13 හැවිරිදි දැරියකට හදිකළ තරුණයා සහ උළුමෝල් හිමිකරු අත්අඩංගුවට

0
95

8912859-lover-hands-on-bedදුම්මලකොටුව තම නිවසේ සිටි 13 හැවිරිදි පාසැල් දැරියක් රවටාගෙන ගොස් අපහරණයට ලක්කල පුද්ගලයෙක් හා එයට අනුබල දුන් ව්‍යාපාරිකයෙක් ඊයේ 22 සවස අත් අඩංගුවට ගත් බව දංකොටුව පොලිසිය පවසයි මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ දුම්මලකොටුව ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි අයෙකු හා දංකොටුව ප්‍රදේශයේ 35 හැවිරිදි උළු කර්මාන්තශාලා හිමියෙකි ඉකුත් 18 වෙනිදා උදැසන එම දැරියගේ නිවසට පැමිණි 18 හැවිරිදි පුද්ගලයා දැරියව රවටා නිවසින් බැහැරට ගෙන ගොස් දංකොටුව ප්‍රදේශයේ උළු කර්මාන්තශාලාවක එහි හිමිකරුගේ අනුදැනුම මත සේවක නිවස්නයක තබාගෙන සිට ඇති බව පොලිසිය කියයි පාසැල් දැරියගේ අතුරුදහන් වීම පිළිබඳ ඇගේ මව විසින් කරන ලද පැමිණිල්ලක් මත සිදු කල විමර්ශනයකින් අනතුරුව ඉහත උළු කර්මාන්තශාලාවේ සිටියදි දැරියව හා ඉහත පුද්ගලයන් දෙදෙනාව පොලිස් බාරයට ගෙන තිබේ 13 හැවිරිදි පාසැල් දැරියව දුෂණයට ලක්වි ඇතිද යන්න තහවුරු කර ගැනිමට වෛද්‍ය පරික්ෂණයක් සඳහා හලාවත රෝහලට යොමු කලබව පොලිසිය කීය
චන්දන ප්‍රනාන්දු