මීගමුවේ අරගලයට දායක වුන වැඩිම පිරිස ඉන්නේ අපිත් ඒක්ක – සුමිත් ප්‍රනාන්දු

0
105

 

 

මීගමුව මහ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී, සුමිත් ප්‍රනාන්දු, මහතා මෙවර
” ග්‍රැමපෝනය ”  ලකුණ යටතේ ස්වාධීන කණ්ඩායමකින් මීගමු මහා නගර සභාවට එළඹෙන මැයි මස 06 වැනි දින සැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේදී ,  මීගමු කොච්චිකඩේ කොට්ඨාශය සඳහා තරඟ කරනු ලබයි.
        සමාජ ක්‍රියාකාරීකයෙකු ලෙස දේශපාලනයට පිවිසුණු සුමිත් ප්‍රනාන්දු මහතා ක්‍රියාකාරී දේශපාලනයට පිවිසුනේ හිටපු මීගමුව,එජාප සංවිධායක රොයිස් විජිත ප්‍රනාන්දු මහතාගේ  ආරාධනාවෙනි.
              පසුගිය මීගමු නගර සභා කාලයේදී සිදුවූ වංචනික කටයුතු සම්බන්ධයෙන් සහ නගර සභාවේ දේපළ සම්බන්ධව අවිධිමත් වංචනික සිදුවීම් වලදි ඔහු නොබියව ඊට එරෙහිව හඬ නැගූ සහ එම කටයුතු වලට එරෙහිව ක්‍රියා  කළ නාගරික  මන්ත්‍රීවරුන් කිහිපදෙනා අතර සිටි ප්‍රමුඛ පෙළේ නාගරික මන්ත්‍රීවරයෙකි.
            පහත පලවන්නේ ඔහු සමගින් පැවැත්වූ කෙටි පිළිසඳරකි.  
   මුලින්ම  ඔබේ පවුල් පසුබිම සහ ඔබ ක්‍රියාකාරී දේශපාලනයට පිවිසිය අකාරය පිළිබඳවත් කෙටියෙන් දැනගන්න කැමතියි ?
මම කොච්චිකඩේ පල්ලන්සේන ප්‍රදේශයේ පදිංචි, සාමාන්‍ය පවුලක කෙනෙක්. මගේ පියා ලංගම ඒ කියන්නේ ගමනාගමන මණ්ඩලයේ තමයි සේවය කලේ . මගේ මව නම් රැකියාවක් කෙරුවේ නෑහැ. මට තව වැඩිමහල් සහෝදරියෝ තිදෙනෙක් ඉන්නවා. මම තමයි පවුලේ බාලයා. මම කොච්චිකඩේ මහ විදුහලෙන් තමයි අධ්‍යාපනය හැදෑරුවේ. උසස් අධ්‍යාපනයෙන් පස්සේ මම මගේම ව්‍යාපාර කටයුත්තකට යොමු වුණා. ඔහොම ඉන්න අතරෙදි  මම අපි පල්ලන්සේන දේවස්ථානයේ කටයුතු වලට යොමු වුණා.
විශේෂයෙන්ම එහි තරුණ සමිතිය ඇතුළු සමිති සංවිධාන කිහිපයකම මම ක්‍රියාකාරීව වැඩ කටයුතු කළා. ඉතින් මම අපේ දේවස්ථානය මූලික කරගෙන තමයි මම සමාජ ක්‍රියාකාරිකයකු බවට පත්වුනේ. ඔය අතරතුරේදී තමයි මට එවකට මීගමුව, එජාප ප්‍රධාන සංවිධායක ධුරය දැරූ රොයිස් විජිත ප්‍රනාන්දු මහතා මට එජාප ක්‍රියාකාරී දේශපාලනය සඳහා ආරාධනා කළේ.

ඒ අනුව මම පසුගිය වර ඒ කියන්නේ 2018 වසරේ පැවති පළාත් පාලන මැතිවරණයට මීගමුව මහා නගර සභාව සඳහා තරග කළා. ඒ අවස්ථාවේදී මම  තරඟ කලේ මගේ කොට්ඨාශය වන ,කොච්චකඩේ කොට්ඨාශයෙන්. එහිදී එම ප්‍රදේශය නියෝජනය කරපු  ප්‍රබල නාගරික මන්ත්‍රීවරයකු  වන බන්දුල නාඔටුන්න මහතා පරාජයට පත් කරමින් නාගරික මන්ත්‍රීවරයෙක් ලෙස මම පසුගිය වර   මීගමුව මහා නගර සභාව නියෝජනය කරන්න, ඒ කියන්නේ නාගරික මන්ත්‍රීවරයෙක් ලෙස පත් වෙන්නට අවස්ථාව ලැබුණා. ඒ අනුව තමයි මම ක්‍රියාකාරී දේශපාලනය සඳහා පිවිසුනේ

      ඔබ ක්‍රියාකාරි දේශපාලනයට  පිවිසුනේ ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂයකින්. එසේ නම් ඇයි  ඔබ මෙවර ස්වාධීන කණ්ඩායමකින් තරඟ කරන්න හිතුනේ ?

ඒකට හේතුව තමයි රටේ ජනතාවට ප්‍රධාන පක්ෂ පිළිබඳව ලොකු කලකිරීමක් ඇති වුණා. මොකද ජනතාව විශ්වාස කලා, රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ මේ රට විනාශ කරන්න හේතු වුණා කියන එක. මටත් පිළිගන්න සිද්ධ වුණා, මම හිටපු දේශපාලන පක්ෂය ගැනත්  ඒ විදිහටම. මොකද අපේ පක්ෂ නායකයෝ අතරට ඒ දූෂිත අය එතනට රිංගුවා. විශේෂයෙන් අපි මීගමු මහ නගර සභාව තුළ ලොකු හඬක් නැගුවා ,ඒ වගේම අපි ලොකු අරගලයක් කළා ඒ දූෂිතයන්ට විරුද්ධව ඒ වගේම ඒ පවුල් දේශපාලනයට විරුද්ධව. එතකොට ඒ පිරිස ඇවිල්ලා අපේ පක්ෂය කියන්නේ එජාපය ට ඇවිත් හිට ගත්තා. ඉතිං අපිට ඒ පක්ෂය තුළ තවත් ඉන්න පුළුවන් තත්ත්වයක්,වාතාවරණයක් තිබුණේ නැහැ. ඒ අනුව අපි ඉතාම හොඳ අවබෝධයකින් යුතුව කටයුතු කරලා මගේ නායකත්වයෙන් යුත් ස්වාධීන කණ්ඩායමක් හරහා අපි මෙවර මීගමු මහ නගර සභාවට තරග කරන්න තීරණය කළා.

        මීගමුව පැත්තෙන් ගත්තාහම මීගමු ජනතාව තුළ, ඇත්තෙන්ම  මේ ස්වාධීන කණ්ඩායම් ගැන තියෙන්නේ අයහපත්  මතයක් නේද ?.

IMG 20250404 WA0072
හිටපු නාගරික මන්ත්‍රි නාමල් වේවැල්දෙණිය

ඇත්තෙන්ම ඔව්, ඒක මට පිළිගන්න සිද්ධ වෙනවා. මොකද පහුගිය කාලේ  නගර සභාවට තරග කරල  ස්වාධීන කණ්ඩායම් ක්‍රියා කරපු ආකාරය ගැන බලපුවහම , ජනතාව ඒ ස්වාධීන කණ්ඩායම් කෙරෙහි එහෙම අයහපත් මතයක එල්බ සිටීම යම් ආකාරයකට සාධාරණයි . හැබැයි මට එක දෙයක් කියන්න පුළුවන්, මගේ නායකත්වයෙන් යුත් මගේ  ස්වාධීන කණ්ඩායමේ තියෙන වෙනස කියන්න පුළුවන්.

wp 1653189995397
හිටපු නාගරික මන්ත්‍රි චාමර
අරගලයේ මුල ඉදන්ම හිටපු තලාහේන පේරුවේ නෙල්සන්

රට  තුල පැන නැගුන අරගලයට සමාන්තරව මිගමුවේ තිබුන  දින 100 ක අරගලයක්. රටේ ඒ වගේ අරගලයක් දියත් වෙද්දී අපි මීගමු ප්‍රදේශයේ දී ඒ අරගලේම කොටසක් ලෙස මීගමු ප්‍රදේශයේ අරගලය ක්‍රියාත්මක කෙරුනා. එදා අපි කීහිප දෙනෙක් මීගමුව කඩොල්කැලේ ක්‍රීඩාංගණයේ ගහක් යට ඉඳගෙන තමයි මේ මිගමු අරගලය සැලසුම් කලේ
මේ සාකච්ජාවට මම, ජාතික ජනබලවේගයෙන් තරග වදින සංගිත්, අපේ ස්වාධින කණ්ඩායමේ නාමල් වේවැල්දෙණිය පෙරටුගාමි පක්ෂයෙන් තරග කරන නාමල් ප්‍රනාන්දු  මිපුර වෙබ් අඩවියේ කර්තෘ ප්‍රෙඩි ගමගේ ත් හිටියා.
මේ අරගලය මේ රටේ දැවැන්ත වෙනසක් කෙරුවා. රටේ විතරක් නෙමෙයි මේ මීගමුව ප්‍රදේශයේත් ලොකු වෙනසක් කෙරුවා . මීගමුව  තුළ  අරගලය දියත් කරපු නාගරික මන්ත්‍රීවරුන් ලෙස මමත්, නාමල් වේවැල්දෙනිය මන්ත්‍රීතුමාත්, කාංචනා කියන මන්ත්‍රීතුමියත්, අපේ චාමර මන්ත්‍රීතුමත්, ඒ වගේම දුම් ගල් පිටින් හිටියා නෙල්සන් කියලා කෙනෙක්, අද මගේ ස්වාධීන කණ්ඩායමෙන් ඔහු තරග කරනවා මෙවර , අන්න ඒ වගේ අය තමයි මගේ මේ ස්වාධීන කණ්ඩායම නියෝජනය කරමින්  මෙවර මීගමුව මහ නගර සභාවට තරඟ වදින්නේ.

ඉතින් මගේ ස්වාධීන කණ්ඩායමත් අනිත් ස්වාධීන කණ්ඩායම් අතර තියෙන වෙනස මට පෙන්වන්න පුළුවන්. පවුල් පාලනයට එරෙහිව සහ ඊට විරුද්ධව ලොකු සටනක් කරන්න,  මීගමුව  මහා නගර සභාව ඇතුළේ , නාගරික මන්ත්‍රීවරු හැටියට අපි ඒකට දායක වුණා කියලා කියන්න පුළුවන්. කෙටියෙන් කියනවා නම් දූෂණයට ,පවුල් පාලනයට එරෙහිව, මුදලට, බලයට යට නොවන පිරිසක් තමයි අපේ කණ්ඩායම ඉන්නේ. මේකම ජනතාව හොඳින් වටහාගෙන තියෙනවා, අපි පහුගිය කාලේ නගර සභාවේ හැසුරුණු ආකාර දිහා බලපුවාම.  අපිට නමකුත් පට බැඳිලා තියෙනවා මීගමුව නගරය තුළ ” හතේ කල්ලිය” කියලා. එතකොට ඒ කණ්ඩායමෙන් 04 දෙනෙක් නියෝජනය කරනවා අපේ මේ ස්වාධීන කණ්ඩායම තුල. ඒ කියන්නේ දුෂණයට නාස්තියට පවුල් පාලනයට එරෙහිව කටයුතු කළ ඒ කණ්ඩායමේ 04 දෙනෙක්  ඒ කියන්නේ ඒ කණ්ඩායමෙන්  බහුතරයක් අපේ ස්වාධින කණ්ඩායම තුළ නියෝජනය වෙනවා.
දැන් ඔබ පහුගිය වතාවේ නාගරික මන්ත්‍රීවරයෙක් විදිහට කටයුතු කර තිබෙනවා නේ. 
ඔබට හිතෙන්නෙ නැද්ද දැන් අලුත් කෙනෙකුට අවස්ථාව දුන්නොත් හොඳයි කියලා.  ඔබ හිතන්නේ ඔබ මේ වතාවෙත් නාගරික මන්ත්‍රීවරයෙක් ලෙස මේ සභාව නියෝජනය කළ යුතුම කෙනෙක් කියලද ?.
මෙහෙමයි  පසුගිය වතාවේදී අපට කරන්න හැකිවුණේ විශාල කාර්යභාරයකින් එක කොටසක් පමණයි. දැන් නාගරික මන්ත්‍රීවරයෙක් වෙලා ඇවිල්ලා, ඊට පස්සේ උපනගරාධිපති වෙලා, අන්තිමට නගරාධිපතිත් වෙලා, ඒ කාලෙත් ඉඳලා ,ආයෙත් නාගරික මන්ත්‍රීවරයෙක් විදිහට සභාවට එන්න සූදානම් වෙනව. මම එදා ඉඳලා කියපු දෙයක් තමයි, එහෙම එන්නේ ජනතා සේවාවක් කරන අදහසින් නම් නෙමෙයි  කියලයි මම හිතන්නේ. මම සභාව තුළින් දැක්කේ ඒ දේ, මම ඕක සභාව තුළින් නිතර නිතර කියාපු කතාවක්. මට මෙතනදි එක දෙයක් කියන්න පුළුවන්
  ඒ තමයි අපි  පසුගිය සභා වාරයේදී අපේ කාර්යභාරයෙන් එක කොටසක් අපි ඉවර කෙරුවා.ඒ කියන්නේ දුෂණයට ,වංචාවට සහ නාස්තියට  එරෙහිව අපි කටයුතු කෙරුවා.මේක තව එක කොටසක් තියෙනවා ඒක ඉවර කරන්නට අපි මෙදා පාර නගර සභාවේ නාගරික මන්ත්‍රීවරුන් ලෙස  සිටිය යුතුයි කියලා තමයි අපි හිතන්නේ. එනිසා මේ නැතිවන්නේ තීරණාත්මකයි මොකද අර අපි කලින් කියාපු දූෂිතයෝ මෙදාපාරත් ස්වාධීන කණ්ඩායම් තුළ ඉන්නවා.ඒ වගේම ප්‍රධාන පක්ෂය තුළිනුත් ඒ දූෂිතයන්  නියෝජනය වෙනවා.

එතකොට ඒ ප්‍රධාන පක්ෂ හරහා සහ ස්වාධීන කණ්ඩායම් හරහා තමඟ කරන විදේශිකයෝ සභාව ඇතුළෙදි නැවතත් ඒකට එකතු වෙනවා. එකට එකතු වෙලා එක තැනක හිටගන්නවා.එතකොට නැවතත් අර දූෂණය , වංචාව, හොරකම වගේ දේවල් මේ සභාව තුළ නැවත ආරම්භ වෙලා හරි අපූරුවට කෙරීගෙන යනවා. හොඳම උදාහරණය තමයි මේ ස්වාධීන කණ්ඩායම් වල නායකයෝ කවුද කියලා හොඳට හොයලා බලන්න. මේ අය එළියට එන්න නැහැ. වෙන අය තමයි එළියේ පේන්න ඉන්නේ. ඒ කියන්නේ ගම් වල ඉන්න අහිංසක මිනිස්සු වාගේ අය. ඒ අයව ඉදිරියට දාලා තමයි ඡන්දේ ඉල්ලන්නේ.නමුත් ඒ අහිංසක මිනිස්සුන්ට සභාවට මන්ත්‍රීවරුන් විදිහට එන්න හම්බ වෙන්නේ නෑහැ.

මම හිටපු නාගරික මන්ත්‍රීවරයෙක් හැටියට මේ කියන්නේ, අපි දේශපාලනය කෙරුවා ඒ වගේම අපි ජනතාවට සේවාවක් කලා. අපේ ජනතාව දන්නවා ඒවා. නමුත් අපේ කටයුතු වලට දිගින් දිගටම ප්‍රහාර එල්ල කල අවස්ථා ඕන තරම් තිබුණා, ජනතා සේවයට යනකොට අපිට ජනතා සේවය කරන්න බැරි වෙන විදිහට ප්‍රතිපාදන ඇතුළු ඒ සියලු දේ කපල දාලා, නාගරික මන්ත්‍රීවරු හැටියට අපි 07 දෙනාගේ .මට මතකයි. ,ගමක තියෙන කැඩිච්ච වීදි ලාම්පුවක් හදාගන්න වත් අපිට විදිහක් තිබුණේ නෑහැ.

අපිට ඒ විදිහට ඒ ආකාරයෙන් සිද්ධ වුනත් අපි අපේ අරගලය, එහෙම නැතම අපේ සටන අපි අත්හැරියේ නෑහැ.පින් දිගින් දිගට මේ සටනේ හිටියා.මම හිතන්නේ අපේ කොච්චිකඩේ කොට්ඨාශයේ වෙසෙන මගේ ඡන්දදායකයෝ පමා ඒ තත්ත්වය හොඳින් තේරුම් අරගෙන හිටියා. මට ගොඩක් දෙනෙක් යබ් දෙයක් තමයි අපේ ගමේ ලයිට් එක නැති උනාට කමක් නෑ, ඔයා මේ සටන අත්හරින්න එපා, කියලා කියපු අය ලොකු පිරිසක් ඉන්නවා
මෙන්න මේ හේතු නිසා තමයි මට දැඩි විශ්වාසයක් තියෙනවා මෙවරත්, මගේ කොට්ටාශය ජනතාව මාව ඉහළින් ජයග්‍රහණය කරළා මීගමු මහා නගර සභාවට නැවත වරක් මාව නාගරික මන්ත්‍රීවරයෙක් ලෙස තෝරා පත් කරගනියි කියලා.

දැන් මීගමු මහ නගර සභාවට ඉදිරිපත් වී සිටින ප්‍රධාන දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් මීගමුව සඳහා  විවිධ වූ සංවර්ධක සැලැසුම් ආදිය යෝජනා කර තිබෙන බවක් පේන්න නැ   මීගමුව ගොඩනගන්න දැන් ඔබේ  ස්වාධීන කණ්ඩායමට තියෙන  සැලසුම්  මොනවාද ?

මිගමුවට ක්‍රියාත්මක කරන්න සැලසුම් කොච්චර ගෙනාවත් ඒවා අඛණ්ඩව ක්‍රියාත්මක වුණේ නෑ කියන එක තමයි මම දකින්නේ. දැන් විශේෂයෙන් මම නියෝජනය කරන කොච්චිකඩේ ප්‍රදේශයේ තිබුණ පොදු වෙළඳපොල ,ඒක තිබුණ ආකාරයෙන් ගොඩනගන්න බැරි වුනා. ඒක කඩල බිඳලා දැම්ම විතරයි, අලුත් ගොඩනැගිල්ලක් එතනට ආවේ නෑ. ඒක කඩන්න කලින් කිසිම සැලසුමක් තිබුණේ නැහැ . .

ඉස්සෙල්ලා එයාලා ගෙනාවා ව්‍යාපෘතියක්, මේකේ අරමුණ මොකක්ද කියන එක. ඒක ඉදිරිපත් කරලා මම හිතන විදිහට ජනතාව රැවැට්ටුවා.පළමුවෙන්ම කෙරුවේ ගොඩනැගිල්ල කඩලා එයාලගේ ගැත්තන්ට එයාලගේ ව්‍යාපාර කටයුතු කරගන්න පොළ භූමිය ලොකු කරලා දෙන එක තමයි කෙරුවේ. මම දැක්ක විදියට  ජනතාවට සුභ සිද්ධියක් වුනේ නෑහැ.

මම ඒ වෙලාවේ ඔය සිද්ධිය සම්බන්ධයෙන් ජනතාව සමග මම .දැවැන්තව  පෙනී සිටියා.එතනදි ඒ අයට සාධාරණයක් ඉෂ්ට වුනෙත් නෑහැ. මේ ගොඩනැගිල්ල හැදුනෙත් නෑහැ. ඇත්තටම මෙතන මූලික සැලැස්ම වෙලා තිබුණේ ගොඩනැගිල්ල හදන එකවත් වෙන දෙයක්වත් නෙමෙයි , මුදල් උපයාගැනිමේ සැලැස්මක්  තමයි එතන තිබුණේ. ඒකට මම දිගින් දිගටම කතා කළා  අන්තිමේ දී වුනේ තිබුණු ගොඩනැගිල්ලෙන් කොටසක් කඩලා, අනිත් කොටස නිකන් තිබ්බා. ඒක හරි කඩලා දාන්නේ නැතුව ඒ කොටස හරි ඉතුරු කරගන්න පුළුවන් වුන එක ලොකු ජයග්‍රහණයක් කියලායි මම හිතන්නේ. ඒක ඒ වෙළඳපොලේ ඉන්න අයත්  කියනවා.

ඇත්තටම ඒක ඒ අයට අහිමි වුණා.ඇත්තටම මේ වෙළඳ කුටි තියෙන්නේ මීගමුවේ කොච්චිකඩේ ජීවත් වෙනවට නෙමෙයි වෙන පිට ප්‍රදේශවල අයට. ඒ කියන්නේ කටහඬ දිවුලපිටියා වගේ ප්‍රදේශලාට තමයි මේ වෙළඳ කුටි දීලා තියෙන්නේ. එහෙම දුන්නෙත් එයාලගේ දේශපාලන වැඩ කටයුතු වලට .  මොකද එයාලගේ ඡන්ද පදනම හදාගන්න තමයි මේ දේවල්  කරන්නේ. මීගමුවේ පසුගිය නගර සභාවේ මේ පවුල් පාලනය නිසා තමයි මේ සියලුම දේවල් සිද්ධ වුනේ. ඉතින් මේ සියලු දේවල් ලොකු වෙනස්වීමකට ලක්විය යුතුයි කියලා අපි විශ්වාස කරනවා ඒ කොහොම වුනත් නගර සභාවෙන් සිදුවිය යුතු සියලු කටයුතු විධිමත්ව, ක්‍රමවත්ව හදන එකත් අපේ මෙවර මූලික කාර්යභාරයක්.

මීගමුව බීච් පාර්ක් එක සම්බන්ධයෙන් අද විශාල ගැටලුවක් මතු වී තිබෙනවා . ඒත් එක්කම මේ ජන බලවේග ආණ්ඩුව පත් වෙලා දැනට මාස හයක කාලයක් ගිහින් තිබුණොත් මේ බිච් පාර්ක් එක  නැවත මහා නගර සභාවට ලබා දීමට අසමත් වෙලා තිබෙනවා. මේ සම්බන්ධයෙන් ඔබේ අදහස් දැනගන්න කැමතියි ?

ඇත්තෙන්ම කියනවා නම් , ඔය බීච් පාර්ක් එක සම්බන්ධයෙන් ඇතිවුන තත්ත්වයට වගකිවයුතුවේ පවුල් පාලනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් දැමීමේ මම ඇතුළු කණ්ඩායමක්. එතනදිත් මම තමයි මූලික වුණේ. ඒකේ තීන්දුව වුනේ ටෙන්ඩර් නොකර එකම කෙනෙක් අතට යන එක. පවුල් පාලනය තමයි ඒක කළේ. ඒකට විරුද්ධව අපි ශ්‍රේෂ්ඨාධිකරණයට ගියහම ශ්‍රේෂ්ඨාධිකරණය නගර සභාවට නියෝගයක් දුන්නා මේ බිච් පාර්ක් එක ප්‍රසම්පාදන ක්‍රියාවලියක් හරහා ටෙන්ඩර් කරන්න කියලා.

හැබැයි ඒ නියෝග වලට පිටින් ගිහිල්ලා අපිට මතකයි මේ ටෙන්ඩර් එක පසුව කැඳෙව්වත් ,ඒ ටෙන්ඩර් දැන්වීම දාපු පුවත්පත මීගමු ජනතාවට බලන්නවත් අවස්ථාවක් ලැබුණේ නෑ මොකද එදා ඒ පුවත්පත මීගමේ කොහෙදවත් මිලදී ගන්න පුළුවන්කමක් තිබුණේ නෑ. ඒ කියන්නේ පුවත්පතා මීගමුවේ කොහෙවත් නෑහැ. එදා ඒ පවුල් පාලනය ඒ තරම් සූක්ෂම කපටි උපක්‍රම භාවිතා කෙරුවා, තමන්ගේ අතට මුදල් එන ක්‍රම ,තමන්ගේ අතින් ගිලිහී යාම වළක්වගන්න. එදා ඒක පුවත්පතක්වත් පත්තර කඩවල්වල තිබුණෙ නෑ සේරම පුවත්පත් ටික මේ අය සල්ලි වලට එකවරම  අරගෙන තිබුනා.

මොකද හේතුව මේ බීච් පාර්ක් එකෙන් තමයි මේ පවුල රැකෙන්නේ. මම හිතන විදිහට මේ අක්කර තුනක වපසරියක් වගේ ප්‍රමාණයක් තියෙනවා මේ බීච් පාක් එකට. ඒකෙන් වැසිකිලි පද්ධතියයි වාහන රථ ගාලයි තමයි ටෙන්ඩර් කරලා තියෙන්නෙ නගර සභාවෙන් , දැන් ඒකත් නගර සභාවට නැතුව ගියා මේ අවුරුද්දක වගේ කාලෙක ඉඳලා. ඉතුරු සේරම අප සැරිය පාවිච්චි කෙරුවේ මෙයාලා.

ඒකෙන් පුදුමාකාර විදියට ඔවුන් ආදායම් ලැබුවා. විම නගර සභාවට ලැබුණේ නෑ. එතකොට අන්තිම සභා වාරවලදී ඒ කියන්නේ මේ, අලුත් ආණ්ඩු බිහිවෙන්න මාස හය හතකට වගේ කලින්, මේ අය තේරුම් ගන්නා දැන් අපේ බලය ගිලිහිලා යන්න යන්නේ කියලා. එතකොට ඒකට ගෙනාපු කපටි කෛරාටික සූක්ෂම පියවර තමයි මේක යූ.ඩි. එකට එහෙම නැත්නම් නාගරික සංවර්ධන අධිකාරියට පැවරීම.

මොකද නගර සභාව හරහා මෙයාලට ලොකු කාලෙකට බදු ගන්න බෑ නමුත් යු.ඩී. එක හරහා පුළුවන්. ඒ වෙලාවේ හිටපු ප්‍රාදේශීය ලේකම් ලොකු අපහසුතාවයකට පත්වෙනවා. මට මේක නිශ්චිතව කියන්න බැරි උනත් මම හිතන විදිහට ඒ ටික කාලෙකට පස්සේ ඒ ප්‍රාදේශී ලේකම් හදිසියේ මිය යනවා. ඔහු මිය යන්නේත් හදිසි රෝගී තත්ත්වයක්ම හෘදයාබාධයක් වැනි රෝගී තත්වයක් නිසා නොවෙයි, එල්ලිලා  මිය යනවා. බෙල්ලේ වැල දාලා මැරෙනවා කියන එක ,මොකක්ද උනේ කියලා කාටත් සැකයක් ඇතිවුණා..

මේ ප්‍රශ්නවලට තිබුණු බලපෑම් තමයි. ප්‍රාදේශී ලේ කොම්පියතරක් නෙමෙයි කොමසාරිස්වරුන්ටත් මේ ගැන ලොකු බලපෑමක් තිබුණා . මේ ප්‍රශ්නය නිසා හිටපු කොමසාරිස්වරුන්ට මෙයාව සලකපු ආකාරය අපි සභාවේදී දැක්කා. ඒවට විරුද්ධව අපි නැගී සිටිද්දි ඒවාට විරුද්ධව අපි කතා කරද්දි අපිට ගමේ සංවර්ධනයට තිබුණු ඒ ප්‍රතිපාදන සියලු දේ  අපෙන් කපා දැම්මා. අපි ඒවාට සැලුන්නෑ අද ජනතාව තේරුම් අරගෙන තියෙනවා , අපි කරපු සේවාවත් අපි ඒ සඳහා කරපු අභියෝගාත්මක සටනත් අද ජනතාව තේරුම් අරගෙන තියෙනවා.

නමුත් අද මෙච්චර බලයක් තියෙන ජන බලවේග ආණ්ඩුවටත් මේ ප්‍රශ්නේ විසඳන්න ට බැරිවෙලා තියෙනවා. ඉතින් අපි මේ සභාවට නැවත වරක් ජනතාවගේ චන්දෙන් යන්න බලාපොරොත්තු වෙන්නේ මේ ප්‍රශ්න ටික විසඳන්න තමයි. අපේ සභාව තියෙද්දි මේ මාලිමාවේ නෙමෙයි  ඒ වෙලාවේ ජේ.වී.පී. මන්ත්‍රීවරු තමයි අපිත් එක්ක ඔය ප්‍රශ්න වලට මුහුණ දෙන්න ආවේ. එ් වෙලාවේ එයාලා  කිව්වා ඔයාලා ඉන්න තිබුණේ අපේ පැත්තේ කියලා. මම මේ වෙලා මතක් කරන්න ඕන අපි මේ ප්‍රශ්න වලට මුණ දුන්නේ අර මං කලින් කිව්වා වගේ අපේ හතේ කල්ලියි කියලා හඳුන්වපු සභාවේ හිටපු අපේ මන්ත්‍රීවරු 07. දෙනෙක්.7 තේ කල්ලිය

ඔය හත් දෙනාගෙන් එක්කෙනෙක් තමයි අද මාලිමාවෙන් තරඟ වදින සංගිත් පෙරේරා කියන මන්ත්‍රීවරයා.  මම මේ වෙලාවේ මතක් කරන්න ඕන මම ඇතුළු සංගීත් , නාමල් වේවැල්නෙිය, චාමර යන මන්ත්‍රීවරු වගේම,කාංචනා කියන මන්ත්‍රීවරියත්, ඒකම කපිල මන්ත්‍රීවරයත්, තවරුෂාන් කියන මන්ත්‍රීවරයකුත් සිටියා. මම දන්න විදිහට ඔහු මෙවර තරඟ වදින්නේ නෑ මේ පළාත් පාලන මැතිවරණයට. ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ ජන බලවේග ආණ්ඩුවට ලොකු බලයක් ජනතාව ලබා දීලා තියෙනවා.

නමුත් කොතරම් බලයක් ජනතාව ලබා දුන්නත් මේ ප්‍රශ්නය හරිහැටි නිරාකරණය කළ නිසි විසඳුමක් ලබා දෙන්න මේ ආණ්ඩුවට නොහැකි වෙලා තියෙනවා. ඉතින් ඒකෙන් අපිට කියන්න තියෙන්නේ මේ ආණ්ඩුව අසමත් කියන එක පමණයි. මොකද මේ තියෙන බලතල පාවිච්චි කරලා ජනාධිපතිතුමා ඇතුව ඇමති මණ්ඩලයට රාජ්‍ය නිලධාරීන්ට පුළුවන් මේ මේ ප්‍රශ්නය ඉක්මනින් විසඳන්න. මොකද මේවා කඩිනමින් විසඳිය යුතු ප්‍රශ්න.  මීට කලින් හිටිය කොමසාරිස් තිබුණේ ඒ කියන්නේ දැන් ඉන්න කොමසාරිස් තුමියට කලින් හිටියා තව කොමසාරිස්තුමියක් .ඇය පොඩි කාලයක් තුළදී මේක වෙනස් කරන්න සෑහෙන උත්සාහයක් ගත්තු කොමසාරිස්තුමියක්. ඒ වගේම තමයි කොහෙන් හරි ආපු හදිසි හස්තයක් ඇයව හදිසියේ ස්ථාන මාරුවක් ලබා දීලා අපේ මහ නගර සභාවෙන් ඇයව පිටත් කළා. ඉන් පසුව තමයි මේ නවක කොමසාරිස්තුමිය ඇවිත් ඉන්න ඉතින් ඇය නවක කොමසාරිස්තුමියක් හැටියට අධ්‍යයනය කරමින් වැඩි කටයුතු කරගෙන යනවා වගේ පේනවා අපිට. අර කලින් හිටපු කොමසාරිස්තුමියට  ලොකු අත්දැකීමක් තිබ්බා මීගමුව සම්බන්ධ මීගමේ දේශපාලනය මේ නගර සභාව සහ විශේෂයෙන්ම මේ බීච් පාර්ක් එක සම්බන්ධව වගේ කටයුතු කාරණා කොහොමද සිදුවිය යුත්තේ කියන එක සම්බන්ධව. ඇය හිටියේ සුළු කාලෙට මේ මේ නගර සභාවේ දූෂණය වංචාව, නාස්තිය අවම කරන්න සහ නැති කරන්න ගොඩක් කටයුතු කළ කොමසාරිස් තුමියක්

දැන් බහුතර නාගරික මන්ත්‍රීවරුන්ට මීගමුවේ තියෙන ප්‍රශ්න වලට මැදිහත් වෙන්න නොහැකි වෙලා තියෙන්නේ බොහෝ වෙලාවට  මීගමුව ගැන වගේම පළාත් පාලන නීතිය ගැන නොදන්නාකම නිසයි.දැන් මෙවර නගර සභාව සඳහාත් තරඟ වදින බොහෝ අපේක්ෂකයින් පළාත් පාලන නීතිය ගැන හෝ මීගමුව ගැන හෝ නොදන්නා පිරිසක් නේද ?

මේ ප්‍රශ්නෙට කතා කරන්න කලින් මම මුලින්ම කියන්න ඕනේ මම ප්‍රධාන පක්ෂයක ඉඳලා ඒ පක්ෂයෙන් ඉවත් වෙලා ස්වාධීන කණ්ඩායමකින් ඉල්ලන්න තීරණය කරෙත් ඔය ප්‍රශ්නය නිසාම තමයි. මොකද ප්‍රධාන පක්ෂ කීපයක් ඒ පක්ෂයෙක් නායකයන්ගේ ලොක්කන්ගේ තීන්දු තීරණවලට අපිට ඔලුව නවන්න සිද්ධ වෙනවා.මොකද ජනතාව අපිට චන්දෙ දීලත් තෝරලා යැව්වට නගර සභාවට, අපේ තීන්දු තීරණ අනුව කටයුතු කරන්න අපට අවස්ථාවක් නෑහැ, ප්‍රධාන පක්ෂයක සාමාජිකයෙක් වුනහම.  පක්ෂයේ ඉන්න නායකයෝ සංවිධායක වගේ අයගේ මතයට තමයි අපිට වැඩ කරන්න සිද්ධ වෙන්නේ. මොකද ඔය ප්‍රධාන පක්ෂවල සේරම ඉන්න දූෂිතයේ  සියලුම දෙනා එක තැනකට ආවා පහුගිය කාලේ. එජාපය පොහොට්ටුවති එක්ක එක්කාහු වුනා. පොහොට්ටුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ක එක්කහු වුනා. සියලුම දූෂිත අය එක තැනකට රොක් වුනා.

ඉතින් ඒ අය අපේ පක්ෂ වලට ආවහම අපිට අපේ පක්ෂවල ඉන්න බැරුව ගියා මොකද අපිට නගර සභාව වෙතට දූෂණය වංචාව හොරකම ගැන කතා කරන්න අවස්ථාවක් නැතුව ගියා. ඔන්න ඔය ප්‍රශ්න නිසා තමයි මම මගේම නායකත්වයෙන් ස්වාධීන කණ්ඩායමක් හදාගෙන, මීගමුව ගැන, මීගමුවේ ප්‍රශ්න ගැන, මීගම මිනිස්සුන්ට සිදුවෙලා තියෙන අසාධාරණකම් ගැන හොඳින් දැනුවත් පිරිසක් ඒ එක්කම ,පළාත් පාලන නීතිය ගැන හොඳ දැනුමක් වැටහීමක් තියෙන පිරිසක් එක්ක මම මේ ස්වාධීන කණ්ඩායම මෙවර මේ නගර සභා මැතිවරණයට ඉදිරිපත් වෙලා තියෙන්නේ. මට අනිත් කණ්ඩායම් ගැන කියනවට වඩා මට මගේ කණ්ඩායම ගැන නම් ස්ථීරව කියන්න පුළුවන් හොඳ දැනුවත් බුද්ධිමත් උගත්  ඒවගේම මහ නගර සභාවේ යමක් කතා කරන්න පුළුවන් ජනතාවට සේවාවක් කරන්න පුළුවන් පිරිසක් අපේ ස්වාධින කණ්ඩායමේ ඉන්නවා කියලා.

ලංකාවේ ප්‍රධාන ආණ්ඩු පක්ෂය ඒ කියන්නේ ජන බලවේග පක්ෂයෙන් මීගමුවට නගරාධිපති අපේක්ෂකයා ලෙස නම් කරල තියෙන්නෙ මීගමුවේ නොවන මීගමුවේ පදිංචියක් හෝ නැති පුද්ගලයෙක් කියලා කසකුසුවක් මීගමු ප්‍රදේශය තුළ බොහෝ දෙනෙකු අතර කතාබහට ලක්වෙනවා. මේ තත්ත්වය මීගමුවට සහ ජන බලවේග ආණ්ඩුවට බලපාන්නේ කොහොමද ?

ඇත්තටම කියනවනම් මේ මාලිමා ආණ්ඩු එහෙම නැත්නම් මේ ජන බලවේග ආණ්ඩුව කියලා කියන්නේ ජනතාව විශාල බලාපොරොත්තුවක් තියාගෙන තමයි මේ අයව තෝරා පත් කරලා හරි ඒ පාර්ලිමේන්තුවට. නමුත් මීගමු කියන්නේ හොඳ පුරවරයක්. හැබැයි මේ ගමට හැමදාම පිටින් තමයි මන්ත්‍රීවරු ගේන්නේ. දැන් මේ නගරාධිපති අපේක්ෂක මීගමුවේ කෙනෙක් නෙවෙයි පිටකෙනෙක් ඔහුගේ ඡන්දය ලියාපදිංචි වෙලා තියෙන්නේ කටාන ඒ කියන්නේ තිඹිරිගස්කටුවේ. එහෙම කියලා තමයි මට දැනගන්න ලැබුණේ.

ඇත්තටම ඇයි දන්නේ නැ  රජය ජනතාව අතර මෙච්චර ආකර්ෂණයක් විශ්වාසයක් තියෙන මේ වගේ ආණ්ඩු පක්ෂයක් මෙහෙම කරන්න කියලා. ඒත් එක්කම විශාල ප්‍රශ්නයක් ආණ්ඩු පක්ෂයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්  මීගමුව ට නැති එක. ඕක පහුගිය කාලේ අපේ පක්ෂෙන සිද්ධ වුණා. ඒක නිසා තමයි අපි ඒ දේශපාලන පක්ෂයෙන් අයින් වෙන්නත් මූලිකවම බලපාපු තවත් එක හේතුවක් වුණා මේකත්. මම හිටපු පක්ෂයත් සමගත් මම විතරම ඔය ගැන තර්ක කළා ඇයි මේ මීගමුවේම කෙනෙක්ව  මීගමුවට දාන්න බැරි ඇයි කියලා. හැබැයි ඉතින් අනිත් ප්‍රධාන පක්ෂය ඒ විදිහට කරද්දි මෙච්චර ජනතා විශ්වාසයක් දිනාගෙන ආපු මාලිමා පක්ෂයත් ඒ දේම කරනවනම්, මාළුවා පක්ෂත් ඒ පක්ෂ ගොඩටම වැටෙනවා.

ඒක ඉතිං නවත්තන්න බෑ. අනිත් පක්ෂයි මාලිමා පක්ෂයයි අතර වෙනසක් නැතුව යනවා. ඒක වෙනස් කරන්න ජනාධිපතිතුමා ඇතුළුවේ ඇමති මණ්ඩලය ඒ කට්ටියට පුළුවන් වෙන්න ඕන. අපි දූෂිතයන්ව ඒලෝල  පිරිසිදු දේශපාලනයක් රට තුළ ගම තුළ නගරය තුළ ඇති කරන්න තමයි පහුගිය කාලේ අරගල කරලා මේ හැමදේම සිදුවුණේ. නමුත් දැන් මෙහෙම ගියාම ඒ දූෂිතයන්ට නැවත වරක් බලයට එන්න අවස්ථාවක් ලැබෙනවා මේ ක්‍රමවේදය යටතේ,එහෙම කියලයි මට හිතෙන්නේ.

මොකද පිටින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පිටින් නගරාධිපතිවරු ගෙනල්ලා ජනතාව ඉදිරිපත් කරහම, ජනතාව හිතනවා මේ නොදන්න අඳුරන්නේ නැති පිටින් ආපු මිනිස්සුන්ට වඩා හිටපු කණ්ඩායම හොඳයි කියලා. ඉතින් දූෂිතය උනත් ගමිකමට සමහර වෙලාවට බලයට පත් කරගන්න ඉඩ තියෙනවා. තත්ත්වයෝද හොරුන්ට නැවත වරක් බලයට එන්න පාර කැපීමත් තමයි මේ කරලා තියෙන්නේ මේ මා නිමා රජයේ ක්‍රමවේදය හරහා.

එතකොට මල්ලි මාව ප්‍රධාන ආණ්ඩු පක්ෂයේ තේමාව,දූෂණය භීෂණය හොරකම වගේ දේවල් නැති කරනවා කියන ඒ තේමාව මෙතැනදී බිඳ වැටිලා හොරුන්ට නැවත වරක් මේ මේවට එන්න අවස්ථාව පාර කපලා දීලා තියෙනවද ඒක තමයි මට කියන්න තියෙන්නේ. ඉතින් මාලිමාව  මේ සම්බන්ධව ඉක්මන් තීරණයක් කඩිනම් තීරණයක් ගත යුතුයි කියලා මම නම් හිතන්නේ.

දැන් මීගමුවට නගරාධිපතිවරයෙක් පත් වෙනවා නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් පත්වෙනවා ඔහු මීගම ගැන හොඳින් දන්න මේ ගමේ හතර කොන හඳුනන ජනතාවගේ සිතුම් පැතුම් ප්‍රශ්න ගැටලු හඳුනන හොඳ ජනතා නායකයෙක් වෙන්න ඕනේ. මොකද මේ වගේ තත්ත්වයක් තුළ විශාල ජනතා අප්‍රසාදයක් ඇති වෙන්න පුළුවන් ආණ්ඩුව ගැන. එහෙම උනොත් ජනතාව මේ ආණ්ඩුව මේ මාලිමා පක්ෂය ජනතාවගේ ආකර්ෂණය ගිලිහෙන්න පුළුවන් ඉතාමත්ම කෙටි කාලයක් තුළ. එහෙම වුනොත් ඒක විශාල ප්‍රශ්නයක් වෙනවා රටේ දේශපාලන පැවැත්මටත් .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here