු සුගිර්තරාජන් ඝාතනය කොට වසර 10 ක් ගෙවි යද්දි ඔහු වෙනුවෙන් වු එකම සැමරුම ලංකාව තුලදි සිදුකෙරෙන්නේ කලමුණේ නගරයෙදිය.
මරාදැමුවන් සිහිකිරිම සදහා ඉදිකළ සොහොන්  කඩා විනාශ කළ රාජපක්ෂ සමය පසු කොට වසරක් ගෙවුණු තැන ඝාතනයට ලක්වු උතුරේත් දකුණේත් ඝාතනයට ලක්වු මාධ්‍ය සගයන් සිහිකිරිම සදහා 2016 මාර්තු 27 වනදා ස්මාරකයක් ඉදිවේ.ඒ උතුරෙත් දකුණේත් මාධ්‍ය ක්‍රියාකාරින් අතර ඇතිවු ඇත්ත සහෝදරත්වයේ ප්‍රථිඵලයකි.jaffna memorial 3mo12mo5
එහි් පළමු සැමරුම සිවරාම් වෙනුවෙනි.
ඒ හෙට දිනයේදිය.
සවස 3 ට ස්මාරකය අභියස මල්පහන් පුද සිවරාම් ඇතුළු ඝාතනයට ලක්වු උතුරෙත් දකුණේත් මාධ්‍ය සගයන් සිහිකිරිමට නියමිත බව යාපනේ මාධ්‍ය සමාජයේ කැදවුම්කරු දයාබරන් රත්නම් සගයා කියා සිටි.
www.mediafreedomlk.com