12 වියැති දැරියක් ගැබිණියක් කළ පෙරියමුල්ලේ දුෂකයාට එරෙහිව කෝ විරෝධතා? ?

0
53

සේයා දැරියගේ ඝාතනයට එරෙහි රට පුරා සංවිධානය කෙරුණ විරෝධතා රැල්ලට මීගමුව පෙරියමුල්ලේ මුස්ලිම් ජනතාවද එක්ව දැවැන්ත විරෝධතාවක් සංවිධානය කර තිබුණි.
ඒසේ පාරට පැමිණ විරෝධතා දැක්වු බහුතරයක් ජනයා අතරේ නිදැල්ලේ හැසිරෙන ළමා දුෂකයෙකු පිළිබදව අප මීට පෙරද වාර්ථා කලෙමු.
මෙම දුෂකයා විසින් ඒ දැරිය දුෂණය කොට තිබුනේ ඇයට යන්තම් 12 විය පිරෙද්දිය.
මේ ගැන කිසිදු නිනව්වක් නැති මේ දැරිය ගැබ්ගෙන ඇති බව දැනගන්නේ දරුගැබට පස් මසක් පිරි තිබියදිය.
කොටදෙණියාවේ සේයා දැරියගේ ඝාතනයට ගැන සිකුරාදා දිනක මුස්ලිම් පල්ලියේ මුලිකත්වයෙන් දැවැන්ත උද්ඝෝෂණයක් සංවිධානය කෙරුණි.
අප දැන් බලා සිටින්නේ ලදැරියක් ගැබිණියක් කළ මේ තිරිසනාට එරෙහිවද පෙරියමුල්ලේ මුස්ලිම් පල්ලිය ජනතාව පාරට ගෙනෙන දිනයක් ගැනය…….