17 රැළියට ප්‍රසන්න නෑ ?

0
50

අනිද්දා (17දා) දින කොළඹ හයිඩ් පිටියේදී පවත්වන ඒකාබද්ධ විපක්ෂයේ රැලිය සඳහා ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු ප්‍රසන්න රණතුංග මහතා සහභගි නොවන බව ශ්‍රි ලංකා මිරර් වෙබ් අඩවිය දක්වා සිටි. ඔහු හා ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතා යුරෝපයේ රැස්වීම් මාලාවකට එක්වීම සඳහා යුරෝපයේ සංචාරයකට පිටත්ව ඇති හෙයින් යැයිද එහි සදහන්ය.

ජර්මනිය, ඉතාලිය, ප්‍රංශය ඇතුළු රටවල් කිහිපයක මෙම රැස්වීම පැවැත්වීමට නියමිතය.

ඔවුහු නැවතත් 31 වැනිදා යළි දිවයිනට පැමිණීමට නියමිතය/
කෙසේ වෙතත් ඒකාබද්ධ විපක්ෂය විසින් බැසිල් රාජපක්ෂ ව එහි නායකයෙකු ලෙසින් පිලිගැනිමට කර ඇති සුදානම පරාජය කළ යුතුයැ යි යන්න බහුකරයකගේ අදහසයි.
ප්‍රසන්න රණතුංග වැන්නන් පවා බැසිල්ගේ මේ ආගමනය ගැන සිටින්නේ නොසතුටින් යැයි වාර්තා වේ.

Home