17 හැවිරිදි තරුණයා දඩුගම් ඔයට පැන ජීවිතයෙන් සමුගනියි…

0
63

ජුනි 26 වන අගහරුවාදා  17 හැවිරිදි තරුණයෙකු දඩුගම් ඔයට පැන සිය දිවි හානිකරගත් පුවතක් ජා ඇල  ප්‍රදේශයෙන්වාර්තා වේ.   දේශලත් ධිනුකා  මධුවත සොයිසා නමැති මෙම තරුණයා  ජාඇල ඒකල ප්‍ර ෙද්ශයේ පදිංචිකරුවෙකි. මොහු  තුඩැල්ල ක්‍රිස්තුරාජ විද්‍යාලයේ අධ්‍යාපනය හදාරා උසස් පෙළ හැදෑරීමට සුදානම්ව සිටි ශිෂ්‍යෙකි. මිය යන විට සීදුව ප්‍රෙදේශයේ  දියමන්ති ආයතනයක පුහුණු රැකියාවක නියැලී ඇත.  ලබන ජුනි 30 වනදාට ඔහුගේ උපන්දිනය වෙනුවෙන් සූදානම් ව සිටි අතරතුර මෙම අවාසනාවන්ත සිදුවීමට ඔහු මුහුණ දී ඇත.  මෙලෙස සියදිවි හානිකර ගැනීම සදහා යම් පුද්ගලික හේතුවක් බලපාන්නට ඇති බවට සැකයක් මතුවී ඇති අතර මෙම තරුණයා වොලිබෝල් හා ක්‍රිකට් ක්‍රීඩාවට දක්ෂ ක්‍රීඩකයෙකු බවද වාර්තාවේ.